වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




සොබා සොඳුරු සිරි මෙලොවේ දැක ගන්නට ආ යුතු වේ

සොබා සොඳුරු සිරි මෙලොවේ දැක ගන්නට ආ යුතු වේ

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය සංගීත පීඨයේ ව්‍යවහාරික සංගීත හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ 2018 - අවසන් වසර විද්‍යාර්ථින්ගේ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ සමුච්චයක් 2018 අගෝස්තු මස 1 වැනි දින සවස 03.00 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය ආචාර්ය ලයනල් එදිරිසිංහ ශ්‍රව්‍ය දෘෂ්‍ය ශ්‍රවනාගාරයේ දී තෙවෙනි වරට එළිදැක්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය උප කුලපති මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා සහ ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිනමා, රූපවාහිනී, සංගීත සහ මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම නිර්මාණ එළිදැක්වීම සිදු කෙරෙනු ඇත.

ව්‍යවහාරික සංගීත හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අධ්‍යයනය විෂය හැදෑරූ 2018 අවසන් වසරේ විද්‍යාර්ථින්ගේ නිර්මාණ 15 ක් මෙහිදී එළිදැක්වීමට නියමිත අතර පිළිවෙළින් ගීත දෘශ්‍යකරණ (මඪඤඥධ ඵධදඨඵ) අටක් සහ කෙටි චිත්‍රපට (ඵඩධපබ ටඪතථඵ) හතක් එහි අන්තර්ගත වේ. ආදරය, යෞවන ප්‍රේමය, විරහව, මව්පිය සෙනෙහස, දේශාභිමානය, අනුකරණය, පරම්පරා ගැටුම වැනි මාතෘකා මෙම ගීත දාශ්‍යකරණ සහ කෙටි චිත්‍රපට සඳහා මාතෘකා ලෙස තෝරා ගෙන ඇත.

2008 වර්ෂයේ ආරම්භ කරන ලද ව්‍යවහාරික සංගීත හා ජනසන්නිවේදන අධ්‍යනාංශය, වර්ෂ 2018 ට දස වසරක් සම්පූර්ණ කිරීමත්, එම කාල සීමාව තුළ ප්‍රාසංගික කලාවේදී (විශේෂ) උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටව ගිය ආදි විද්‍යාර්ථින් කණ්ඩායම් හයක් අතරින් දහඅට දෙනෙකු ජාතික හා අන්තර්ජාතික වශයෙන් ඇගැයුමට හා බුහුමනට ලක්ව ඇති අතර එම ආදි විද්‍යාර්ථින් පිරිස අප විශ්වවිද්‍යාලය මඟින් සෞන්දර්ය අභිමානී ලෙස අභිසෙස් ගැන්වීම මෙවර කඥචපඵ ) ඡ්රඥඵ නිර්මාණ එළිදැක්වීම උළෙලේ විශේෂත්වය වනු ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයීය අනුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනය 2005 වසරේ දී පූර්ණකාලීන විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනයවීමෙන් අනතුරුව ව්‍යවහාරික සංගීත අධ්‍යයනාංශය නමින් හැඳින් වූ අප අධ්‍යයනාංශය වසර පහක් ඇවෑමෙන් 2010 දෙසැම්බර් මස 29 වෙනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ අති විශේෂ ගැසට් පත්‍රය 16/86/22 ට අනුව එදින පටන් ව්‍යවහාරික සංගීත සහ ජන සන්නිවේදන අධ්‍යනාංශය නමින් සංශෝධනය කරන ලදී. එතැන් සිට අප අධ්‍යයනාංශයේ අධ්‍යන කටයුතුවල ස්වාභාවය සහ ඉලක්කය පුළුල් ක්ෂේත්‍රයකට අවතීර්ණ විය. එමඟින් ප්‍රධාන සංගීත සම්ප්‍රදායන් (පෙරදිග සහ අපරදිග) සහ ලෝකයේ භාවිත විවිධ සංගීත ශෛලීන්ගේ ආභාසය ප්‍රායෝගික පසුබිම සහ සම්බන්ධ ව්‍යවහාරික ක්ෂේත්‍රයද එයට අදාළ ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණික මෙවලම් භාවිතය මත මෙම පාඨමාලාව හැදෑරීම මඟින් සෛද්ධාන්තික සහ ප්‍රායෝගික වශයෙන් නිර්මාණ කාර්යයෙහි ඇවැසි විවිධ ක්ෂේත්‍ර පිළිබඳ දැනුමක් ලබාගැනීමට විද්‍යාර්ථීන්ට හැකි වන අතර වර්තමාන ව්‍යවහාරික සංගීත හා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ පවතින විවිධ වෘත්තීන් සඳහා යොමුවීමට ද මෙමඟින් අවස්ථාව උදාවේ.

