|
ගාමිණී ෆොන්සේකාගේ සිනමා ප්‍රකාශනය - 5දැවැන්තයි විශිෂ්ටයි
සක්විති සුවයෙන් පසු බැස සිටි ගාමිණී ෆොන්සේකා,තම 8 වන අධ්‍යක්ෂණය තුලින් යලි තම හැකියාව නංවාලන්නට උත්සහා කරන්නට විය. එවකට උතුරේ ත්‍රස්තවාදයද උපරිමයටම ගිය කාලවකවානුවකි. යලිත් දේශපාලනික චිත්‍රපටයක් කිරීමට ගාමිණීට සිතක් පහළ වූයේ, පවුලේ කථා ,බජාර් කථා ,වලට වඩා, ගාමිණි දක්ෂ දේශපාලනික චිත්‍රපට වලට බව ඔහුට සක්සුදක් සේ පැහැදිලි වූ නිසාය. ඒ කාලයේදී ඔහුට ඇත්තටම දේශපාලන උණක් තිබු අතර ලාංකේය දේශපාලනය ගැනත්, උතුරේ යුද්ධය ගැනත් ඔහුට මනා වැටහීමක් තිබුණි. මේ සියල්ලම කැටි කොට ඔහුගේ සිත තුළ අපූරූ කථාවක් පිලිසිදීය. . මෙයට අරළු,බුළු,නෙල්ලි, එකතු කර ගතහොත් වැඩේ දැවැන්ත බව ඔහු දැනගති. සක්විති සුවය චිත්‍රපටයෙන් තරමක් අනාගත් ඔහු ,මෙම තේමාවට ආයෝජකයෙක් සොයා ගැන්මට උත්සුක විය. ඔහු මුලින්ම මෙම තේමාව කීවේ ඔහුගේ අතිජාතක මිතුරු ටෝනි රණසිංහටය.එලෙසෙම ගාමිණි ගේ සිතේ පිළිසිදුනු තේමාව කථාවක් ලෙස ගොනු කර තිර රචනය හා දෙබස් ලියන්නට භාර කලේද ටෝනි රණසිංහටය.මෙය දැවැන්ත කෘතියක් වන බව ටෝනිටද වැටහෙන්නට ඇත. එහෙයින් සෙවිය යුත්තේ මෙයට උරදිය හැකි හොද නිෂ්පාදකවරයෙකි. ඔවුනට පීටර් පෙරේරා හමුවූයේ මේ අතරෙදිය. වැඩේ ගොඩය. ජනප්‍රිය වීමට පීටර් පෙරේරා කොහොමත් කැමතිය. ගාමිණී ෆොන්සේකා සමග චිත්‍රපටයක් කරනවා කී විට පීටර් පෙරේරාද ඉබේටම උඩ යන්නේය. අන් අතකට මෙය දැවැන්ත චිත්‍රපටයකි . පීටර් පෙරේරා ට ඇති වෙන්නට මුදල් තිබුණි . එහෙයින් ඔහුට අත දිග හැර වියදම් කිරීමට හැකියාවද තිබුණි. ටෝනි රණසිංහ කථාව දෙබස් හා තිරනාටකය ලිවිය. ගාමිණී ෆොන්සේකා සිතු සේම එය සුපිරියටම ලියා තිබුණි. ඔවුන් කාර්මීක ශිල්පීන්ව තෝරා ගන්නට පටන් ගති. සහය අධ්‍යක්ෂණයට ඇන්ටන් ග්‍රෙගරි ව තෝරා ගති. කැමරා අධ්‍යක්ෂණය නිතැගින්ම වී.වාමදේවන්ට ගියේය. සංස්කරණය එස්.එච්.අලිමාන් සහ ගාමිණි විජේමාන්න භාරගත්තේ ඩී.බී.