|
තව පොඩ්ඩෙන් ගස් නෙවෙයි මාව ගෙදර එලවලයි පස්ස බලන්නේසුපුන් භාග්‍යා වීරකෝන්
ස්වාධීන රූපවාහිනියේ සුපුන් සඳ කියලලු ඇයට හැමෝම කියන්නේ. මේ විරුදාවලියට වැඩිපුරම බලපාලා තියෙන්නේ ඇගේ නම සුපුන් ලෙසටයි ඇගේ මවුපියන් ඇයට නම තියලා තියෙන්නේ. ඒ නම අහපු ගමන් මතක් වෙන්නේ කොල්ලෙක්ව. තමන්ගේ නමේ ඇති ගැටලුව නිසා ඇතැම් අවස්ථාවලදී නම තහවුරු කොට තමන් මිස්ටර් සුපුන් නොව මිස් සුපුන් ලෙස නිවැරිදි කරන්නට සුපුන්ට දිවුරුම් ප්‍රකාශ පවා ඉදිරිපත් කරන්නට වෙලා. කෙසේ වෙතත් අයි. ටී. එන්. නාළිකාවේ ප්‍රවෘත්ති මැදිරියේ සුපුන් සුපුන් සඳක් වගේ බැබලි බැබලි ප්‍රවෘත්ති කියනවා. වයසටත් වඩා වැඩියි ඇගේ හැකියාව නම්. මම සුපුන් භාග්‍යා වීරකෝන් යනුවෙන් හඳුන්වා දෙමින් එලෙස ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නියව අද අපි සරසවියට කැඳෙව්වා මෙන්න මෙහෙම. මං ගැන හඳුන්වලා දුන්නා වැඩි ද මන්දා. සුපුන් ලැජ්ජාවෙන් සිනාසුණා. මේක තමයි මගේ ෆර්ස්ට් ආර්ටිකල් එක. සුපුන් ආයෙමත් කියවනවා. මං මොනවා හරි වැරැදි දෙයක් කිව්වොත් හදල දාන්න අයියේ. ඇයව හරි යන්නේ නිවේදනයටම තමයි. මොනවද අයියේ මුලින්ම කියන්න ඕන. මං ෆීල්ඩ් එකට ආව විදිහ කියන්නද. මං අහන්න හිටියෙත් ඔය ප්‍රශ්නයම තමයි. ඒකනෙ. මෙන්න මෙහෙමයි මං නිවේදනයට ආවෙ. දෙදහස අට වසරේ මං නිලාර් එන්. කාසිම් මහත්මයා ගාව නිවේදනය පිළිබඳ ඉගෙන ගත්තා. එතෙන්දි දැන හඳුනගත්තා ටී. ඩී. කේ. ජයන්ත මහත්මයාව. ඔහු මාව විදුර ළමා ගුවන් විදුලියට සම්බන්ධ කළා. දෙදහස් අටේ ඉඳලා දෙදහස් දහ හත වෙනකම් මං ගුවන් විදුලියේ හිටියා. විවිධ වැඩසටහන් කළා. හොඳ අත්දැකීම් ටිකකුත් ලබා ගත්තා. ඒ අතරතුරදි ගස් යන වැඩක් කරලා තියෙනවා නේද? අපොයි ඔව්. හොඳම වැඩේ මෙන්න මේකයි. මං මයික් එකත් ඔන් කරගෙන එහා පැත්තේ හිටපු කෙනෙක් එක්ක වල්පල් කියවලා. මං දන්නෙ නැහැ එවලෙ මයික් එක ඔන් කරලා කියලා. ෆෝන් ලයින් එකේ හිටපු රසිකයෙක් තමයි මටත් කිව්වේ. තව පොඩ්ඩෙන් ගස් නෙවෙයි මාව ගෙදර එලවලයි පස්ස බලන්නේ. ඔබ ස්වාධීන රූපවාහිනියට එන්නේ කොහොමද?
ගුවන් විදුලියේ ඉන්න ගමන් මට ආරංචියක් ආවා අයි ටී එන් එකට නිවේදක නිවේදිකාවෝ ගන්නවා
කියලා. මටත් වඩා මගේ අප්පච්චිටයි දැඩි වුවමනාව තිබුණේ මාව රූප මාධ්‍යයට යොමු කරන්න.
මීට කලින් අවස්ථා කිහිපයකදීම රූප මාධ්‍යයට එන්න උත්සාහ කළා. ඒත් හරි ගියේ නැහැ. මේ
සැරේ පුළුවන් වුණා. නිවුස් කියන්න හා හා පුරා කියලා අසුනෙ වාඩි වෙද්දි මොකද හිතුණෙ? මේ අවුරුද්දේ අප්‍රේල් නවය තමයි මං මුලින්ම ප්‍රවෘත්ති කිවවේ. ඇත්තටම අයියේ එදා නිවුස් රූම් එකේ අසුනේ වාඩි වෙද්දී මට ඇඬුණා. ඒත් අධිෂ්ඨානය අරගෙන පුළුවන් උපරිමයෙන් ප්‍රවෘත්ති කිව්වා. ඒක නෙවෙයි දන්නවද වැඩක්. ඒ මොකක්ද? අප්පච්චිටනෙ මාව වැඩිපුරම ටී වී එකෙන් දකින්න වුවමනාව තිබුණේ. ඉතින් එයා මං එදා ප්‍රවෘත්ති කියනවා කියලා මුළු ගමටම කියලා. එදා ගමම මාව දකින්න ඇති. මෙච්චර වෙලා කතා කර කර හිටියා ගම කොහෙද කියලා කිව්වේ නැහැ? මං පොල්ගහවෙල. ගමේ ඉස්කෝලෙන්මද අධ්‍යාපනය හැදෑරුවේ? ඔව්. පොල්ගහවෙල ශාන්ත බර්නදත් සහ පරාක්‍රමබාහු යන විදුහල්වලින් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. සුපුන්ගේ උපන් දිනය? 1992 මාර්තු 20. සුපුන් කියන්නේ පිරිමි ළමයෙක් කියලා හැමෝම වගේ හිතනවා? සහතික ඇත්ත. මගේ නම සුපුන් වුණේ කොහොමද කියලා එහෙනම් මං කියන්නම්කො. මං හම්බු වෙන්න ඉද්දි මගේ අම්මලා බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ පුතෙක්. සුපුන් කියන නම තියන්නත් හිතාගෙන ඉඳලා තියෙනවා. ඒත් හම්බ වුණේ කෙල්ලෙක්නෙ. හිතාගෙන හිටපු නම නොවෙනස්ව මට තියලා. ඔන්න ඔහොමයි මං සුපුන් වුණේ. මොනවද අනාගත බලාපොරොත්තු? වෙනස් දෙයක් කරන නිවේදිකාවක් වීමයි එකම බලාපොරොත්තුව. ඒ අතරේ නීතිඥ හීනයකුත් තියෙනවා. මේ වෙලාවේ මගේ අම්මා රූපා පතිරණ, මගේ අප්පච්චි තිස්ස ජයන්තවයි බොහොම ආදරයෙන් මතක් කරනවා. අයි. ටී. එන්. එකේ සුරවීර සර්වත් මතක් කරන්න ඕනෑ.
|