සිංහළ සිනමා විස්තරය

එදා මෙදාතුර තිරගත වූ සිංහල කතානාද චිත්‍රපට පිළිබඳ පරිපූර්ණ විස්තරයක් කොටස් වශයෙන් පළ වෙයි

මා හේනේ රීරි යකා

තිරගත වූ දිනය – 1971 දෙසැම්බර් 22

නිෂ්පාදනය – අනිල් ද සොයිසා ජයසූරිය, කිත්සිරි නිහාල් ජයසිංහ

තිර නාටකය, දෙබස් සහ අධ්‍යක්ෂණය – කිත්සිරි නිහාල් ජයසිංහ

කතාව - එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිඳුන් විසින් රචිත ‘ද හොරර් ඔෆ් ද මාහේන’ කෙටි කතාව ඇසුරිනි. මෙය වේදිකා නාට්‍යයක් ලෙසින්, චිත්‍ර කතාවක් ලෙසින් ද ඉදිරිපත් කර ඇත.

සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය – එස්. වී. චන්ද්‍රන්

කැමරා අධ්‍යක්ෂණය – එස්. තේවේන්ද්‍ර

නිෂ්පාදන සහ ප්‍රචාරක කළමනාකරු - නලින් විජේසේකර

සංගීත අධ්‍යක්ෂණය - ෂෙල්ටන් ප්‍රේමරත්න

ගීත – චිත්‍රපටය සඳහා එක් සමූහ ගීතයක් ඇතුළත් විය.

නළු නිළියන් -

වොලී නානායක්කාර (ආනන්ද ලිවේරා ලෙස)

මාලිනී ෆොන්සේකා (ලීලා ලිවේරා ලෙස)

පියදාස ගුණසේකර (ජෝන් රත්සිංහ ලෙස)

විජේරත්න වරකාගොඩ (රිචඩ් පෙරේරා ලෙස)


නිධානය

තිරගත වූ දිනය – 1972 පෙබරවාරි 03

ඉදිරිපත් කිරීම - සිලෝන් තිියටර්ස්

නිෂ්පාදනය – ඊ. ඇන්තනි පිල්ලේ (ලංකා චිත්‍රාගාරය)

අධ්‍යක්ෂණය – ලෙස්ටර් ජේම්ස් පීරිස්

සහාය අධ්‍යක්ෂණය – උපාලි පෙරේරා

කතාව - ජී. බී. සේනානායක (මෙතුමාගේ කෙටි කතාවක් ඇසුරිනි)

තිර රචනය හා දෙබස් - තිස්ස අබේසේකර

කැමරා අධ්‍යක්ෂණය – එම්. එස්. ආනන්දන්

සහාය කැමරා - තල්පේ කුමාරසිංහ / එච්. මාටින් / කේ. ගනේෂන්

සංස්කරණය - ලෙස්ටර් ජේම්ස් පීරිස් / එඩ්වින් ලීටින්, ග්ලැඩ්වින් ප්‍රනාන්දු සහාය එම්. පී. රූපසේන

අංග රචනය - රෙජී ද සිල්වා

සහාය- වී. සරවන බාවා

කලා අධ්‍යක්ෂණය – ජේ. ඒ. වින්සන්

සහාය - ලයනල් සිල්වා

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

සහාය - ඩී. එච්. පුංචිහේවා

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

රසායනාගාර - සී. මහේන්ද්‍රන්, ඒ. අයි. ජොහාර්

නිශ්චල ඡායාරූප – මාටින් පෙරේරා

විදුලි කාර්මික – ඩී. සිරිසේන පෙරේරා

ගීත - මෙම චිත්‍රපටයට ගීත ඇතුළත් වූයේ නැත

නළු නිළියන්:

