වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය

නිළි රැජණ රංගප්‍රාප්තියේ ස්වර්ණ ජයන්තිය

ආචාර්ය මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකාගේ සිනමා දිවියට 50 වසරක් සපිරීමෙන් පසුගිය දින ඇයට උපහාර පිදුමක් සිදු කරන ලදී. ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය යන මහත්වරු එදින ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූහ. මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා පිළිබඳ ප්‍රධාන දෙසුම පැවැත් වුයේ සමස්ත ඉන්දියානු විචාරක සංගමයේ ආචාර්ය සෝමා චැටර්ජි සහ සිනමාවේදී අශෝක හඳගම විසිනි. ඇය වෙනුවෙන් කැලණි විශ්ව විද්‍යාලයෙන් විශේෂ සම්මානයක් හා ආචාර්ය මාලිනී ෆොන්සේකා උපහාර කමිටුව ද විශේෂ සම්මාන පිදුමක් එදින සිදු කළ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මාලිනියට විශේෂ තිළිණ ප්‍රදානයක් සිදු කරන ලදී. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.