නිහාල්සිංහගේ අධීක්ෂණය යටතේය. අංග රචනයට ඊබට් විජේසිංහවද ,සංගීතය සෝමපාල රත්නායකටද, කලා අධ්‍යක්ෂණය එරල් කෙලි සහ සේන මාඹුලගේ ටද, භාර කළේය. ගාමිණි ෆොන්සේකා මෙතෙක් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට වූ "පරසතුමල්" "උතුමාණෙනි" "මයුරිගේ කථාව" "බාදුරාමල්" "සාගරයක් මැද" "රෑ මනමාලි"හා "සක්විති සුවය" අතුරෙන් වර්ණයෙන් ඔහු නිපදවූයේ "සාගරයක් මැද" පමණි. එහෙයින් මෙය වර්ණයෙන් නිපදවීමට ඔවුහු තීරණය කළෝය. නළු නිළියන් තේරීමේදී කිසියම් ඝට්ටනයක් සිදු කල යුතු යැයි ටෝනි රණසිංහට සිතුනි. ඔහු ඔහුගේ සිතැගි වහා වහා ගාමිණීට හා පීටර් පෙරේරාට කීය. ඔවුන්ද එකසේ කැමති විය. එයිනුත් පීටර් පෙරේරා උද්දාමයකට පත් වූයේ එය සිදුවුවහොත් තමා නිතැගින්ම ලාංකේය සිනමා ඉතිහාසයේ නොමැකෙන සිහිවටනයක් වන නිසාය. ටෝනි ගේ යෝජනාව වූයේ, 1977 වර්ෂයේ "දෙවියනි ඔබ කොහිද?" චිත්‍රපටයෙන් පසු කිසියම් විරසකයක් නිසා දෙපසට වෙන්වූ එවකට අතීශයින්ම ජනප්‍රිය සිනමා පෙම් යුවළ වූ ගාමිණි- මාලනී අවුරුදු 9යකින් පසු නැවත එකතු කිරීමය. මොවුන් මෙම යෝජනාව මාලනී ෆොන්සේකා වෙත රැගෙන ගියෝය. මාලනී එම යෝජනාවට කැමති විය. එතනින් පසු හැම සිනමා පුවත්පතකම විශේෂිතව සටහන් වූයේ පීටර් පෙරේරා විසින් 9 වසරකට පසු ගාමිණී- මාලනී ව නැවත එක් කරයි යන සිරස්තලයය. එයද ගාමිණි ෆොන්සේකාගේ නවතම අධ්‍යක්ෂණයෙන් කියාය. එයට ගාමිණී -මාලනී -ටෝනි- සහ පීටර් පෙරේරා සමග සිටින පින්තූරද පළවිය. ප්‍රේක්ෂකයන්ට මෙය අතීශයෙන්ම සතුටුදායක ආරංචියක් විය. එහෙත් ඉන් සතියකට පමණ පසු, මාලනී මෙයින් ඉවත් වූ බව එම පුවත්පත්ම දැන්වීය. මාලනී කියා සිටියේ තමා එහි තිරනාටකය කියවූ බවත්, එම චරිතය රගපෑම තමාට තරමක් අපහසු බවක්ය. ඇත්තෙන්ම එය ආන්දෝලනාත්මක චරිතයකි. එය මාලනී වැන්නෙකුට ගැළපෙනවා අඩුය. එහෙයින් ඉතාමත් සුහදශීලිව මාලනී ඔවුනට මෙය පහදා දී, මෙයින් ඉවත් විය. පීටර් පෙරේරා,මෙන්ම ප්‍රේක්ෂකයන්ගේද,බලාපොරොත්තු කඩ විය. ටෝනි රණසිංහගේ දෙවැනි තේරීම ගීතා කුමාරසිංය. ඇය එම චරිතයට ටක්කෙටම ගැලපුණි. චිත්‍රපටයේ නම ආන්දෝලනයක් විය යුතු යැයි ගාමිණී සිතුවේය. එවකට කොටි යුද්ධය දරුණු අන්දමට පැවතුනු සමයයි. මෙම කථා වස්තුවද උතුරේ කොටි