|
දරුවෝ කවදා හරි යන්න ඕනෙ නේ
‘දුව ට අපිව දාල යන්න දුක නැද්ද?’
චුට්ටං මුදලාලි ඇසුවේය.ඔහු බිනරි ගේ කාමරයට පැමිණියේ දිගු කලකට පසුවය.බිනරි සිටියේ
දුරකතන කතාවකය. ඉතාලියේ වෙසෙන මනෝජ් සමග කතා කරන්නට ඇයට එය අරන් දෙන ලද්දේ තාත්තා
විසිනි. තාත්තා කාමරයට පිවිසි දුටු බිනරි කතාව නැවැත්වූවාය.ඇයගේ විවාහ මල් කළඹ
අල්මාරිය මත තිබෙනු චුට්ටං ට පෙනිණ.ඔහු දියණියගේ ඇඳ මත වාඩිවිණ.බිනරි කිසිත්
පැ ‘ඕවා ඔහොම තමයි දරුවෝ.කවදාක හරි යන්න ඕන නේ.’ තාත්තා පැවසුවේ හිත හදා ගන්නටයි බිනරිට සිතිණ.සරෝජා ගේ විවාහයේ දෙවැනි මනමාලිය ව සිටි බිනරි එයින් තුන් මසක් ගත වන්නටත් ප්‍රථම මනාළියක වූවාය.මගුල් ගෙදර මහ ඉහළින් කරන්නට චුට්ටං ට වුවමනාව තිබිණ. ‘ඉන්නේ එකයි.ඒක හරියට වෙන්ඩ ඕනෑ.’ චුට්ටං කියා සිටියේය.එබැවින් දන්නා හඳුනන හැමෝටම මහ ඉහලින් මංගල්‍ය කියන්නට ඔහු කල්පනා කළේය.මනෝජ් ට අවශ්‍ය වූයේ සුළුවෙන් මගුලක් කා බිනරි කැන්දා ගෙන යන්නටය. ‘පිස්සුද දරුවෝ.’ චුට්ටං තීරණාත්මක ලෙස පැවසුවේය.එහි ස්වරය දුටු මනෝජ් එයට විරුද්ධ කිසිදු වචනයක් හෝ නොපවසා කරබා ගත්තේය. ‘මං මහා ලොකු සල්ලි කාරයෙක් නෙවේ.ඒ වුනාට කරන්නේ එක පාරයි.ඒක හරියට කරන්ඩ ඕනෑ.මොකද මට ඉන්නේ එකා හින්දා’ චුට්ටං පැවසුවේ මනෝජ් ගේ උරහිසට අත තබමිනි.ඒ අත තමන්ට බර වැඩියැයි මනෝජ් ට වැටහිණ. ‘මේවාට නැති සල්ලි මොකටද ?’ ඔහු යළිත් ඇසුවේය.එයට සිනාසීම හැර වෙනත් පිළිතුරක් මනෝජ් සතු නොවීය.එය ද ආයාසයෙන් මවා ගත් සිනහවක් විය. මනෝජ් බිනරි සමීපයට ගියේය. ‘තාත්තාට ඔිනෑ ලොකු මගුලක්’ ඔහු බිනරිට පැවසුවේය. ‘ඇයි ඔයා කැමැති හොරෙන් මගුල් කරන්නද?’
බිනරි ඇසුවේ මනෝජ් තවත් අසරණ ක ‘බොරු වියදම් වලට මම කැමැති නැහැ’ මනෝජ් පැවසුවේය. ‘මමත් කැමැති නෑ.තාත්තා සාමාන්‍යෙයන් එහෙම වියදම් කරන්නේ නෑ.ඒ වුනාට තාත්තාට ඉහලින් කරන්ඩ ඕනෑලු‘ සරෝජා ගේ විවාහයේ දෙවැනි මනමාලිය ලෙස සැරසුණ දවසේ සිට ඉහලින් මංගල්‍යයක් කරන්නට තමා තුළ ද ආසාවක් විණැයි නොකියා සිටින්නට බිනරි පරිස්සම් වූවාය.මනෝජ් සමග ඇවිදින්නට ගිය විට ඇඟලුමක් දකින බිනරි සාප්පු ළඟ නතරව හැඩ බලන්නීය. ඔහු එය නුදුවාක් මෙන් සිටින්නට උත්සාහ කරන හැටි ඇය දැන ගත්තාය. ‘බොරු ගණන්’ ඔහු අන්තිමට කියා සිටින්නේය.ඒ සාප්පුව ඇතුළට ගොස් ඇඳුම සිරුරෙහි දවටා ගෙන හැඩ බලන බිනරිට මනෝජ් පැවසුවේ හෙමිහිටය.මනෝජ් රජයේ සේවය අත හැර විදෙස් ගතව ඇත්තේ යහපත් අනාගතයක් ගොඩ නැංවීමටය. ‘සල්ලි කියන දේ හම්බ කරන්ඩ අමාරුයි.වියදම් කරන්ඩ ලේසයි.’ බිනරි ගේ තේරිම දුටු මනෝජ් පැවසුවේය. තාත්තා ද විටෙක කියන්නේය.