අර්ජුන් ගෙන් පැන විසඳුම්

ඉහළ වීරකොඩියානේ සුනිල් ශාන්ත දිසානායක

ගාමිණී ෆොන්සේකා අවසන් වරට අධ්‍යක්ෂනය කළ චිත්‍රපටය කුමක්ද?

අන්තිම රැය

මුදුන්ගොඩ රේමන් ලියනගේ

ඉන්දියාවේ තිරගත වූ මුල්ම දෙමළ චිත්‍රපටය කුමක්ද?එහි රඟපෑවේ කවුරුන්ද?

චිත්‍රපටය 1931 වසරේ තිර ගත වූ කාලිදාස්. එහි .පී.වෙන්කටේසන්,ටී.පී.රාජලක්ෂ්මී,එල්.වී.ප්‍රසාද් රඟපෑවා.

මොරටුවේ උමංගා ද සිල්වා

වේදිකා නාට්‍ය ගීත පොත් වෙළඳ පොලේ තිබේද?

ටවර් රඟහල පදනමෙන් ඒ පිළිබඳ විමසන්න.විජේරාම මාවත,කොළඹ 07. එහි ලිපිනයයි.

මොරටුව මොරටුවැල්ල හිලරි සිරිලාල් ද සිල්වා

වනමෝහිනි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක කවුද?

දක්ෂිනමූර්ති

කුරුවිට ප්‍රේමරත්න හෙට්ටිආරච්චි

කලකට ඉහත ගුවන් විදුලියෙන් හඳමාමා වැඩ සටහන ඉදිරිපත් කළ ලැම්බට් පෙම්මාවඩු මහතා දැන් කෝ?

තව නොබෝ දිනකින් එතුමා හඳ මාමා පනස් වැනි වසර සපුරන්නට යන බව ආරංචියි.

 

ගම්පොල පල්ලෙවෙල විජය ඉලංගකෝන්

උඩරට මැණිකේ සහ මංගලිකා යන චිත්‍රපට දෙකටම පාදක ව ඇත්තේ එකම කතාවද?එය එසේවූයේ කෙසේද?

ඔව්. මේ චිත්‍රපට දෙකටම පාදක වූයේ කල්ලතූර් කන්නම්මා නම් දෙමළ චිත්‍රපටයයි.එවකට සිලොන් තියටර්ස් සමාගම මගින් බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න ලවා මංගලිකා නමිනුත් සිනමාස් සමාගම එම්.මස්තාන් ලවා උඩරට මැණිකේ නමිනුත් චිත්‍රපට දෙකක් රූ ගැන්වූවා.

එහෙත් එයින් හරි අඩක් පමණ රූ ගන්වද්දී අනාවරණයවූයේ මේ චිත්‍රපට දෙකම එකම කතාවක් කොපි කරන බව.

එවිට සිදුවූයේ ඉතා ඉක්මනින් තිර ගත වීම සඳහා චිත්‍රාගාර දෙකම දිවා රෑ නැතිව වැඩ කොට චිත්‍රපට දෙකම තරගයට නිම කිරීම.

මේ අතරින් මංගලිකා 1963 ජූලි 26 වැනිදාත් අනිත් චිත්‍රපටය එයින් දිනකට පසුත් එනම් 27 වැනිදා ත් තිර ගත කරවීම.

කොළඹ ග්‍රැන්ඩ්පාස් විමල් රණසිංහ

ලංකාවේ නිපද වූ මුල්ම දෙමළ චිත්‍රපටය සමුදායම් ද?තෝට්ටක්කාරි ද?

සමුදායම් චිත්‍රපටය වුවත් එය නිපද වූයේ මිලිමීටර් 16 ප්‍රමාණයෙන්.

රනාලේ එච්.ඒ.ජයසේන

තිර ගත වූ සිංහල චිත්‍රපට අතරින් සීදේවි සිට සක්විති දඩයම දක්වා චිත්‍රපට 223 ක්ම නම් කර ඇත්තේ 'ස" අක්ෂරය මුල් කරගෙනයි.එයට හේතුවක් තිබේද?

එයට එකම හේතුව එම අක්ෂරයෙන් නම් තැබීම සුබ වනු ඇතැයි සමහරු විස්වාස කිරීමයි.

පානදුර ගගුලේ රත්නසිරි අමරසේකර

කලක් අතිශය ජනප්‍රිය ගුවන් විදුලි ගායකයන්ව සිටි ආර්.ශිවනන්ද සහ වී.වර්ධරාජා දැන් කෝ?

මේ දෙදෙනාම ජීවතුන් අතර නැහැ.

වෙන්නප්පුව වියානි ගුණවර්ධන,නිලන්ත ගුණවර්ධන කටුනේරිය සුජීව ප්‍රනාන්දු

ප්‍රවීන නිළි උදුලා දාබරේ රඟ පෑ චිත්‍රපට මොනවාද?

කැලෑ හඳ,වරද කාගේද,රදල පිළිරුව,දොස්තර,දුප්පතාගේ දුක,දස්කම,ගැහැනු ගැට,නළඟන,පිරිමියෙක් නිසා,සුවිනිත ලාලනී,දරුවා කාගෙද,සුලලිත සෝබනී,සුබ සරණ සැප සිතේ,සැකය,සීගිරි කාශ්‍යප,කපටිකම,මනමාලයෝ,සරණ,අක්ක නගෝ,දැන් මතකද,හිතුවක්කාරයෝ, චන්ඩි සිරියා,රන් දිය දහර ඇතුළු චිත්‍රපට රැසක ඇය රඟපෑවා.

කල්දෙමුල්ලේ එම්.ෆ්‍රෙඩී ප්‍රනාන්දු

1936 වසරේ තිර ගත වූ පළිගැනීම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කවුද?

සී.දොන් එඩ්වඩ්

කඳාන කොස්පැලෑන ආර්.ඩී.සෝමසිරි

සුනිල් ආරියරත්න ගේ කුස පබා චිත්‍රපටයේ පූජා උමාශංකර් වෙනුවෙන් හඬ කවන්නේ කවුරුන්ද?

හිමාලි සයුරංගි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව