වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




තිළිණිගේ මුහුණු පොත පිරුණු හැටි

තිළිණිගේ මුහුණු පොත පිරුණු හැටි

නව පරපුර නියෝජනය කරමින් සරසවිය සම්මාන උලෙළට පැමිණි කෙනකු තමයි තිළිණි පෙරේරා. ඇයව එනමට වැඩිය මුතුකුඩ මැණිකේ කිව්වමයි බොහෝ දෙනකු දන්නේ. තිළිණි සරසවිය උලෙළට එන්න විශේෂ ඇඳුමකුත් මැහැව්වා. ඒ විතරක් නෙවෙයි ඊට ගැළපෙන්න කොණ්ඩා මෝස්තරයකුත් දැම්මා. එතරම්ම උනන්දුවෙනුයි ඇය ඊට සහභාගි වුණේ. ඇයගේ සුන්දරත්වය නිසාම අප ඡායාරූප ශිල්පීහු බොහෝ දෙනකුගේ අවධානයට ඇය පාත්‍ර වුණා. ෆොටෝස් ගණනාවකටත් තිළිණි පෙනී සිටියා. ඇය දැන් මොකද දන්නවාද කරන්නේ. තිළිණි ඒ ෆොටෝ ටික ඔක්කොම එකතු කරගෙන එකින් එක මූණු පොතට ඇතුළත් කළා. මේ වන විට තිළිණිගේ මූණුපොත පුරාම තියෙන්නේ සරසවිය උලෙළේ ගත් ඡායාරූප පමණයි.