FEEDBACK

විජය නම් වූ ඔහු

මෙවර ප්‍රතිචාර තීරය වෙන් වන්නේ අසහාය නළු විජය කුමාරතුංගයන් උදෙසායි. ඔහුගේ 24 වැනි ගුණානුස්මරණය ඉකුත් 16 දාට යෙදී තිබිණ.

තම ජාතියට පමණක් නොව වාද බේදවලින් තොරව සියලු සත්ත්වයන්ගේ සාමය, සමාදානය, සතුට සහ විමුක්තිය උදෙසා ඇප කැප වී ක්‍රියා කළ මානව දයාවට දිරි දුන් විජය කුමාරතුංග සහෘදයාණෙනි, ඔබ හට අමා මහ නිවන් සුව අත්වේ යැයි බැතිබර හදින් ප්‍රාර්ථනා කරමි.

සිරිසේන ලොරෙන්සුහේවා - වැලිගම.

විජය අපව අතැර ගොසින් වසර ගණාවක් ඉක්ම ගියද ජීවත්ව සිටි විජයට වඩා සමුගෙන ගිය විජය අසීමිත ලෙස අප හදවත් වෙලා ගෙන ඇති වග පවසන්නේ තෙත්ව ගිය දෑසින් යුතුවය.

සබඳ අදත් ඔබෙන් හිස් වූ රංගනයෙහි අසුනේ වාඩිවීමට තවම සුදුස්සෙක් බිහි වී නොමැත.

කමලා සෙනෙවිරත්න

හෝකන්දර දකුණ.

ඔබ අපෙන් සමුගෙන දිගු කලක් ගත වුව අද මෙන් ඔබ පිළිබඳ මතකය සිතට දැනේ. කෙදිනකවත් අමතක නොවන මතකයක් වේද ඒ ඔබ ගැන මතකයයි.

සුපුන් සඳසේ දිලුන ඔබේ ශෝභමාන මුවමඬල දයා කරුණාවෙන් පිරුණ ඔබේ හදවත සිත් මන්මත් කර වූ රඟ ශොභාව ගැඹුරු ලයාන්විත කටහඬ මේ හැම දෙයකින් පිරිපුන් මිනිසෙකු වේ නම් ඒ ඔබම පමණි. විජය, ඔබ මිය ගියේ නැත. තවමත් ඔබ සුවහසක් රසිකයන් අතර ජීවමානය.

රංජනී අමරසිංහ - වල්පොළ.

මානව හිතවාදී විජය, ඔබ මේ අමනුස්සයන්ගෙන් පිරුණු මේ ලෝකයෙන් ගිය එක හොඳයි. ඔබ හොඳ ලොවක ඉපිද මේ ලොව දෙස බලා සිටින්න.

ඩී. බී. කුලතුංග

පූගොඩ.

මින් වසර විසි හතරකට පෙර සිනමා රසික සිත් අමන්දානන්දයට පත් ජනප්‍රිය නළුවෙකු, ගායකයෙකු, කලාකරුවෙකු මෙන්ම ඊටත් වැඩි මානව හිතවාදියකු වන විජය කුමාරතුංගයන්ගේ රුව සහ හඬ තවමත් අප අතර සදාතනික සනිටුහනකි.

යුගයක් එකලු කරමින් සමස්ත සිනමා ක්ෂේත්‍රයේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කරමින් රඟපෑම, ගායනය මෙන්ම දේශපාලනය විජයට අහසින් වැටුණු හෝ පැරිෂුට් මඟින් දායාද කළ උරුමයක් නොවේ. එම ත්‍රිත්වය කාලාන්තරයක් පුරා විජයගේ ශරීරයේ නිධන්ගතව තිබෙන්නට ඇත. එය ‘ඇෙඟන්’ ආ හුරුවක් නිසා සහජ දක්ෂතාවයක් ලෙස පිළිබිඹු විය. විජය බාල, තරුණ, මහළු මෙන්ම සෑම සියළු ක්ෂේත්‍රයන්, ජන සමාජයන් සමඟම සිත් දිනා ගැනීමට සමත් වූයේ ඔහු මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් බඳු වූ නිසාය.

මහර

සරත් ලියනගේ

අනුන් දුක දැක සදා සසැලුන

සිත නිවූ භක්තිමත් හදවත
සිත් රිදෙන රවටන වදනකින්
වෛරයේ බස් නොදී සනහන

ඉදිරි දැක්මෙන් ලොව දකිනයුර
බුහුටි ලෙස දනට නැගූ මුව
සඟව ගත්තේ කිසිත් නොමැතිව
කියූ දේ නොඅලස්ව ඉටු කළ
සුව ශ්‍රමය යස ඉසුරු කැප කර
ගැහැට දරමින නොවිඳී පරිදිම
අනුන් සහනය තකා වෙහෙසුන
මතුවෙවී අයගෙන් දිලේ නුඹ
එළිය හඳුනන සෑම හදකම


වප් මාසයේ හිමිදිරියේ උපන් ඔබ
දිරිය මවගෙ සුරතල් පුතු කුමරු ඔබ
දැයේ මහිමයට පින්වත් වූ හිරුයි ඔබ
සිනමා තිරයට රස කැන්දූ පැමිණි ඔබ

ආසිරි චාමර සලමින් රඟ දුන්නු
පෙම් සිතුවම් තිර පොකුණෙහි ජනිත කෙරූ
හිරු කිරණින් මනරම් වූ රැගුම් මැවූ
විජය කුමරු ඔබ අපගේ හද රැන්දූ

ලාලනී රේණුකා වික්‍රමසිංහ

මාවතගම,

කුරුණෑගල.


සුපිපි සුවඳ දී පරවන කැලෑවේ
මිණිකැට වැසූ කාලයේ වැලිතලාවේ
ඒ හැම පුබුදුවා ඔබ කළ කලාවේ
ඉඳිකඩ වැසුවෙ ඇයි දිවි මංතලාවේ

සජීවනී දමයන්ති- උයන්ගොඩ, කඹුරුපිටිය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව