|
මල්පෙති යට සැඟවුණු සදාදර රෝයිමහත්මයා මම මේ දවස්වල ටාසන් ද අපේ මෑන් කියලා ටෙලිනාට්‍ය සීරිස් එකක් පටන් ගන්නවා.මට පොඩි නිව්ස් එකක් දාලා දෙනවද ? හැබැයි මට ඕනෑ අඟුටුමිටි කණ්ඩායමක්. බැරිද ඒ ගැනත් පත්තරේ දාලා කෙනෙක් හොයලා දෙන්න අපේ ප්‍රවීණ සිනමාවේදියකු වූ රෝයි ද සිල්වා ඒ ගැන මට පැවසුවේ බොහෝ කලකට ඉහතය.ඒ අවදියේ සරසවිය කර්තෘධුරය දැරුවේ කවරෙක්දැයි මට හරියටම මතක නැතත් එය අනුර බණ්ඩාර රාජගුරු හෝ සුසිල් ගුණරත්න අවධිය යැයි මම සිතමි.එකල සිනමා ප්‍රවෘත්ති ලියන ලද්දේ මවිසිනි. රෝයි අයියා එඩිටර්ට කියන්න.මම ලියලා දෙන්නම්.ඒක නෙමෙයි ඕකේ අගුටු මිට්ටෙකුට මාව තෝරා ගන්ඩ බැරිද ? රෝයි අයියාගේ උත්තර ගැන දන්නා මම ඇසුවෙමි. කොහොමද යෝධයෝ උඹව අඟුටු මිට්ටෙකුට තෝරා ගන්නේ ? රෝයි අය්යා ඇසුවේය. “ඇයි උසම අගුටුමිට්ටා හැටියට“ මම පැවසුවෙමි.සාමාන්‍යෙයන් අපට රස කතා කියා සිනාසන රෝයි අයියා හක හක ගා සිනාසුණේය. යකෝ ඕක මරු කතාවක්නේ ඔහු ටාසන් ද අපේ මෑන් නම් කර තිබුණේ අමුතු ක්‍රමයකටය.ලංකාවේ ද රූප ගත කළ ටාසන් ද ඒප් මෑන් චිත්‍රපටය ටාසන් චිත්‍රපට මාලාවේ මහත් ආන්දෝලනයකට මග පෑදුවේ එහි ජේන් ලෙස රඟපෑ බෝ ඩෙරික් ගේ අඩ නිරුවත් ජවනිකා නිසාය.එඩ්ගා රයිස් බරෝස් ගේ ටාසන් කතාමාලාවේ තැනුණු එකම වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටය එය විය.රෝයි අය්යා එය නරඹන්නට ගොස් තිබුණේ එම්පයර් සිනමාහලටය.චිත්‍රපටයේ පෝස්ටරය කියවන රසිකයෙකු එය උච්චාරණය කළ අයුරු රෝයි අය්යා ගේ මතක කොනක තිබිණ.ඉංග්‍රීසියෙන් චනඥ (ඒප්) කියා ලියන කොටස අපේ රසිකයාට කියැවුණේ අපේ යනුවෙනි. ටාසන් ගැන හදන ටෙලි වෘත්තාන්තයට ටාසන් අපේ මෑන් යැයි නම් වුණේ එහෙමය. එහි පුදුමය නම් රසිකයාගේ අපූරු කියමන රෝයි අයියා අවුරුදු ගණනාවක් හිතේ තියාගෙන සිටි එක ගැනය.රෝයි අයියා ටෙලි නාට්‍යය හදන්නේ මා පුවත්පතට එක් වී අවුරුදු පහළොවකට පමණ පසුවය.එහෙත් ඔහු චිත්‍රපටය නරඹා අර කතාව අසන්නේ මා උසස් පෙළ හදාරන සමයේය.ටාසන් දි ඒප් මෑන් නරඹන්නට ගොස් එය වැඩිහිටයන්ට පමණක් සීමා වූ නිසා මට එවර චිත්‍රපටය නරඹන්නට නොහැකි විය.සිනමාහලේ කළමනාකාරිත්වය මට ප්‍රවේශ පත්‍ර නිකුත් කළේ නැත.මේ මතක වත මා ලියන්නේ රෝයි ගේ හාස්‍යෙය් මැවුණු ඉස්තරම් කම කියා පෑමටය.ඔහු සිනාසෙන්නට මග පාදා ගන්නේ අපේ මිනිසුන්ගේ හැටියටය.