FEEDBACK
සොඳුරු වූ රිදී තිරය
දිවයිනේ ප්‍රධාන විදුහලක් වූ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ සිසුන් හා ගුරු
මණ්ඩලය විසින් සිංහල සිනමාව අරභයා පැවැත් වූවා වූ 'රිදී තිරයේ සොඳුරු සිත්තම් -
2018' ප්‍රදර්ශනය වත්මන් සිසු සිසුවියන් චිත්‍රපට නැරඹීමට පෙළඹවීම සඳහා යොදා ගත්
හොඳ තෝතැන්ක් බඳුය. රසිකයන්ගේ දැනුම වර්ධනය, චිත්‍රපට සාහිත්‍ය, ඉතිහාසය, ගීත
සාහිත්‍ය, එදා මෙදා සිනමාවට සම්බන්ධ මෙවලම්, සඟරා පෝස්ටර්, මුද්දර වැනි දේ
ප්‍රදර්ශනය කරමින් කළ පෙළහර අනෙකුත් විදුහල් දක්වා ව්‍යාප්ත වන්නේ නම් දැන් සිටින
පරපුර සිංහල සිනමාව සබැඳීව හසල දැනුමක් ලබනු ඇත.
විහඟි සදුනිකා
ජනාධිපති විදුහල
මිනුවන්ගොඩ
ගීත අඹරේ දිදුලන පහන
කම්පන තුළින් රසික හදවත් ප්‍රකම්පනය කරමින් ගීත අඹරේ දිදුලන පහන් සිලක් වන්
ගුණදාස කපුගේ අසහාය ගායන ශිල්පියෙකි. දිව ඔසුවක් බඳු ගීතාවලියක් රසික මනසට යොමු කළ
කපුගේ නම් මානව හිතවාදියා අද අප අතර නැතත් ඔහුව සෙනෙහසින් රසික අප නිරන්තරයෙන්ම
සිහිපත් කරමි.
එම්. ඉන්ද්‍රපාල
මුංහේන
ශලනි තාරකාට
දක්ෂ චරිතාංග නිළියක ලෙස දිනෙන් දින ශලනි තාරකා ඉදිරියටම පැමිණ සිටී. ඇයගේ රංගන
ප්‍රතිභාව ඉහළම තලයකට පැමිණ ඇත. ඔබට තව තවත් ප්‍රබල චරිත ලැබී ඉහළම සම්මානයට පාත්‍ර
වේවා.
නිමල් කුලසේකර
අඟුලාන
මැණිකේට දීර්ඝායුෂ
එදා මෙදාතුර වේදිකාව රිදී තිරය ටෙලි තිරය තම ප්‍රතිභාපූර්ණ රැඟුමෙන් ඔපවත් කළ
මැණිකේ අත්තනායක කලාකාරියට නිරෝගී සම්පත් දීගායු සම්පත් ප්‍රාර්ථනා කරමි.
සුනිල් චන්ද්‍රසේකර
කොටුගොඩ
ප්‍රේම් සහ රීටා සදා සමරමු
වරද කාගේද චිත්‍රපටයේ 'දළුලා ප්‍රේම ගසේ පොඩි අතු රිකිලි සැදේ' යන ගීතය ගයමින්
ඔබ දෙදෙනා රඟපෑ පෙම් ජවනිකාව අපගේ සිතින් කිසිදාක මැකී නොයේ.
පානදුරේ, ගඟුලේ
රත්නසිරි අමරසේකර
ප්‍රීතිරාජ්ට ප්රණාම
එදා සිනමාවට ගෙනා නොම්බර 17, සූරවීර චණ්ඩියෝ වැනි අති සාර්ථක චිත්‍රපට නිෂ්පාදනය
කළ ප්‍රීතිරාජ් වීරරත්න නැවත තිත්ත ඇත්ත නිර්මාණය කරමින් ආ ගමනට ප්‍රණාමය පුද කරමි.
