|
2018 දකින අපේ චිත්‍රපට
දෙදහස් දහහත වසරේ අවසන් දින කිහිපය අපි පසු කරමින් සිටින්නෙමු. නවමු බලාපොරොත්තු සමඟින් එළඹෙන නව වසරට පා තැබීමට සියලු දෙනාම මේ මොහොතේ සිටින්නේ මහත් වූ සූදානමකිනි. එමෙන්ම අලුත් අවුරුද්දේ අලුත් කලා තොරතුරු මොනවාද යන්න දැනගැනීමේ පිපාසාවකින් ඔබ සිටින වග ද අපට විශ්වාසය. එහෙයින් මෙලෙස ඔබ වෙත අප ගෙන එන්නේ දෙදහස් දහ අට වසරේදී රිදී තිරය සැරසිමට නියමිත සිනමා සිතුවම් පිළිබඳ තොරතුරුයි.
විවිධ මාතෘකා ඔස්්සේ දීර්ඝ කාලයක් චිත්‍රපට නිර්මාණකරණයේ යෙදුණ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෑතකාලීනව වැඩි වශයෙන් අත තැබුවේ ඓතිහාසික කතා පුවත් රැගත් චිත්‍රපටවලට. කුස පබා, පත්තිනි, අලි කතාව යනාදී චිත්‍රපට පෙළ සැලකීමේදී එය මනාව වැටහෙනවා. ඒ නාම ලේඛනයට එකතු වූ නවතම සිනමාපටය තමයි බිම්බා දේවි හෙවත් යශෝදරා. එහි ඉන්දීය නිළි පල්ලවි සුභාෂ් යශෝධරාගේ චරිතය නිරූපණය කරනවා. ඒ වගේම සුප්‍රකට ඉන්දීය නළුවකු වන අර්ජිත් චෞද්‍රි සිද්ධාර්ථ චරිතය මවමින් යශෝධරා රංගනයෙන් හැඩ කරනවා. ලබන වසරේදී දැක බලා ගත හැකි මේ සොඳුරු සිනමා සිතුවම එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයක්. උදයකාන්ත වර්ණසූරියගේ වස්සානේ සඳ බොහෝ පිරිසක් නරඹන්නට ආසාවෙන් පසුවන සිනමාපටයක්. එහි කතාව සරසවිය පුවත්පතේ කොටස් වශයෙන් පළ වුණා. උදයකාන්තගේ කතා පුවතකින් සමන්විත වස්සානේ සඳ ලබන වසරේදී තිරයට පායා ඒමට සූදානමින් සිටිනවා. අන්තර්ජාලය හරහා පුවත් මවන්නියක වන පියුමි හංසමාලි වස්සානේ සඳ සිනමා සිතුවමේ ප්‍රධාන නිළියයි. ඇය සමඟ අනුජ් රණසිංහ, ඕෂධී හිමාෂා ඇතුළු නළු නිළියන් රැසක් වස්සානේ සඳ රංගනයෙන් හැඩ ගන්වනවා. එම සිනමාපටය උදයකාන්ත වර්ණසූරිය සමඟ මහේෂ් බණ්ඩාර නිෂ්පාදනය කොට තිබෙනවා. වස්සානේ සඳ ලබන වසරේ සිනමා අඹරට පායා එන විට උදයකාන්ත තවත් සිනමාපටයක් රැගෙන එන බවට ආරංචි වෙනවා. එම සිනමාපටය වන්නේ මධුර චාරිකායි. කතාව, දෙබස්, තිර රචනය සහ නිෂ්පාදනය උදයකාන්ත විසින් නිම කළ මෙහි ප්‍රධාන චරිතය මවන්නේ හේමසිරි ලියනගේයි.