ත්‍රස්තවාදීන් මෙල්ල කිරීමට යන පොලිස් ඉන්ස්පෙක්ටර්වරයෙකු වටාය. එහෙයින් එයට "කොටි වලිගය" යන නම යෙදීමට ගාමිණි යෝජනා කළේය . උතුරේ කොටි ත්‍රස්තවාදය මෙල්ල කිරීමට ගිය ඉන්ස්පෙක්ටර් සරත් රණසිංහ හා ඔහු යුධ කටයුතු වලට ගිය පසු පාළුවේ හුදකලාවේ ජීවිතය ගත කරන අතීශයෙන්ම රූමත් ඔහුගේ බිරිද වූ නිල්මිණි රණසිංහ වටා දෝලනය වූ මෙම කථාව තුල හැල හැප්පිලි ගණනාවකට මුහුණ දීමට මෙහි බොහෝ චරිත වලට සිදුවිය. යුධමය හා ,දේශපාලනික හේතුන් මත බලාපොරොත්තු වන හා බලාපොරොත්තු නොවෙන සිදුවීම් සමුහයකට සරත් රණසිංහ මුහුණ දෙන විට, උණුසුම් වී, සිරුර පුරා රස නහර තුළ සරත් රණසිංහ මාසෙකට පමණක් ඇවිත් අවුස්සන තම කාම රාගය, ඉතිරිකර ඔහු ගිය පසු ඒවා සතපවා ගැන්ම,මූලික ප්‍රශ්නයක් කරමින් තැවෙන සරත් ගේ බිරිදව,පොලබවා ගන්නට උත්සහා දරන යාබද නිවසේ වයසක මිනිසෙකු හා විවාහ වුණු රූමත් ලාබාල බර්ගර් තරුණියකගේ අසම්මත සබදතාවයට පවා නැඹුරු වන නිල්මිණි රණසිංහ තුලින් තිරනාටක රචකයා පෙන්නුම් කිරීමට උත්සහා කළේ, අයෙක් රට වෙනුවෙන් කාර්යශූරය වනවිට,තව අයෙක් කාම රාගයට කාර්යශූර්ය වන බවය. එය තව තවත් තීව්‍ර වනුයේ, එකී මහලු බර්ගර් මිනිසාගේ නිවසට යන එන කඩවසම් තරුණයාට,එම මහලු මිනිසාගේ සිත ඇදීයාමත් , නිල්මිණි රණසිංහ දොස්තර රවින්ද්‍රන් නම් ද්‍රවිඩ මිනිසකු සමග රහස් පෙම් හා ලිංගීක ඇසුරක් පවත්වා ගෙන යෑමත් ය. කොටි වලිගය යථාර්ථවාදී තේමාවක් තුල පිබිදී යන කථා ශාරයකි . සෑම මිනිසෙක් හා ගැහැනියක් තුළ යක්‍ෂ යක්ෂණියන් සිටීමත්, සෑම යක්‍ෂ යක්ෂණියන් තුළ මිනිසුන් හා ගැහැණුන් සිටීමත් ඒ තුලින් මනාව පෙන්නුම් කරයි. මෙහි හැම චරිතයකටම තිබෙන්නේ විවිධාකාර ප්‍රශ්නය. ඒ රාගීක ප්‍රශ්න වලට ඔවුනොවුන් පිළිතුරු සොයා ගත්තාට අවසානයේ තනිවී විනාශවී යන්නේ යුධමය හා දේශපාලනීය බලපෑම් මත හිරවුණු ඉන්ස්පෙක්ටර් සරත් රණසිංහ ගේ ජීවිතයය. ගාමිණි "කොටි වලිගය" ඉතාමත් සුක්ෂම ලෙස අධ්‍යක්ෂණය කර තිබුණි. සංකීර්ණ ප්‍රශ්න රාශියක් එක මිටට රැගෙන සිදුවීම් හරහා කථාවක් නොවන කථාවක් අමුණා යුගයේ දැඩි පීඩනය වූ උතුරු ත්‍රස්තවාදී