ප්‍රියන්ත හෙට්ටිආරච්චි
ගම්පහ
ජනප්‍රිය ගායක ධනපාල උඩවත්තට

'ඈ නීල වරල පීරලා' යන ජනප්‍රිය ගීතයෙන් රටක් නැල වු ඔබ පළමු රණවිරු ගීය 'මා
ආදරණීය මගේ අම්මා වෙතටයි' ගීතයෙන් ඉතාමත් ජනප්‍රිය වී රසික හදවත් කුල්මත් කළ තවත්
ගීත බොහොමයකින් රසික හදවත්වලට ළං වූ ඔබ චිරාත් කාලයක් සංගීත ලොවේ බැබලේවා.
එස්. පී. සොලමන්ස්
තලාතුඔය
ස්ටැන්ලිගේ සංගීතය
නන්දා මාලිනී ගායනා කරන 'පෙරදා මහ රෑ' ගීතය, සුජාතා අත්තනායක ගායනා කරන 'හතර
වටින් කළුකරගෙන වහින වෙලාවේ' යන ගීතවල පසුබිමෙන් මිහිරි අලංකරණ හඬක් ඇසේ. ඒ හඬ
කාගේදැයි දන්නේ අල්ප දෙනෙක් පමණි. ඒ හඬ ජනප්‍රිය සංගීතඥයකුව සිටි ස්ටැන්ලි
පීරීස්ගේය. එම ගීත සංගීතවත් කර ඇත්තේ ද ඔහු විසින්ය. තවත් එවැනි ගීත රාශීයක් ඔහු
විසින් සංගීවත් කොට ඇත. තවද ඔහු නායකත්වය දැරූ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් ද ඔහු සතු
විය. ඒ සංගීත කණ්ඩායම නම් 'ෆෝචූන්ස්'ය. එකල 'ෆෝචූන්ස්' ප්‍රසංග වේදිකාවට, ගෘහස්ථ
වේදිකාවට නැතිවම බැරි සංගීත කණ්ඩායමක් විය. ඒ වගේම ඔහු දක්ෂ සෙක්සෆෝන් වාදකයෙකි.
විශේෂයෙන් ඔහු එච්. ආර්. ජෝතිපාලයන් ගායනා කළ ගීතවලට වැඩිම වරක් සංගීතය හා නව රිද්ම
සංගීතය සැපයූයේ ද ඔහු විසින්ය. තවද ජෝතිගේ 'ජෝති රාත්‍රිය' සහ ජෝති අවසන් වරට ගී
ගැයූ ගම් උදා ප්‍රසංගය ද සංගීතවත් කළේ ද ඔහුය. 'දූ දරුවෝ' චිත්‍රපටය හා තවත්
චිත්‍රපට කීපයක්ම ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය කොට ඇත. සංගීතයේ නව මං සොයා යන අතරේ
මේ සුන්දර සංගීිතවේදියා ද සංගීත ලෝකයට අවශ්‍යම යුගයක පිළිකා රෝගයට ගොදුරු විය.
ජගත් චන්ද්‍රසිරි පූජා ජගත්සිරි
පස්යාල
උත්තම පුරුෂ ටෙලිය හරිම අගෙයි
ස්වාධීන රූපවාහිනියේ රාත්‍රී 9.00 ට විකාශය කරන 'උත්තම පුරුෂ' ටෙලි නාට්‍ය කතා
මාලාවෙහි සැබවින් උත්තම පුරුෂයකු විවාහ වී සිටින භාර්යාවකගේ නොහික්මුණු, අහංකාර
ක්‍රියා කලාපයක් නිසා ඇය එයින් අමාරුවේ වැටුණු විට මේ උත්තම පුරුෂ තෙමේ ඉතා විනීතව,
අනුකම්පා සහගත අයුරින්, ඇයව නිදහස් කර ගැනීමට ඔහු දරන මහත් වෑයමත්, සෙනෙහසත් ඉතා
කදිමට මෙම ටෙලියෙන් ප්‍රදර්ශනය කර ඇත. එය ඉතා ප්‍රශංසනීයයි.
