වර්ෂ 2018 ක්වූ  ජූලි 26 වැනිදා බ්‍රහස්පතින්දා




රොමියෝ ජුලියට් පෙම්කළ එලිසෙබෙතන් යුගයේ නාට්‍ය කලාව

2018 උසස් පෙළ සඳහා සැරසෙමු

රොමියෝ ජුලියට් පෙම්කළ එලිසෙබෙතන් යුගයේ නාට්‍ය කලාව

එලිසෙබෙතන් යුගයේ නාට්‍ය කලාව

එලිසෙබතන් යුගය පුනරුද යුගයේ එක් කොටසකි. පුනරුද යුගය යනු කලාත්මක, බුද්ධිමය, සංස්කෘතික යන ක්ෂේත්‍රවල පුනරුදයක් ඇති වූ යුගයයි. පුනරුද යුගය අවස්ථා තුනකි.

1. 1558 - 1603 - පළමුවන එලිසබතන් රැජින
(එලිසෙබතන් යුගය)

2. 1603 - 1625 - පළමුවන ජේම්ස් රජු
(ජැකොබියානු යුගය)

3. 1625 - 1642 - පළමුවන චාල්ස් රජු
(කැරොලින් යුගය)

එලිසෙබෙතන් යුගයේ නාට්‍ය කලාවේ තත්ත්වය

ලන්ඩන් නගර සභා අධිකාරීන් නාට්‍ය විරෝධී පිළිවෙතක් අනුගමනය කළ ද නාට්‍යවලට රාජ්‍ය සහ අධිකරණ සහය ලැබුණි. ඒ අනුව එලිසෙබතන් රැජිනගේ සහ ප්‍රිවි කවුන්සලයේ අනුග්‍රහය නාට්‍යවලට ලැබිණි. ඒ අනුව අති විශාල රංග ශාලා ඉදි කෙරුණි. ඉහළ පැළැන්තියේ අනුග්‍රහය නාට්‍යවලට ලැබුණු අතර ඒ අයගේ මුලිකත්වය අනුව නාට්‍ය නිර්මාණය විය. මාළිගාවේ දී රැජින නාට්‍ය නැරඹූ අතර ශාලාවේදී සාමාන්‍ය ජනයා නාට්‍ය නැරඹූහ.

එලිසෙබතන් නාට්‍යයේ ආයතනික ව්‍යුහය පිළිබඳ විමසා බැලිමේදී එලිසෙබතන් රැජින පැමිණීමට පෙර සිටම දක්නට ලැබුණු ප්‍රභූවරුන්ගේ රංගන කණ්ඩායම්වල නළුවන් එලිසෙබතන් නාට්‍ය කලාවේ පදනම විය. 1572 දී පනවන ලද නීතියක් මතින් මිස්ටරි සහ මොරැලිටි නාට්‍ය තහනම් විය. එම නිසා ඔවුන් ද එලිසෙබතන් වේදිකාවට පැමිණියහ. එලිසෙබතන් නාට්‍ය කලාව ආභාසය ලබා ගන්නේ පහත සඳහන් නාට්‍යවලිනි.

1. මධ්‍යකාලින නාට්‍ය
2. විශ්ව විද්‍යාලයීය නාට්‍ය (ග්‍රීක ට්‍රැජඩි)
3. ඉතාලියේ කොමිඩියා ඩෙල් ආටේ නාට්‍ය

නාට්‍ය සමාගම් නාට්‍ය නිෂ්පාදනය කළේය. නාට්‍ය සමාගම්වල නිෂ්පාදන කාල සටහනක් ඇත. ඒත් එක් නාට්‍යයක් වැඩි දින ගණනක් වේදිකා ගත නොකෙරිණි. සමහර සමාගම්වල නාට්‍ය ලැයිස්තුවේ නාට්‍ය විස්සක් පමණ ඇත. ප්‍රධාන නළුවා අතිශය කාර්යබහුල පුද්ගලයෙක් විය. දෙවන චාල්ස් රජුගේ කාලය වන තෙක් ස්ත්‍රී චරිත රඟපෑවේ පිරිමින් විසිනි. එලිසෙබතන් රංගනයේ ආහාර්ය අභිනය පිළිබඳ විමසා බැලීමේදී රංග වස්ත්‍ර මූලික වූ අතර වේදිකා උපකරණ අල්පව භාවිත කර ඇති බව පෙනී යයි.