යුද්ධයේ ඉදිරි ප්‍රථිපලයේ ඉගිය තම ජීවිත පරිත්‍යාගය තුලින් පවසන අතර, දේශපාලකයන්ගේ, කුහක,වංචනීක,ක්‍රියාකාරකම් තුළින් රට විනාශ වන සැටිත්, එයට පෙළ ගැසෙන සාධාරණ මිනිසුන්ට සිදුවන දේත්, එයට තව අතකින් පෙළගැසෙන අසාධාරණ මිනිසුන් මෙය තුවාලයක් කර ගෙන, එයින් බඩ වියත පමණක් නොව,සුර සැප විහරණ බුක්ති විදින්නට සැලසෙන අයුරුත්, යුද්ධය මහා ජයට විකුණන්නට සැරසෙන කපටි දේශපාලකයන්ගේ හෙළුව විටින් විට ඉදිරිපත් කිරීමට ගාමිණි ෆොන්සේකා කොටි වලිගය තුළින් ගත් තැත නම් ප්‍රසංසනීයය. ගාමිණි "කොටි වලිගය" විශිෂ්ට ලෙස නිර්මාණය කර තිබුණි. එයට කදිම සාමුහීක සහභාගිත්වයක් තිබු අතර , හොද සැලසුමක් තිබුණි. කාර්මීක ශිල්පීන් වේවා, රංගන ශිල්පීන් වේවා, අතී විශිෂ්ට ලෙස තමනට ලැබූ කොටස,ගාමිණි සිතුවාටත් වඩා නිම කර තිබුණි. හැම චරිතයකටම කිරීමට යමක් තිබු අතර , ගාමිණී ඒ සියල්ලන්ගෙන්ම උපරිම ප්‍රයෝජන ගෙන තිබුණි . මෙහි තිබු ප්‍රධානම චරිත හතර ට පමණක් චිත්‍රපටයේ රිද්මය ගෙන යාමට නොහැකිය. ඒවා යා යුත්තේ අන් චරිත හා එකට බැදීය. ඉන්ස්පෙක්ටර් සරත් රණසිංහ ගේ ප්‍රධාන චරිතය ගාමිණී ෆොන්සේකා විසින්ද, ඔහුගේ බිරිද වූ නිල්මිණි රණසිංහගේ චරිතය ගීතා කුමාරසිංහ විසින්ද රගපෑහ. එයට සම්බන්ධ වූ අනෙක් චරිත යුගල නම් දොස්තර රවින්ද්‍රන් හා මන්ත්‍රී රාජසූරියයි. එය පිළිවලින් රවින්ද්‍ර රන්දෙණිය හා ටෝනි රණසිංහ විසින් රගපෑ අතර අනෙක් චරිත වූ බර්ගර් යුවල රොඩ්නි ජොන්ක්ලාස් සමග නවක නිළි ඇන්ජලා සෙනවිරත්න ද, එයට බද්ද වූ අනෙක් චරිත සනත් ගුණතිලක, රෙක්ස් කොඩිප්පිලි , මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, දයානන්ද ජයවර්ධන, ලීනා ද සිල්වා, චන්ද්‍ර පීරිස්, එච්. ඒ. පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, ශාන්ති ලේඛා, රොඩ්නි ජොන්ක්ලාස්, ෆීලික්ස් ප්‍රේමවර්ධන, සිසිර කුමාරතුංග, ටෙඩී විද්‍යාලංකාර, විල්සන් ගුණරත්න, චිත්‍රා වාකිස්ට, රෝහිත මාන්නගේ, බර්ටි සුනිල්, සුමිත් මුදන්නායක, පීටර් පෙරේරා, දේවිකා කරුණාරත්න, සරත් ද සිල්වා, රිචට් සොයිසා, ලූෂන් ද