කෑගල්ලේ තටාකය පාරේ
තිලකරත්න විල්වල සහ
මැණිකේ විල්වල
සිහි කිරීම ආවර්ජනය හොඳයි
ජූලි 05 දින රාත්‍රී 10.30 සිට ස්වාධින රූපවාහිනී සේවය ඔස්සේ නොමියන සිහිනය වැඩ
සටහන හරහා විකාශනය කරන ලද්දේ එච්. ආර්. ජෝතිපාල අසහාය ගායකයා පිළිබඳවය. එය
විචිත්‍රවත් හරවත් පැරැණි මතකය ආවර්ජනය කිරීම ද විශිෂ්ටය. එයට සහභාගි වූ හිටපු
සරසවිය කර්තෘ රංජිත් කුමාර මහතාගේ පැරැණි ජෝතිපාලගේ තොරතුර අප දැනගත්තේ එම වැඩසටහන
මඟිනි. ස්වාධීන රූපවාහිනි සේවය සතු ජෝතිපාලගේ සංරක්ෂණය කර ඇති ගීත ද 1984 දී එතුමා
සමඟ කළ සංවාදයක් ද ඉදිරිපත් කිරීම ඉතා මනරම් සහ විශිෂ්ටය. පැරැණි සහ නව පරපුරේ ගායක
ගායිකාවන් ජෝතිපාලගේ ගීතවලට හානියක් නොකර ගායනා කිරීම ද යළි මතකය ආවර්ජනය කිරීමකි.
දිනේෂ් ගුණසේකර
මාතර
ලූෂන්ට මල් මිටක්
ලූෂන් බුලත්සිංහල 1974 දී 'රතු හැට්ටකාරී' වේදිකා නාට්‍යයේදී කිරි දී කිරි ගෙනාව
දී කිරි ගීයත්, 1981 දී 'තාරාවෝ ඉඟිලෙති' 'සෝබාව දේ මෙපුර' වැනි ගීත අදටත් ඉතා
ජනප්‍රිය බවත් අති විශාල ජන ගංගාවක් නැරඹු නාට්‍යය බව කිව යුතුමය. දිනකට දර්ශන 3
බැගින් පෙන් වූ බව මගේ මතකයේ ඇත. ඊට වසර 37 කට පසු වේදිකාවට ගෙනා 'වෙස් මුහුණ
ගලවන්න' නාට්‍යය අද දකින නාට්‍යවල වෙස් මුහුණු ගැල වී යනු ඇතැයි මගේ අදහසයි. වෙස්
මුහුණු ගලවන්න ඉතා අගනා දෙබස් හා රඟපෑම් විශිෂ්ට බවත්, ලූෂන් බුලත්සිංහලයන් අදහස්
නිදහසේ ප්‍රකාශ කිරීමට හැකිවීමත් සම්බන්ධ වූ සියලුම නළු නිළියන් නැවත වරක් බැබළ වූ
බව පෙනේ. විශේෂයෙන් සංගීතයෙන් මනදොල පුරවන ලද 'පිපුණු මලේ රුව' ගීතයට සංගීතය
චමත්කාරී බව හර්ෂ බුලත්සිංහලයන්ගේ දස්කම්, විස්කම් නිධානයක් බවද මෙය නිෂ්පාදනයට අත
හිත දුන් වෛද්‍ය රංජිත් පතිරණ මහතාටත් රූපවාහිනියේ සභාපති ඉනෝකා සත්‍යංගනී
මහත්මියටත්, ප්‍රධාන නිළි ඉරේෂා ජානකී ඇතුළු සියලු දෙනාටමත් මගේ අවංක හදවතින්
පිරිනැමෙන බැතිබර ආචාරය ලූෂන් බුල්තසිංහලයන්ට පුද කරමි.
ලියනගේ සෝමරත්න ද සිල්වා
අහුන්ගල්ල
ගුවන් විදුලි ජ්. ර් නාළිකාවලට
සමහර ජ්. ර් නාලිකාවලින් කුණු ගොඩවල්වල ලගින කපුටෝ කෑ මොර දෙනවා වාගේ ප්‍රචාරය
කරන ගීත කියාගන්නා ඒවා ඇහෙන කොට කල් කදුරු තිත්තයි. ඒ වගේම මෙලොව රහක් නැති කතා කරන
නිවේදක නිවේදිකාවෝ කියාගන්න අය තම කට සෙයියාවක් නැතිව උණ හැදිලා දොඩවනවා වාගේ කියන
සිංහල ඉංග්‍රීසි කලවම් කර කර බොරුවට හිනාවේවී හරි උච්ඡාරණයක් නැතිව සිංහල භාෂාවට
කරන නිගරුව ඇහෙන විට විලි ලැජ්ජයි.
