වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




දෙලොවක් අතර නුවර යයි

දෙලොවක් අතර නුවර යයි

34 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළ ට සමගාමීව දෙවන දිනට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ හොඳම චිත්‍රපටය ලෙස 1967 සරසවිය සම්මාන දිනූ ‘දෙලොවක් අතර’ පසුගිය සෙනසුරාදා (21දා) මහනුවර රිගල් සිනමා ශාලාවේදි තිරගතවිණි. ටෝනි රණසිංහ, ජීවරාණි කුරුකුලසූරිය, සුවිනීතා වීරසිංහ, අයිරාංගනී සේරසිංහ වැනි ප්‍රවීණ නළු නිළියන් රඟපෑ මෙම චිත්‍රපටයේ අසංෂිප්ත මුල්පිටපත මෙහි දී ප්‍රදර්ශනය කරන ලදි. එදින ප්‍රධාන ආරාධිතයා වුයේ චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා භූමීකාව වන චිත්‍රාගේ චරිතයට පණ පෙවූ ප්‍රවීණ රංගන ශිල්පීනි සුවිනීතා වීරසිංහ මහත්මියයි. එදින සිනමාපටය නැරඹීම සිනමා රසික රසිකාවන්ට නොමිලේ අවස්ථාව උදාවිය. සිනමා උලෙළ නැරඹීමට පැමිණි පිරිස සරසවිය පුවත්පතටත් කාගිල්ස් ආයතනයටත් සුබපැතූ අයුරු.