වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




දුවට පියකු මිස

දුවට පියකු මිස

පසුගියදා නිමාව දුටු රිදී රැයක් ප්‍රසංගය අතරතුරදී සිනමාවේ උන්නතිය වෙනුවෙන් තම පන්හිඳ මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ සිනමා මාධ්‍යවේදීන් පස් දෙනෙකුට විශේෂිත වූ සම්මානයකින් උපහාර ලබා දුන්නා. මේ පිළිබඳ ප්‍රවෘත්තියකුත් ඉකුත් සරසවිය ඔස්සේ ඔබට ගෙනහැර දැක් වූවා. මෙදින තමන්ට හිමි සම්මානයන් ලබා ගැනීමට තිදෙනෙකු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලානට පැමිණ සිටියා. ආතර් යූ. අමරසේන, ඒ. ඩී. රන්ජිත් කුමාර සහ බන්දුල පද්මකුමාර. සිරි කහවල පැමිණියේ නැත්තේ ඔහුට සිදු වූ අනතුර හේතුවෙන්. ගෙදරට වී විවේකීව සිටින නිසයි. මේ හතර දෙනා හැරුණු කොට අර්නස්ට් වඩුගේවත් එම සම්මානයට යෝජනාව තිබුණා. එත් ඔහු ද එදින පැමිණියේ නැහැ. ඒක කාටත් කුතුහලයක් වුණා. සාමාන්‍යයෙන් වඩුගේ මහත්තයා මේ වගේ වැඩකට කොහෙත්ම මඟහරින කෙනෙක් නෙවෙයි. අනික ඔහුගේ මුහුණු පොතේ පවා සටහනක් එකතුකොට තිබුණා. ඇයි එදා වඩුගේ මහත්තයා ආවේ නැත්තේ. ඒකට විශේෂ වූ හේතුවක් තිබුණා. වඩුගේ ගේ ආදරණීය දියණි මදාරා එදින තමයි විදෙස් ගතවන්න හිටියේ. තම දියණියට ඇති ස්නේහය නිසාම වඩුගේ මහත්තයා එදා එයාර් පෝර්ට් එකටම ගිහිල්ලා දුව ඇරලවලා ඇවිත්. මේ නිසා තමයි වඩුගේ එදා ඇවිල්ලා නැත්තේ.