ඔහු දන්නා හඳුනන මිනිසුන් ගේ සිද්ධි හරහාය.රෝයි අය්යා ගේ සිනහවේ තිබුණු සංකේතය එය විය. රෝයි ද සිල්වා යනු ලාංකික සිනමාවේ පනස් වසරක් කප් ගැසූ මිනිසෙකු විය.ඔහු සිනමාවට පිවිස ජීවත්වූයේ සිනමාවෙන්මය.නළුවකු ලෙස සිනමාවට පිවිස සහාය අධ්‍යක්ෂවරයෙකු තිර රචකයෙකු නිෂ්පාදකයෙකු අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු විවිධ මාදිලියෙන් සිනමාව ඔප කළේය.පසුව ටෙලිවිෂනය ට ද එක් වුවත් ඔහු සිනමාවට මුල් තැන දුන්නේය.චකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ළිදමුලගේ රෝයි ඇලෝෂියස් ෆීලික්ස් ද සිල්වා උපන්නේ 1937 වසරේ අගෝස්තු මස තිස් වැනි දිනය. මේ වසරේ ජූනි මස 30 වැනි දින අපෙන් සමුගත්තේය.මිය ගොස් තුන් මස පිරෙන්නේ අදටය.ජීවත්ව සිටියා නම් අදට අවුරුදු අසූ එකකි.එහෙම සිටියා නම් සැලසුම් කළ පරිදි උපුල් ගුරුගේ රචනා කළ රෝයිගේ ජීවිත කතාව අඩ සියවසක සදාදාර රෝයි එළි දැක හෙට ඔහු අතට පිරි නැමෙනු ඇත.එහෙත් ජීවිතය යනු එලෙස සැලසුම් කොට රේල් පීල්ලක තබා නොවරදින අයුරෙන් ගමන් කරන්නක් නොවේ.එබැවින් එම පොත ඔහුගේ සෙවණැල්ල මෙන් දශක හතරක් මුළුල්ලේ සිටි සුමනා අමරසිංහට පිරි නැමෙනු ඇත.රෝයි සමග සිටි මිතුරෝ ඔහු නැතුව වුව ඒ කටයුතු ඒ ආකාරයෙන්ම සැලසුම් කර ඇත්තේය. මාතලේ යටවත්තේ උපත ලබන ඔහු හත් දෙනෙකුගෙන් සමන්විත පවුලේ සිවු වැනියාය.යටවත්ත පාසලෙන් පසු මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ද එයින් පසුව කොළඹ ශාන්ත ජෝශප් විදුහලින් ද ඉගෙනුම ලබන රෝයි ද්වි භාෂා උගතෙකි.එබැවින්ම ඔහු සිංහලෙන් මෙන්ම ඉංග්‍රිසියෙන් ද චිත්‍රපට නිර්මාණය කළේය.සිංහලෙන් තැනූ චිත්‍රපට තිස් දෙකක් තිර ගත කළ අතර තවත් දෙකක් තිර ගත වීමට නියමිතව තිබේ.ඉංග්‍රිසියෙන් තැණුනු චිත්‍රපට දෙකකි.සහමුලින්ම මෙරට නිෂ්පාදකයෙකු යටතේ තැනුණු මුල්ම ඉංග්‍රිසි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ රෝයි විසිනි. රෝයි ද සිල්වා සිනමාවට පිසෙන්නේ වෙනත් රස්සාවක් කරන්නට බැරි නිසා නොවේ.ඔහු රංගනයට පෙම් බදින්නේ සිනමා නළුවෙකු වීමේ සිහින දකිමිනි.ඔහුගේ සගයා වන ෆ්‍රෙඩී සිල්වා ද එහෙමය.ළමා වියේ දී දෙදෙනා එක් වී මොරටු පුරවරය රත් කරමින් කළ දඟකාර වැඩ සිනමාවේ ද ප්‍රති නිර්මාණය කරනු අපට පෙනුණ අවස්ථා එමටය.