ගාමිණී ෆොන්සේකා (විලී), මාලිනී ෆොන්සේකා (අයිරින්) සමන් බොකලවල ((ජූලියස්), ප්‍රැන්සිස් පෙරේරා (ජුවානිස්) මාපා ගුණරත්න (දොස්තර), ශාන්ති ලේඛා (අයිරින්ගේ මව) ට්‍රිලීෂියා ගුණවර්ධන (දුල්ෂි), ටී. ශ්‍රියානන්ද දේවිකා කරුණාරත්න, ලලිත් ආනන්ද සොයිසා තිලකසිරි ප්‍රනාන්දු ( දියෝනිස්), ජේ. බී. එල්. ගුණසේකර ( විලීගේ පියා) තලතා ගුණසේකර (නැනී), කුමාරසිංහ අප්පුහාමි (ගුරුන්නාන්සේ) කේ. එල්. කොරනේලිස් (විලීගේ සහෝදරයා) විජේරත්න වරකාගොඩ (සිල්වා), බැරී වයිටිංටන්ග් (ජී. ඒ.) ස්ටැන්ලි ද සිල්වා, රොබෙකා ආනොල්ඩා , ශාන්ත රාමනායක, ක්‍රිස් ග්‍රීට් කල්යාණි රාමනායක, ඈන් ග්‍රීට්


සහනය

තිරගත වූ දිනය – 1972. 03. 01

ඉදිරිපත් කිරීම - සෙවන් ආට්ස් චිත්‍රපට

නිෂ්පාදනය – බැප්ටිස් ප්‍රනාන්දු, ගාමිණී ෆොන්සේකා, ප්‍රේම් ජයන්ත්

අධ්‍යක්ෂණය කැමරාව, තිර රචනය - ජේ. සෙල්වරත්නම්

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි, ඩබ්ලිව්. ඩී. අමරදේව

සහාය අධ්‍යක්ෂණය - ෂර්ලි පී. විජේරත්න

කලා අධ්‍යක්ෂණය – ඩී. එස්. හෙට්ටිආරච්චි

වේශ නිරූපණය - ඩී. ඩී ඇන්තනි, කේ. සුබ්බයියා

කතාව, දෙබස්, ගීත රචනය – ධර්මසිරි ගමගේ

පසුබිම් ගායනා - ඩබ්ලිව්. ඩී. අමරදේව

සැකසුම – විජය චිත්‍රාගාරය, හැඳල

ගීත:

සිහින නෙළුම් මල ජීවිත පොකුණේ

සරා සැකි කප් සුවහස් පෙරුම් පුරා

රසායනාගාර කටයුතු - විජය චිත්‍රාගාරය, හැඳල

නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා (පියල්), මාලිනී ෆොන්සේකා (රූපා) බැප්ටිස් ප්‍රනාන්දු (බේබි මහත්තයා), රුක්මණී දේවි , ශාන්ති ලේඛා, මාක් සමරනායක, දෙනවක හාමිනේ, එච්. ආර්. ජෝතිපාල,සෝනියා දිසානායක, කල්යාණවතී පෙරේරා

සීමාසහිත සිනමාස් සමාගමට අයත් ගාමිණී, සැෆයාර් ඇතුළු සිනමා ශාලා 20 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරැඹීය. මෙහි මංගල දර්ශනයෙහි ආරාධිත අමුත්තා වූයේ ටී. බී. ඉලංගරත්න මැතිතුමාය.


වැහිලිහිණි

තිරගත වූ දිනය – 1972 මාර්තු 15

නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, කතාව, තිර රචනය, කැමරාව සහ අධ්‍යක්ෂණය - චන්ද්‍ර එස්. පෙරේරා

දෙබස් රචනය සහ සහාය අධ්‍යක්ෂණය – ධර්ම ශ්‍රී කාරියවසම්

කලා අධ්‍යක්ෂණය - කපිල ජයසේන පීරිස්

වේශ නිරූපණය – රෝහණ මුදන්නායක

නාමාවලිය – දයා කරුණාරත්න

නිෂ්පාදන කළමනාකරු - ඒම්ස් අධිකාරි

සංගීත අධ්‍යක්ෂණය - ශාන්ති ගීතදේව

( ගීතදේවයන් සංගීතවත් කළ ප්‍රථම සහ එකම චිත්‍රපටය)