අම්මපා බලධාරීන් කියන අය එලොව ගිහිල්ලද මන්දා. අනේ මෙහෙම රැවටිල්ලක්.
එස්. පී. සොලමන්ස්
තලාතුඔය
සී. ටී. අමරණීයයි
ලොකු පොඩි සැමගේ සිත් බැඳි සී. ටී. ප්‍රනාන්දු නැතහොත් සිරිල් ටියුඩර්
ප්‍රනාන්දු යුග යුග අමරණීය බව කියන්නට තව මොන කතාද? පින් සිදු වන්නේ, සඳවට රන් තරු,
මී වදයකි ජීවිතේ, මී අඹ වනයේ, අවදිවන්න අවදිවන්න මෙවැනි ගීත ඇසෙන විට කනට මහිරි
සුවයක් දැනෙයි. ආදරණීය සී. ටී. අපට ඔබ අමතක නැත. සුවහසක් රසික රසිකාවන්ගේ ආදරය
තවමත් එසේමය. සුසුම් හෙලන කලට දුක් වෙලා ඔබත් සමඟ කවුද හඬන්නේ, තාමත් ආදරෙයි. ඔබේ
නාමය සදා අපි රැක ගනිමු.
ජාඇල කලඑළිය
සරත් සේනාධීර
කුමුදුට පැසසුම්
චිත්‍රපට හෝ ටෙලි නාට්‍ය තුළින් නිරතුරුවම රංගනයට දායක වූ සෑම චරිතයක්ම රසික
අපගේ මතකයට නැවුම් දෙයක් එක් කළ කුමුදු නිශාන්ත ඔබ අලුත් අත්දැකීමකට නිර්භීතව මුහුණ
දී ඇත. එය අපට සතුටට කරුණකි. ඔබගේ ඒ ගමන් මඟට රසික අපගේ හෘදයාංගම සුභ පැතුමයි මේ.
කුමුදු ඔබට ජය!
සුසිලා පතිරාජ
උස්වැටකෙයියාව
රංගනයත් ගායනයත් එකට එක් වූ රුක්මණී
පරම රමණී ගීත කෝකිලාව සදා අබිමන් පෑ රුක්මණී දේවියයි. කඩවුණු පොරොන්දුවෙන් සිනමා
ආගමනයට සම්ප්‍රාප්ත වූ රුක්මණී මෙරට ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීමක් කඩඩුණු
පොරෙන්දුව ප්‍රථම සිනමාපටයෙන්ම රංගනයෙන් දායක වෙමින් ලබා දුන්හ. සර්වකාලීන සිනමාවේ
නිළි රැජින ලෙස අබිසෙස් පෑ රුක්මණී දේවිය රංගනයත්, ගායනයත් එක සේ දක්ෂතාවයන් පළ කළ
ශිල්පිනියකි. ආදර්ශමත් දිවි පෙවෙතක් ගත කළ එතුමිය නිහතමානී කමින් අගතැම්පත් ළඳකි.
කලා ලොවට සුවිශේෂි යුග මෙහෙවරක් ඉටු කළ රුක්මණී දේවිය අද අප අතර නැතත් ඒ ශ්‍රෙෂ්ඨ
උත්තමාවිය සදා සෙනෙහසින් යුතුව නිරන්තරයෙන් සිහි කරමු.
එච්. ඉන්ද්‍රපාල
මුංහේන
ප්‍රියානි අප අතරට පැමිණේවා
කිසිවෙකු නොසිතූ විලස දැයෙන් සදහටම සමුගත් ප්‍රියානි ජයසිංහ ප්‍රවීණ ගායන
ශිල්පිනියට මතු උපදින භවයේදී මේ ලෙස අකල් මරණයකට පත් නොවේවා කියා ප්‍රාර්ථනා කරමි.
දයාරත්න ගනේගොඩ
කැලණිය
|