පවුලේ සාමාජිකයන් සමග එක්ව මව විසින් රඟදක්වන ලද දුෂ්ට කුඩම්මා නාට්‍යෙය් මනප්පු ට රඟපෑ රෝයි තරුණ වියට එළැඹෙත්ම ප්‍රේම් ජයන්ත් මෙන් කොණ්ඩය පීරන්නටත් ස්ටැන්ලි පෙරේරා මෙන් උඩු රැවුල තබන්නටත් ප්‍රිය කළේ සිනමා නළුවකු ගේ සිහින දකින තරුණයෙකු හැටියටය.ගම් පළාතේ රෝයි පතල ව සිටියේ ගායකයෙකු ලෙසය.ගිටාර් වාදකයෙකු ලෙසය. කඳානේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයට සොහොයුරො චිත්‍රපටයේ චරිතයක් ඉල්ලා ගෙන පාසල් ඇඳුමෙන් සැරසී ගිය ඔහුව නිෂ්පාදක නායගම් පන්නා ගත්තේය. සුජාගේ රහස චිත්‍රපටයෙන් සිනමාවට පිවිසෙන්නට වරම් ලැබුව ද එසේ නොවන්ට ඔහු නළුවකු වනුයේ කුරුලු බැද්ද චිත්‍රපටයෙනි.වාසනාවට හෝ අවාසනාවට කුරුලු බැද්දේ රගපෑමේ වරම අහිමි වුවද ඔහු සිනමාවට එක්වීමේ වරම වෙනුවෙන් වෙහෙසුණේය.ඒ වන විට ඔහු කන්ද උඩරට තැපැල් ස්ථානාධිපතිවරයෙකු ලෙස රජයේ රැකියාවක නිරතව සිටියේය.රජයේ රැකියාව ද සිනමාව ද යන දෙකින් එක තෝරා ගන්නා විට ඔහු තෝරා ගත්තේ සිනමා නළුකමය.එතැන් පටන් මිය යන තුරුම රෝයි සිනමාවේම ජීවිතය ගෙව්වේය.1964 වසරේ සිට ඔහු සිනමා වේ නියැළි දිවි පෙවත අවුරුදු පනස් හතරකි.ඔහුට මුල් චිත්‍රපටය එනම් සුජාගේ රහස රඟපාන්නට වරම් ලැබනුයේ වෙනත් කිසිවකු නිසා නොව එවතට දකුණු ඉන්දියානු චිත්‍රපට වල ජනප්‍රිය නළුවකු වන ජයශංකර්ගේ පෙනුම නිසාය.අධ්‍යක්ෂ පී.නීලකන්ටන්ට අවශ්‍ය වූයේ ද එයයි.සුජාගේ රහස චිත්‍රපටයෙන් රෝයි ලා දෙදෙනෙකු සිනමාවට පිවිසියේය.එකෙක් අපේ ද සිල්වාය.අනෙකා හඳපාන්ගොඩය.මේ දෙදෙනාට අමතරව තවත් රෝයි කෙනෙක් දර්ශන තලයේ සිටියේ ලු.ඒ චිත්‍රපටය රූප ගත කළ නිවසේ බල්ලාය.උගේ නමත් රෝයි විය. නළුවන් දෙදෙනාගේ නම කියන කළ එයටත් වඩා සැරෙන් බල්ලා දිව ආ බව කටේ තොලේ නොගැවි පසුකලක අපට පැවසුයේ ද රෝයි ද සිල්වාය.ඔහුට මුල් යුගයේ රඟපාන්නට ලැබුණු බොහෝ චිත්‍රපට හරහා සිනමාකරුවන්ට අවශ්‍ය වුයේ දකුණු ඉන්දියානු සිනමා නළුවන්ගේ ගති ලක්ෂණයන්ය.රෝයි එයට අනුගත වුවාට ඔහුට ම ආවේණික ලක්ෂණ ගොඩ නැංවුවේය.ඔහුට ඒ හපන් කම කරන්නට වරම් ලැබුණේ සිනමාවේ සිය දෙවැනි ගුරුතුමා ලෙස හැමදාම බුහුමනට ලක් කළ ජෝ දේව් ආනන්දටය.ඒ සුනේත්‍රා චිත්‍රපටයෙනි.වීර පෙම්වතා,ආදරණිය පෙම්වතා ට අමතරව අපේ සිනමාවට කොමඩි හීරෝ මතුවුණේ සුනේත්‍රා හරහාය.සුනේත්‍රා නිර්මාණය වූයේ සී.වී.රාජේන්ද්‍රන් ගේ වීට්ටුකු වීටු නම් දෙමළ චිත්‍රපටය ඇසුරෙනි.