ලන්ඩන් නුවර ග්‍රීක ජනයා වැඩි වීම නිසාත් ආර්ථික සමෘද්ධිය ඇති වීම නිසාත් වැඩි වශයෙන් නාට්‍ය රචනා විය. නාට්‍ය විශාල සංඛ්‍යාවක් රචනා වී ඇතත් දැනට ඉතිරි වී ඇත්තේ පිටපත් 600 ක් පමණි. එලිසෙබතන් යුගයේ නාට්‍ය රචකයෝ ස්ව උත්සාහයෙන් නාට්‍ය රචනා කළ අතර නාට්‍ය රචකයෝ බොහෝ දෙනෙක් ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් යන විශ්වවිද්‍යාලවල උපාධිධරයන් වූහ. කාන්තාවන් නාට්‍ය රචනා කර ඇති බවට සාක්ෂි නැත.

එලිසෙබතන් යුගයේ කැපී පෙනෙන නාට්‍යකරුවෝ කිහිප දෙනෙකි.

1. බෙන් ජොන්සන්

2. තෝමස් කිඩ්

3. ක්‍රිස්ටෝපර් මාලෝ

4. ජෝන් ලයිලි

5. සර් පිල්ප් සිඩ්නි

6. එඩ්මන් ස්පෙන්සර්

7. රොබට් ග්‍රීන්

8. තෝමස් නංශි (9) ජෝන් ඩග්

පියුරිටන් (පිරිසුදුකම) ව්‍යාපාරයේ නැඟී සිටිම සහ බලය නිසා නාට්‍ය බැලීම නරක බව තීරණය විය. ඒ අනුව 1642 සැප්තැම්බර් මාසයේ ලන්ඩන් රංග ශාලා වසා දැමුණි. මේ අයුරින් ඉංග්‍රීසි නාට්‍යයේ අවසානය සිදු විය.

විලියම් ශේක්ස්පියර් සහ ඔහුගේ නාට්‍ය නිර්මාණ

* 1564 අප්‍රේල් 26 දින උපත ලබා 1613 අපේ‍්‍රල් 22 දින මිය ගිය ඔහු නිර්මාණය කළ නාට්‍ය සංඛ්‍යාව 36 පමණ වේ.

* සර් විලියම් ජෝන්ස් වැනි බටහිර විචාරකයින් ශේක්ස්පියර් කාලිදාසට සම කර ඇත.

* නාට්‍ය රචකයකු ලෙස මූලිකව අන්‍යයන් විසින් ලියන ලද නාට්‍ය සංස්කරණ කිරීම ශෙක්ස්පියර් විසින් කරන ලද්දේය.

* ලතින් හා ග්‍රීක නාට්‍ය කලාව දෙසට යොමුව තිබූ ඉංග්‍රීසි නාට්‍ය කලාව, දේශීය කලාවක් බවට පත් කොට නව මඟකට යොමු කළේය.

* ශේක්ස්්පියර්ගේ නාට්‍ය ජීවිතය ප්‍රධාන කොටස් 4 බෙදා දැක් විය හැක.

1. 1588 - 1596 දක්වා කාලය

2. 1596 - 1601 දක්වා කාලය

3. 1601 - 1608 දක්වා කාලය

4. 1608 - 1613 දක්වා කාලය

1. 1588 - 1596 දක්වා කාලය - වෙනත් කතුවරුන්ගේ නාට්‍ය සංස්කරණය කිරීම වැඩිපුර සිදු කර ඇති අතර 'ටයිටස් ඇන්ඩ්‍රනිකස්' නම් නාට්‍යය මුලින්ම සංස්කරණය කළේය.

