වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




මගේ පළමු ලිපියත් පළමු සම්මානයත්  සරසවියෙන්

මගේ පළමු ලිපියත් පළමු සම්මානයත් සරසවියෙන්

Saheli Sadithma Satharasinghe

ඇය තවමත් කෙළි පැටික්කියකි. එහෙත් පුංචි වයසකදීම ඈ විශිෂ්ට රංග ප්‍රතිභාවක් ඇත්තියක් බවට සනාථ කොට හමාරය. සහෙළි බන්ධනය සිනමාපටයේ රඟපෑවේ දෙගිඩියාවෙනි. හොල්මන් චිත්‍රපටවලට ඈ කොහොමත් බයය. කෙසේ හෝ සහෙළි බන්ධනය රංගනයෙන් හැඩ කෙරුවාය. එම චරිතය නිසා අවසනදී සහෙළි සරසවිය සම්මානලාභිනියක් බවට පත් විය.

සහෙළි සදිත්මා සතරසිංහ.

ඇය තවමත් කෙළි පැටික්කියකි. එහෙත් පුංචි වයසකදීම ඈ විශිෂ්ට රංග ප්‍රතිභාවක් ඇත්තියක් බවට සනාථ කොට හමාරය. සහෙළි බන්ධනය සිනමාපටයේ රඟපෑවේ දෙගිඩියාවෙනි. හොල්මන් චිත්‍රපටවලට ඈ කොහොමත් බයය. කෙසේ හෝ සහෙළි බන්ධනය රංගනයෙන් හැඩ කෙරුවාය. එම චරිතය නිසා අවසනදී සහෙළි සරසවිය සම්මානලාභිනියක් බවට පත් විය.

උදය මාමා බන්ධනය චිත්‍රපටය ස්ක්‍රිප්ට් එක මට පෙන්නුවෙවත් නැහැ. අම්මයි තාත්තයි තමයි බැලුවේ. ඒ දෙන්නත් ඒක කියවලා බය වෙලා තිබුණා. ඒ නිසා තමයි දෙන්නම මට පිටපතවත් පෙන්නන්නෙ නැතුව චිත්‍රපටයට යැව්වේ.

සහෙළිගේ සුරතල් හඬ අවදි වුණේ එහෙමයි. ලැබුණු සම්මානය ගැනත් ඇයට කියන්න දේවල් ගොඩක් තියෙනවලු.

සම්මානෙ ගොඩාරියක් බරයි. මට තනිවම උස්සගන්නත් අමාරුයි. විහිළුවක් හොඳේ කළේ. සරසවිය පත්තරේ තමයි මට ගොඩාක් උදවු කළේ. මගේ පළමුවැනි ආර්ටිකල් එකත් දාලා දීලා මං ගැන ගොඩාක් අයට හඳුන්වා දුන්නා. චිත්‍රපටයක් සඳහා මට ලැබුණු පළමුවැනි සම්මානෙත් සරසවිය සම්මානයක්. ඒකටත් සතුටුයි. කියන්න වචන නැහැ. ගෙදර ඇවිත් අම්මයි තාත්තයි එක්ක සම්මානෙ සතුට බෙදා ගත්තා. කෝල් කරලා ඉස්කෝලේ මැඩම්ටත් කිව්වා මං දැන් සම්මානනීය ළමා නිළියක් කියලා. එයාලනෙ මට නිතර උදව් කරන්නේ. ඉස්කොලෙත් දැන් තවත් සපෝර්ට් කරයි මගේ රංගනයට.

ආ . . . ඒ වගේම මාව බන්ධනය චිත්‍රපටයට ගත්තු උදය මාමාටත්, මාව උදය මාමාට හඳුන්වා දුන් සුජාතා ඇන්ටිටත් ස්තුති කරනවා.

කොහොමද මේ දවස්වල රඟපෑමේ කටයුතු?

මේ දවස්වල රඟපාන්න එපා කිව්වා අම්මා ශිෂ්‍යත්වෙ නිසා. දැන් නම් ඒක ඉවරයි. ප්‍රියන්ත කොළඹගේ මාමාගේ නාට්‍යයට කතා කරලා තියෙනවා. ඒක කොටස් හැටක නාට්‍යක්ලු. ලබන සතියේ ඒකෙ ෂූටිං.

ආයෙත් බන්ධනය වගේ චිත්‍රපටයකට කතා කළොත් යනවද?

හොල්මන් එකකට ද, බලමු බලමු. අම්මයි තාත්තයි තමයි පිටපත් බලලා මාව ඒවට යවන්නේ. එයාලා කියන්නේ වෙනස් විදිහේ හොඳ නිර්මාණවලට විතරක් ගියොත් ඇති කියලා.

සහෙළිව ගොඩක් දෙනෙක් හඳුනනවා ඇති?

ඉස්කෝලේ නම් නොදන්න කෙනෙක් නැහැ. මගදි එහෙමත් සමහරු කතා කරනවා. මගේ පුංචිත් නිළියක්නෙ. එයගේ නම ධනංජි තාරුකා. අම්මගෙ නංගි.

සහෙළිගෙ පාසලත් මතක් කරමු?

කොළඹ සංඝමිත්තා විදුහල.

මේ දවස්වල හඬ කැවීම් වැඩ කටයුත්තක් නිසා සහෙළි තවත් කාර්යබහුල වෙලා.

ඔව් අනේ. නෙත් එෆ්. එම්. එකේ සත්‍යා නාට්‍යයේ හඬ කවනවා. ඒකෙ සත්‍යා මම තමයි.

සහෙළිගෙ මව ඉමානි කළුආරච්චි. පියා වසන්ත සතරසිංහ. ඇයට ඉන්නවා පුංචි නංගියෙක්. ඇය සිතුලි සතරසිංහ. මේ අයවත් සහෙළි මතක් කළේ බොහොම ආදරයෙන්.