එහි ප්‍රධාන චරිතය රගපෑවේ ද ජෙයශංකර්ය.එහත් ජෝ දේව් ආනන්ද් සුනේත්‍රා හරහා දෙමළ චිත්‍රපටය අභිබවා යන කාරණා දෙකක් ගොඩ නැංගුවේය.එකක් සුනේත්‍රා චිත්‍රපටය ට ගැයුණු ගීතයන්ය.ඒ ගලගෙදර එම්.එම්.ඒ හක් සමගය.දෙවැන් ජයශංකර් නොව තමා රෝයි ද සිලවා නම් අනන්‍යතාවෙන් පෙනි සිටිය හැකි රූපණ ශිල්පියාය.ජෝ දේව් මේ දෙදෙනාම යොදා ගෙන එයට පෙර අති සාර්ථක ලෙස ගීතා සහ සුජීවා නමින් චිත්‍රපට දෙකක් නිර්මාණය කළ ද ඒ සියල්ලට වඩා ඉදිරියෙන් සුනේත්‍රා විය.එපමණක් නොව ඒ වන විට හතර පෙරළිය චිත්‍රපටයේ දී මුල් වරට මුණ ගැසුණු රෝයි ද සිල්වා සුමනා අමරසිංහ යුවළ ලාංකික සිනමාවේ තචත් තරු යුවළක් බවට පත් කරන ලද්දේත් සිනමාවේ පමණක් නොවි සැබෑ ජීවිතයේත් යුවළක් බවට පත් කරන්න්ට මුල පිරුවේත් සුනේත්‍රාය. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ රෝයි සුමනා යුවළ කරට කර කැපි පෙනෙන යුවළක් වූහ.1972 වසරේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව පිහිටුවීමේ කාර්යයෙහිලා වෙහෙසුණු නළු නිළි ගොන්නේ මේ දෙදෙනාම කටයුතු කළහ.රෝයි හා සුමනා සිනමාවේ මෙන්ම සැබෑ ජිවිතයෙත් වඩාත් ලෙංගතු යුවළක් ලෙස රෝයිගේ මරණයෙන් කෙළවර වන තුරුම ජීවත් වූහ.රෝයි සුමනා යුවළගේ ජනප්‍රියත්වය එලෙසම තිබිය දී සිනමාවේ ස්වර්ණමය යුගය ඇද වැටිණ.ඒ අසූව දශකය එළැඹෙන සමය වන විටය.1977 වසරේ දී රෝයි තව පියවරක් ඉදිරියට තබමින් ටොම් පචයා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ කලක් තම සිනමාවේ සිහින කුමරා වූ ස්ටැන්ලි පෙරේරා සමගය.එය අති සාර්ථක පියවරක් විය.වයස හතලිහට ආසන්න වද්දීත් තම තරුණ පෙනුම එලෙසම රැක ගත් රෝයි හෙමිහිට තමන්ට ගැලපෙන චරිත සොයා ගියේය.දයා විමලවීරගේ මිහිදුම් සිහින චිත්‍රපටයේ සින්නාගේ චරිතය ඔහු එතෙක් මෙතෙක් කළ විශිෂ්ටතම චරිත නිරූපණයක් ලෙස හදුන්වා දීම යුක්ති සහගතය.මේ වන විට ඔහු සිනමා නළුවෙකුට වඩා සිනමාකරුවෙකු වීමේ අභිලාෂයෙන් කටයුතු කළේය.එය කැපී පෙනුණේ තණගිරවි චිත්‍රපටය හරහාය.එතැන් පටන් ඔහුගේ වැඩි අවධානය යොමුවූයේ චිත්‍රපට අධ්‍යක්ෂණයටය.එච්.ආර්.ජෝතිපාලයන් නිපද වූ එකම චිත්‍රපටය වන සුමිතුරෝද රෝයි ගේ චිත්‍රපටයකි.එපමණක් නොව මෙරට සිනමාවේ පැවැති ප්‍රධාන සමාගම් ලා ගැනෙන සිලෝන් තියටර්ස්,සිනමාස් හා ඊ.ඒ.පී.