සොයිසා, ප්‍රේමනාත් මොරායස්, යූ. ආරිය විමල්, ඊබට් විජේසිංහ, පියතිලක අතපත්තු, ත්‍යාගරාජන්, ටිරෝන් මයිකල්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ විසින් තිරයේ මැවීය. මේ හැම චරිතයක් තුළම ජීවමාන බවක් තිබුණි. ඉතා සුළු චරිත පවා දැඩි අවධානයකට ලක්විය. නිදසුනක් ලෙස සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ චරිතය ගත හැක. මේ සියල්ල අතරේ ඔහුගේ හිත මිතුරන්ටද ඔහු චරිත දී තිබුණි. ලුෂන් ද සොයිසා , ප්‍රේමනාත් මොරායස් ,ඊබට් විජේසිංහ ,ත්‍යාග රාජන් ඒ අතරින් කීපදෙනෙකි.සනත් ගුණතිලකටද ලැබුණේ සුළු චරිතයකි. එය උවමනාවෙන් බැලූ විටය දැනෙන්නේ රොඩ්නි ජොන්ක්ලාස් හා සනත් ගුණතිලක අතර අසම්මත සම්බන්ධයක් ගොඩ නැගෙන බවකි. එවන් දෙයක් සිදු වෙනවා, නොසිදුවෙනවා, යන අස්ථීර අන්දමට එය අධ්‍යක්ෂණය කර තිබුණද, බුද්ධිමත්ව මෙම සිදුවීම් මාලාව දෙසබලා සිටියෙකුට යථාර්ථය තේරුම් ගත හැකිය. පීටර් පෙරේරා ටද චරිතයක් දී තිබුණි . එය හුදෙක් ඔහුව සැනසීමට දුන් චරිතයක් බදුය. නමුත් ගාමිණි ෆොන්සේකාගේ අතට අසුවන ඕනෑම මැටි පිඩක් ,තමනට අවශ්‍ය අන්දමට ජීවමාන කරගෙන ,හසුරා ගන්නා අන්දම ඔහු දන්නා, හෙයින්, පීටර් පෙරේරාටද නළුවෙකු වීමට හැකිවිය. "කොටි වලිගය " අති විශිෂ්ට වූ චිත්‍රපටයකි. ගාමිණී මුළු ශ්‍රමයම යොදා,අපූරුවට නිර්මාණය කල සිතුවම් පටයකි. එය ඉරෝෂා චිත්‍රපට සමගම විසින් ඉදිරිපත් කලේ එකල සම්භාවනීය චිත්‍රපට මණ්ඩලය වූ 5ස් වන මණ්ඩලයේය.. එය තිරගත කලේ 1986 අගෝස්තු 1 වනදාය. 1987 පහලොස්වන සරසවිය සම්මාන උළෙල්දී හොදම තිරනාටකය සදහා "කොටි වලිගය "වෙනුවෙන් ටෝනි රණසිංහට හිමි විය. එලෙසම මතකය නිවැරදි නම් මෙම වසරේ හොදම සහය නිළිය සම්මානය ඇන්ජලා සෙනවිරත්න විසින් දිනා ගති. සතිශ්චන්ද්‍ර එදිරිසිංහට ද අගය කිරීමක් ලැබුණා මතකය. එම අවුරුද්දේ "මල්දෙනියේ සිමියොන් " අන්තර් ජාතික සම්මාන දිනු නිසා, සරසවිය ජූරි සභාවට ඒ ගැන සිතන්නට සිදු වෙන්නට ඇත. එහෙයින් "කොටි වලිගයට" හිමි විය යුතු සම්මාන කීපයක්ම එම වසරේදී ගිලිහි ගියා විය හැක.
(ලබන සතියේ තව කොටසක්)
|