ඝරසරප සිනමාපටය අර්ජුන කමලනාත් නිෂ්පාදනය කළත් ඔහු එහි රංගනයෙන් දායක වන්නේ නැහැ. එහෙත් ඔහුගේ රංගනයෙන් ඔපවත් වූ සිනමාපටයන් යුගලක් තිරගතවීමට සූදානමින් සිටිනවා. ඉන් පළමුවැන්න තමයි කුසල්. අර්ජුන විසින් අධ්‍යක්ෂණය කළ කුසල් ඉසුරු ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමක්. අර්ජුන, අමීෂා, නිරෝෂා තලගල ඇතුළු පිරිස රංගනයේ යෙදෙන කුසල් ළමා සිනමා සිතුවමක් ලෙසට හඳුන්වා දිය හැකියි. ඉසුරු ෆිල්ම්ස් වෙනුවෙන් අමීෂා කාවින්දි නිෂ්පාදනය කළ කිඩ්නැප් අර්ජුන ප්‍රධාන චරිතය මවනා අනෙක් සිනමාපටයයි. රජ හොරු, මයි නේම් ඉස් බන්දු, හොරා පොලිස් ආදී සිනමාපටයන් තිරයට ගෙනා සුරංග ද අල්විස් තමයි කිඩ්නැප් අධ්‍යක්ෂණය කොට ඇත්තේ. අර්ජුන අමිෂා යුවළ සමඟින් මහේන්ද්‍ර පෙරේරා, දුලානි අනුරාධා, ධනංජය සිරිවර්ධන, බුද්ධික ජයරත්න, හර්ෂණ බෙත්මගේ කිඩ්නැප් කරන නළු නිළියෝයි. එකම තේමාවක් භාවිත කරමින් අධක්ෂවරු තිදෙනකු තැනූ සිනමාපටයක් රස විඳීමට දෙදහස් දහඅට වසරේදී ඔබට හැකි වෙනවා. එම සිනමාපටයේ නම තුන් දෙනෙක්. සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරු තිදෙනෙක් වන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දර තිදෙනෙක් අධ්‍යක්ෂණය කොට තිබෙනවා. එක චිත්‍රපටයක් තුළ කතා ත්‍රිත්වයක් අධ්‍යක්ෂවරු තිදෙනා විසින් අධ්‍යක්ෂණය කොට එක චිත්‍රපටයක් ලෙසින් මෙය ප්‍රදර්ශනය වීමට නියමිතයි. මෙහිදී ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ කතාව තුළ අශෝක හඳගම එනමින්ම රංගනයේ යෙදීම ද විශේෂත්වයක්. චන්ද්‍රන් රත්නම් ජාත්‍යන්තර සිනමා වෙළෙඳපොළ වෙනුවෙන් නිර්මාණය කළ එකෝඩිං ටු මැතිවු සිනමාපටය ලබන වසරේදී මෙරට තිරයේදී දැක බලා ගත හැකිය. සුප්‍රසිද්ධ මැතිවු පීරිස් පියතුමාගේ ජීවිත කතාව අළලා තිරයට නැඟුණු එම සිනමාපටයෙහි මැතිව් පීරිස් චරිතය නිරූපණය කරනුයේ විදෙස් නළු ඇලිස්ටන් කොව්ය. මෙරට ඉපිද අද වන විට බොලිවුඩයට නැතිවම බැරි වූ තාරකාවක වන ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් එකෝඩිං ටු මැතිවු සිනමාපටයේ රංගනයෙන් දායක වෙනවා. ඉතා දිගු කලකට පසු අප සිනමාව වෙනුවෙන් දමිළ අධ්‍යක්ෂවරයකු නිර්මාණය කළ දමිළ සිනමාපටයක රසය විඳීමට දෙදහස් දහඅට වසරේදී හැකි වනු ඇත. එම අධ්‍යක්ෂවරයා වනුයේ කිංරත්නම් වේ. කෝමාලි කිංස් ලෙසට ඔහුගේ දමිළ සිනමා කෘතියට නම තබා ඇත. දර්ශන් ධර්මරාජ්, රාජා ගනේෂන්, ගජනි ගනේෂන් සමඟ කිංග් රත්නම් කෝමාලි කිංස් හි චරිත රංගනයේ යෙදෙයි.