ගීත ගායනය – නාලිනී රණසිංහ, ශාන්ති ගීතදේව

ගීත ප්‍රබන්ධය - ධර්ම ශ්‍රී කාරියවසම්

ගීත:

ජීවිතේ වැලිකතරේ – ශාන්ති ගීතදේව

වැහිලිහිණියෝ අහසේ සරති – නාලිනී රණසිංහ

සඳට හොරා සඳ මුදුනෙන් හාවෝ ගියා - ශාන්ති ගීතදේව

නළු නිළියන්:

සුසිලා ජයන්ති පෙරේරා, දෙනවක හාමිනේ, තිමොති පොන්මේබ්‍රින්ක්, ජී. ඒ. ධර්මවර්ධන, පී. ජී. ධනවර්ධන, ඒම්ස් අධිකාරි, රාණි ගුණවර්ධන

මේ සමඟින් ‘මනසක ගැටුමක්’ නමැති පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටය ද පෙන්වන ලදී.

සිලෝන් තියටර්ස් ප්‍රදර්ශන මණ්ඩලයට අයත් සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය විය.


සිතිජය

තිරගත වූ දිනය – 1972 මාර්තු 29

ඉදිරිපත් කිරීම – ජී. ටී. සී. චිත්‍රපට සමාගම

නිෂ්පාදනය – එස්. ඩී. පී. පෙරේරා

කතාව හා අධ්‍යක්ෂණය - සරත්චන්ද්‍ර හේරත්

දෙබස් හා තිර රචනය – වේහැල්ලේ පියතිලක

සහාය අධ්‍යක්ෂණය - ජෝ ලිවේරා

කැමරා අධ්‍යක්ෂණය – නිමල් වීරසූරිය

කලා අධ්‍යක්ෂණය - කොල්වින් සෙට්ටිනායක

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

(ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)

ගීත ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව

කවි ගායනය – නිලා වික්‍රමසිංහ / ටී. එම්. ජයරත්න

ගීතය – රන් බෝපත් සැලෙන හඬින් – ඩබ්. ඩී. අමරදේව

නළු නිළියන් -

රංජිත් පෙරේරා, සුජීවා ලලි, කාන්ති ලංකා, ජීවනී පෙරේරා, වේහැල්ලේ පියතිලක, ෂෙල්ටන් පීරිස්, ප්‍රැටික් ජයමාන්න, එඩී ජූනියර්, මියුරි සමරසිංහ, පර්ල් වාසුදේවි

මේ සමඟින් කාන්ති ලංකා විසින් නිපද වූ ‘ශුද්ධ වූ දේශය’ නම් කෙටි චිත්‍රපටයද පෙන්වන ලදී.

මංගල දර්ශනය මරදාන එල්ෆින්ස්ටන් හි පැවැති අතර, සිලෝන් තියටර්ස් සමාගමට අයත් සිනමා ශාලා 14 කදී ප්‍රදර්ශනය ඇරැඹීය.

සිනමා ශාලා:

එල්ෆින්ස්ටන් – මරදාන, රොක්සි - වැල්ලවත්ත, එමෙස් – මොරටුව, වේල්ස් - මහනුවර, මහලේකම් – කුලියාපිටිය, ගැමුණු - වත්තල, ඉම්පීරියල් - කුරුණෑගල, ඉම්පීරියල් - පානදුර, නන්දා – ජාඇල, නැෂනල් - මහරගම, රීගල් - මීගමුව, ක්වීන්ස් - ගාල්ල, පබ්ලික්හෝල් - ගම්පහ, ශ්‍රීී ලංකා - වෙන්නප්පුව

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව