වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




කළු හිම හෙට තිරයට

උපාලි ගම්ලත් සිනමාවට හඳුන්වා දෙමින්
කළු හිම හෙට තිරයට
සම්පූර්ණයෙන්ම නේපාලයේ රූගත කළ ලාංකේය චිත්‍රපටයක්

අපූරු ආදර කතාවක් ඇතුළත් කරමින් නවක සිනමාකරුවකු හඳුන්වා දෙමින් උපාලි ගම්ලත් අධ්‍යක්ෂණය කළ කළු හිම සිනමාපටය අද සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ආරම්භ වේ.

අයිරාංගනී සේරසිංහ, නිරෝෂන් විජේසිංහ, සුබුද්ධි ලක්මාලි, කාවිංග පෙරේරා, සුලේඛා ජයවර්ධන, ටිරාන් වික්‍රමසූරිය, ගයනි ගිසන්තිකා,හැරී විමලසේන, ජයන්ත අමරසිංහ, කපිල ගුණතිලක, උදිත රණසිංහ, ශකීරා ගුණවර්ධන මෙහි චරිත මවති.

නීතිඥ වජිරා රාජපක්ෂ කළු හිම නිෂ්පාදනය කොට තිබේ. වජිරා මෙයට පෙර උත්තරා චිත්‍රපටයේ නිෂ්පාදිකාව වෙයි. උපාලි නිර්මාණය කළ ගුරු ගීතය ළඟදී තිරයට එනු ඇත.


සුළඟ අප රැගෙන යාවි
ආසියා - පැසිපික් උලෙළේ අවසන් වටයට

ලන්ඩනයේ ජීවත්වන ලාංකිකයකු වන නුවන් ජයතිලක නිර්මාණය කළ සුළග අප රැගෙන යාවි සිනමාපටය 58 වැනි ආසියානු පැසිෆික් සිනමා උලෙළේ 2018 ඕඥඵබ ඉබධපර අංශයෙන් අවසන් වටයට තේරී පත් වී ඇත. මෙහිදී සම්මාන 28 ක් උදෙසා ආසියා පැසිෆික් කළාපය නියෝජනය කරන නිර්මාණකරුවන් තරඟ වැදීමට නියමිත අතර ලොව පැරැණිතම සිනමා උලෙළක් වන මෙය පළමුවරට 1954 වසරේදී තෝකියෝවේදී ආරම්භ විය. ඉන්දියාව, ජපානය, තායිවානය, බංග්ලා දේශය, වියට්නාමය, ඉරානය, ඉන්දුනීසියාව සහ හොංකොං ආදී රටවල සිනමා නිර්මාණයන් මෙම උලෙළේදී තරග වදියි. ලොව ප්‍රකට සම්මාන උලෙළේදී ජයග්‍රහණය ලැබූ සිනමා නිර්මාණයන් පවා මෙහිදී තරග වැදීමට නියමිතය. සුළඟ අප රැගෙන යාවි නැසීගිය සම්මානනීය කලාකරු සයිමන් නවගත්තේගමගේ දියණි මායා නවගත්තේගමගේ නිෂ්පාදනයකි.


නොමිලයේ සංගීත පංති

පහේ ශිෂ්‍යත්වයට මුහුණ දුන් දූ දරුවන් වෙනුවෙන් නොමිලයේ සංගීත පංති මාලාවක් ආරම්භ කොට තිබේ. ගායනය මෙන්ම ගිටාර, කීබෝඩ්, වයලීන්, බටනලා සහ තබ්ලා යන වාදන භාණ්ඩ පුහුණුව ද මේ සඳහා අන්තර්ගතය. හෝමාගම, පන්නිපිටිය, බොරැල්ල, බොරලැස්ගමුව, මොරටුව ප්‍රදේශයන්හි පැවැත්වෙන මෙම පංති මාලාවට සම්බන්ධවීමට කැමැති අය වෙතොත් 0717964036 යන අංකයට ඇමතුමක් ලබා දී වැඩි විස්තර ලබාගත හැකිය. මෙම පාඨමාලාව මෙහෙය වනුයේ සංගීත විශාරද බුද්ධික විතානගේ විසිනි.