වැඩි ප්‍රචාරයක් රහිතව නිර්මාණය වී ජාත්‍යන්තර සම්මාන උලෙළයන්හි සම්මානයන්ට ද
පාත්‍ර වූ සිනමාපටයක් ලෙස සූවිසි විවරණ හඳුන්වා දිය හැකිය. සරත් ධර්මසිරි
අධ්‍යක්ෂණය කළ එය සාම්ප්‍රදායික ජන කතාවක් ඇසුරින් නිර්මාණය වූවකි. එම සිනමාපටයේ
රඟපාමින් ජයලත් මනෝරත්නයන් නවදිල්ලි ජාත්‍යන්තර බයිස්කොප් සම්මාන උලෙලේ හොඳම නළුවා
ලෙසට ද සම්මානයට පාත්‍ර විය. මලින්ද
නෙලා නමින්ම ඇති නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වූ නෙලා සිනමාපටය බෙනට් රත්නායකගේ අධ්‍යක්ෂණයකි. උදාර රත්නායක, තාරුකා වන්නිආරච්චි නෙලා හි ප්‍රධාන නළු නිළි යුවලයි. සුන්දර දර්ශන තල කිහිපයකම රූගත කළ නෙලා ලබන වසරේදී තිරය සැරසීමට නියමිතය.
වසර ගණනාවකට පසු ටෙනිසන් කුරේ සමග බන්දු සමරසිංහ එකට රංගනයේ යෙදෙන යමරජසිරි සිනමාපටයද තිරයට එන්නේ ලබන වසරේදීයි. සජීව සංකල්පගේ අධ්‍යක්ෂණයක් වන එය හාස්‍යෝත්පාදක සිනමා කෘතියක් වේ. නදීශා හේමමාලි, සුරාජ් මාපා, විනු සිරිවර්ධන, ගයත්‍රි ඩයස් යමරජ සිරි රංගනයෙන් හැඩ ගන්වති. සරල තේමාවන් ඔස්සේ වින්දනීය සිනමාපට තනන්නෙකු ලෙස වඩාත් ප්‍රකට සුදේශ් වසන්ත පීරිස් තවත් ටාසන් කෙනෙකු සිනමාවට රැගෙන ඇවිත් තිබෙනවා. වැඩ බැරි ටාසන් සහ වැඩ බැරි ටාසන් මැතිසබයට යන සිනමාපටයන්ගෙන් පසුව මෙවර ගෙන ආ ටාසන් වනුයේ නැති බැරි ටාසන්. ටෙනිසන් කුරේ, මේනකා මධුවන්ති නැති බැරි ටාසන් හි ප්‍රධාන චරිත මවනු ලබනවා. අනිත්‍යා හරහා සිනමා ලොව ආක්‍රමණය කළ නාලක විතානගේ ගේ නවතම සිනමාපටය වූ සරුංගල් තිරය මත මුදා හැරෙන්නේ ලබන වසරේදී. තරංග අතුරුලිය සහ ඒ. පාරිස්ටර් නිෂ්පාදනය කළ සරුංගල් චරිත රංගනයෙන් හැඩ කරන්නේ සාරංග දිසාසේකර, චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණි, ශාලිකා එදිරිසිංහ ඇතුළු පිරිසයි.
හම්ප්‍රි විජේසූරියගේ දඬුමොනෙරෙන් එනවෝ ලබන වසරේදී එනවෝ කියලා කියන්නට පුළුවන්. බුද්ධදාස විතානආරච්චි, චතුර පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි ඇතුළු පිරිස මෙහි චරිත මවා තිබෙනවා. මේවාට අමතරව සුනිල්.ටී.ප්‍රනාන්දු නිෂ්පාදනය කළ චිත්‍රපට හතරක් තිරගතවීමට නියමිතය. ඒ මුරුග සන්නිය, තුන්පත් රෑන, ඇලකන්ඩියේ මාකස් සහ පී‍්‍රති ඇන්ඩ් ජෝයි. මෙම චිත්‍රපට පෙළ අප ඔබ වෙත ගෙන ආවේ චිත්‍රපට මණ්ලවලින් අපට දැන් වූ පරිදිය. මෙයට අමතරව තවත් චිත්‍රපට කිහිපයක්ම තිරගතවීමට නියමිතය.
|