යන සමාගම් තුනටම චිත්‍රපට අධ්‍යක්ෂණය කිරිමේ වරම රෝයි ට හිමිවිය.ප්‍රධාන පෙලේ නිෂ්පාදක වරුන් වූ තිලක් අතපත්තු මෙන්ම බුද්ධි කීර්තිසේන ද රෝයි ගේ අධ්‍යක්ෂණයෙන් චිත්‍රපට නිපද වූහ. ඒ අතර ඔහු තවත් චිත්‍රපට කිහිපයකම රගපෑවේය.ඒ අතරින් වඩාත්ක කැපී පෙනන චිත්‍රපටයක් වනුයේ යසපාලිත නානායක්කාරගේ චායා මායා චිත්‍රපටයයි.පසුකලක රස සාගර හමැවූ යසපාලිතගේ චිත්‍රපට රැසකම රෝයි චරිත මැවුවේය. ලාංකික සිනමාව බින්දුවටම වැටුණු අනූව දශකයේ දී රෝයි කිසිවකු නොසිතන වැඩක් කළේය.ඒ විකට චිත්‍රපට රැසක් නිර්මාණය කරමිනි.තිලක් අතපත්තු වෙනුවෙන් චෙරියෝ චිත්‍රපට මාලාව ද සෝමා එදිරිසිංහ වෙනුවෙන් රෑ ඩැනියෙල් චිත්‍රපට මාලාව ද තැනූ රෝයි සිනමාවේ මාස්ටර් බ්ලාස්ටර් ලෙස හඳුන්වන්නට පටන් ගත්තේය.සිනමාහල් වල මකුළු දැල් බැඳ කිසිවකු හෝ සිනමාහල් කරා නො ඇදුණ ඒ සමය රටේද යහපත් වාතාවරණවක් නොවිණ.එහෙත් රෝයි ගේ සිනමා වට්ටෝරුව මිනිසුගේ දුක්ඛ දෝමනස්ස පා කර හරින්නට සමත් විය.ඔහු එහි භාවිතා කළ හාස්‍ය ඔහුගේම අත්දැකීම් හා ඔහුගේම යාංහෑලි ඔස්සේ නිර්මාණය වීම වැදගත් කරුණකි. සිනමාකරුවකු පමණක් නොව රෝයි ද සිල්වා යනු හිත හොඳ මිනිසෙකි.ඔහු කිසි කහටක් නැතුව කා සමගත් සිනාසුණි.ඔහු පවසන රස කතා අසන්නට අපි ඇළුම් කළෙමු.හැමවිටම හාස්‍යෙයන් පසුවූ රෝයි ද සිල්වා ජීවිතයේ අවසන් අවදියේ දුකින් කල් ගත වූ බව නොකියාම බැරිය.සිනමාවේ ඉහල පෙළ නළුවකු වුව ද ප්‍රිය භාර්යාවක් සිටිය ද රෝය්ගේ සිත සසළ කළ කාරණාව කුමක්ද ? එකක් විදෙස් ගත ව සිට ආපසු පැමිනි අතරතුර සිය පිය බිරිද සුමනා අසනීප වීමය.සුමනා හා ඔහු අතර පැවැති සැබෑ ආදරය බොහෝ දෙනාගේ ඇසට කඳ්‍රළක් ගෙනාවේය. අනෙක් කරුණ ඔහු විසින් නිර්මාණය කළ චිත්‍රපට යුගලක් තිරගත වීම ප්‍රමාදවීමය.කලාකරුවෙකුට කවර නම් බුහුමනක් ලැබුන ද වඩාත් ලැබිය යුතු බුහුමන වනුයේ ඔහු කළ කීදේ සමාජ ගත කිරීමෙන් ලබන්නා වූ සතුටට එය සම කළ නොහැක.කලක සිනමාවේ මාස්ටර් බ්ලාස්ටර් ලෙස නිෂ්පාදකවරුන්ගේ සාක්කු මුදලින් පිරවූ රෝයි ද සිල්වා මේ ඉරණමට ගොදුරු වූයේ කවර නම් සරදමක් ලෙසට ද? රෝයි අයියා යනුවෙන් අපේ ආදරයට ලක් වූ ඔහු මිය ගොස් තෙමස සපිරෙන මොහොතේත් අපට සිහි වනුවේ ඔහු වෙනුවෙන් ජෝතිපාලයන් ගැයූ ගීයකි. මලට මුවා වී ඉන්නේ මල්පෙති යට සැඟවෙන්නේ රෝයි ද සිල්වා මල් පෙති යට සැගව ගියේයැයි සිත සදා ගත යුකතුව ඇත |