2. 1596 - 1601 ජෝන් රජු, 4 වන හෙන්රි, 5 වන හෙන්රි වැනි නාට්‍යය ද වැනීසියේ වෙළෙන්දා ර්භජඩ ච ඤධ ඒඡධභබ ව්ධබඩඪදඨ ආදී ශ්‍රේෂ්ඨතම ඛේදාන්ත සහ සුඛාන්ත නාට්‍ය මේ යුගයේ නිර්මාණය කර ඇත.

3. 1601 - 1608 දක්වා හැම්ලට්, ඔතෙලෝ, ලියර් රජ හා මැක්බත් ආදී ශෝකාන්ත ද ඒතතඵ එඥතත බඩචබ ඥදඤඵ ඹඥතත ට්‍රොයිලස් ඇන්ඩ් ක්‍රෙසිඩා, මෙෂර් ෆෝ මෙෂර් නම් සුඛාන්ත ද මේ කාලයේ නිර්මාණය කර ඇත.

4. 1608 - 1612 දක්වා වින්ටර්ස් ටේල්, සිම්බලීන් හා කුණාටුව යන නාට්‍යය ද පෙරික්ලිස් නාට්‍යයේ කොටසක් ද ඇන්ටනී හා ක්ලියොපැට්රා නාට්‍ය ද කොරියොලානුස් නාට්‍ය ද මේ කාලයේ රචනා කර ඇත. ඔහුගේ නාට්‍ය නිර්මාණ පහත පරිදි වර්ග කර දැක්විය හැකිය.

ඛේදාන්ත නාට්‍ය

1. රොමියෝ ජුලියට් - 1594

2. ජුලියස් සීසර් - 1601

3. හැම්ලට් (ප්‍රින්ස් ඔෆ් ඩෙන්මාර්ක්) - 1602

4. ඔතෙලෝ, ද මුවර් ඔෆ් වෙනිස් - 1604

5. කිං ලියර් - 1605

6. මැක්බත් – 16069

7. ඇන්ටනී හා ක්ලියෝපැට්රා - 1607

8. කෝරියෝලන්ස් - 1608

9. ටිමන් ඔෆ් ඇතන්ස් - 1607

10. ට්‍රොයිලස් ඇන්ඩ් ක්‍රෙසිඩා - 1607

සුඛාන්ත නාට්‍ය

1. ලවුස් ලේබර්ස් ලොස්ට් - 1590

2. කොමඩි ඔෆ් එරස් - 1591

3. ටූ ජන්ටල්මෙන් ඔෆ් වෙරෝනා - 1592

4. මිඩ් සමර් නයිට්ස් ඩ්‍රීම් - 1593

5. මර්චන්ට් ඔෆ් වෙනිස් - 1596

6. ටෙමින් ඔෆ් ද ෂැර්ව් - 1597

7. මෙරි වයිව්ස් ඔෆ් වින්ඩ්සර් - 1598

8. මච් අ ඩු එබවුට් නතිං - 1598

9. ඈස් යූ ලයිික් ඉට් - 1599

10. ට්වෙලත් නයිට් - 1600

1. හෙන්රි ද සික්ස්ත් - 1591 - 1592

2. රිචර්ඩ් ද තර්ඩ් - 1594

3. රිචර්ඩ් ද සෙකන්ඩ් - 1594

4. කිං ජෝන් - 1595

5. හෙන්රි ද ෆෝත් - 1597

6. හෙන්රි ද ෆිෆ්ත් - 1599

1. පෙරිකල්ස් - 1608

2. සිම්බලින් - 1609

3. ටෙම්පස්්ට් - 1610

4. වින්ටර්ස් ටේල් - 1610

5. ඕල්ස් වෙල් දැට් එන්ඩ්ස් වෙල් - 1600

6. මෙෂර් ෆෝ මෙෂර් - 1603