මෙම පාඨමාලාව මඟින් ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ කාර්යයෙහි අත්‍යවශ්‍ය වන තාක්ෂණික මෙවලම් භාවිතය, පරිගණක භාවිතය, චිත්‍රපට රූපවාහිනී නාට්‍ය රස වින්දනය සහ විචාරය යන විෂයන් ද වීඩියෝ තාක්ෂණය පිළිබඳ වූ පුහුණුව ද ලබා දෙනු ඇත. වෘත්තීයමය සංගීතවේදියෙකු බිහි කිරීම කේන්ද්‍ර කොටගත් මෙම පාඨමාලාව හැදෑරීමේදී වෘත්තිමය සංගීත අධ්‍යක්ෂවරයෙකු, වෘත්තිය ගායකයකු, වෘත්තියමය වාදකයෙකු, වෘත්තියමය මාධ්‍යවේදියෙකු සහ වෘත්තියමය ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණවේදියෙකු වීමේ හැකියාව ඇත.

මෙම පාඨමාලාවේ හර විෂයක් වන ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය අධ්‍යයන විෂය ව්‍යවහාරික සංගීත හා ජන සන්නිවේදන අධ්‍යයනාංශයේ විද්‍යාර්ථින්ට දෙවන වසරේ සිට හැදෑරීමට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. එතැන් සිට සම්භාර 4, 6 සහ 6 ලෙස පිළිවෙලින් දෙවන තෙවන සහ අවසන් වසරවලදී මෙම විෂය අධ්‍යයනය කිරීමට හැකියාව ඇත. මෙම විෂය ප්‍රායෝගික සහ සෛදාන්තික වශයෙන් කොටස් දෙකකින් සමන්විත වන අතර චිත්‍රපට රස වින්දනය, තිර රචනය, කැමරාකරණය, සංස්කරණය සහ අධ්‍යක්ෂණය යන විෂයන් හැදෑරීමට ද අවස්ථාව ඇත.

අද වන විට අප අධ්‍යයනාංශයෙන් ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධිය ලබාගත් විද්‍යාර්ථීන් කණ්ඩායම් පහක් රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තින්වල නියැලි සිටින බව සඳහන් කෙරෙනුයේ සතුටිනි. වර්තමානයේ අධ්‍යයන කටයුතුවල නිරත වී සිටින අප ශිෂ්‍ය කණ්ඩායම්වලට තාක්ෂණික උපකරණවල හිඟතාවය අධ්‍යන කටයුතුවලට තරමක බාධාවක් වුවද ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ඇති දිවයිනේ ප්‍රවීණ ආචාර්ය මණ්ඩලයක් යටතේ මෙම විෂය හැදෑරීමට බලාපොරොත්තු වන විද්‍යාර්ථීන් වෙනුවෙන් තාක්ෂණික උපකරණ සහ මූල්‍ය ප්‍රතිපාදනවල තිබෙන හිඟකම සපුරාදීමට බලධාරීන්ට හැකිවේ නම් අනාගතයේදී ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය ක්ෂේත්‍රයේ සෛදාන්තික හා ප්‍රායෝගික දැනුම ඇති දක්ෂයින් බිහිවනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

අපගේ අධ්‍යයනාංශය සහ පාඨමාලාව දියුණු කිරීම සඳහා උපකාර කළ හිටපු උප කුලපතිවරුන් වන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටගොඩ, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, හිටපු පීඨාධිපති මහාචාර්ය කෝළිත භානු දිසානායක, හිටපු අධ්‍යනාංශ ප්‍රධානවරුන් වන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද සෙනෙවිරත්න, මහාචාර්ය රංජිත් ප්‍රනාන්දු, වර්තමාන අධ්‍යනාංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් ප්‍රනාන්දු ඇතුළු ආචාර්ය භවතුන් ද විශේෂයෙන් ම වර්තමාන පීඨාධිපති විල්ටස් දයාවංශ මහතා සහ උපකුලපති මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා ද අප ගෞරවයෙන් සිහිපත් කර සිටිමු.

අප නිර්මාණ සමුච්චය රස විඳීමට ගුණ දොස් විචාරයට සහ එම නිර්මාණ දිරි ගැන්වීම සඳහා පැමිණෙන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.