බිනරි තෝරා ගත් ඇඳුම ආපසු තැබුවාය. ‘නෑ නෑ ඔයා කැමති නම් ගන්ඩ’ මනෝජ් පැවසුවේ තමන් අතින් වුන වරදක් වසා ගන්නට තැත් කරන විලාසයෙනි. ‘නෑ ඒක එච්චරම හොඳ නෑ..’ විවාහයත් දෙවෙනි ගමනත් එකම උත්සවයකින් හමාර කළ යුතුයැයි මනෝජ් කළ යෝජනාවට ඔහුගේ මව විරුද්ධ ව තිබිණ.අවසානයේ සියල්ලනටම අවනත වන්නට මනෝජ්ට සිදුවිය.තම විවාහය සඳහා මත්පැන් නොගෙන යුතුයැයි මනෝජ් කළ යෝජනාව චුට්ටං මුදලාලි ද මනෝජ් ගේ සොහොයුරා ද ඉවත දැමූහ. ‘මිනිහෙක් එහෙම තැනකට එන්නේ හොඳට කාලා බීලා යන්න‘ චුට්ටං පැවසුවේය. ‘මේක මහා වියදමක් යන වැඩක් නේ’ ඒ ඇසූ මනෝජ් සොහොයුරා හමුවේ ඤුරු ඤුරු ගා තිබිණ. ‘තමුසේ මගුල් කන්නේ ලාබ පාඩු බලා ගෙන ද හලෝ’ සොහොයුරා එවර මනෝජ් ගේ ඇඟට ගොඩවිණ. තම අසල්වැසියන්ටත් නෑයන්ටත් හිතවත් ව්‍යාපාරිකයන්ටත් චුට්ටං ආරාධනා කළේය.බිනරිට ආරාධනා කරන්නට සිටියේ යෙහෙළියන් කිහිප දෙනෙක් පමණී,විවාහ මංගල්‍යය පැවැත්වූයේ පිළියන්දල හෝටලයකය.බිනරි සහ මනෝජ් මංගල අසුන අරා සිටියහ. යෙහෙළියන් ද හිතවතුන් ද ඔවුන් අතරට පැමිණ සුබ පැතූහ. ‘මාව මතකද දන්නේනෑ’. බිනරි උඩ ගිහින් බිම වැටිණ. ‘දසයා’ ඇයට කෑගැසිණ.වෙනදා මෙන් නොව දසයා ටයි පටියක් පැළඳ මහත්තයෙක්ව සිටියි.මනෝජ් නොමනාපයෙන් මෙන් ඔහු දෙස බැලුවේය.ඇය ඒ ගැන තැකීමක් නොකළාය. ‘ඔය ගොල්ලන්ගේ කඩේ පැත්තේ අපි ෂූට් කළා නේ.එතකොට තමයි අන්කල් කිව්වේ.’ දසයා පැවසුවේය.දසයාට ආරාධනා කළ වග තාත්තා පැවසුවේ නැත. ‘මෙයාට අපි කියන්නේ දසයා කියලා. මෙයා හොඳ නළුවෙක්.දැකලාත් ඇති.’ බිනරි දසයා හඳුන්වදුන්නේ එහෙමය.ඔහු හමුවේ ඇය වෙනදාට වඩාකෙළිලොල් හැඟිමකින් කටයුතු කළේ යැයි මනෝජ් ගේසිත කිව්වේය. ඔහු දසයාට අත දුන්නේ සිනහ මුසු මුහුණෙන් නොවේ.දසයා සමග කතා කරන්නට උපන් ආසාව ඇය මැඩ ගත්තේ එතැනට තවත් නෑයන් පැමිණි හෙයිනි. ‘කවුද ඒ හාදයා.?’ මනෝජ් විමසුවේ රකුසු කර ගත් මුහුණිනි. ‘අපේ පරණ යාළුවෙක්.මං පස්සේ විස්තර කියන්නම්’ බිනරි ඊළඟට පැමිණි අමුත්තන්ට ආචාර කළාය.එකිනෙකා සිප සුබ පතන්නට ගොස් ඇයට මහන්සිය.විවාහයෙන් පසු දසයා ගැන විමසන්නට මනෝජ්ට සිහිපත් නොවූවාසේය. විවාහ උත්සවයෙන් මාසයකට පසු බිනරි ද ඉතාලියට යෑමේ දිනය ළඟා විය.එය චුට්ටං මුදලාලි ට මහත් දුකක් උපද වන්නට සමත් විය. ‘කොච්චර උණත් කෙල්ල රට යන දවස් ළංවෙන කොට ඉහිලුම් නෑ සුමනා’ ඔහු සිය බිරින්දෑට පැවසුවේය.මුළු ජීවිතයම කඩය වෙනුවෙන් වෙහෙසුණු චුට්ටං දියණියගේ වවාහයෙන් පසු යළි තමා සමග දුක සැප බෙදා ගැන්ම අරඹා ඇතිසේය. ‘එහෙම තමයි.කෙල්ලො දීග දෙන්ඩ එපායැ’. බිරින්දෑ සිය සැමියා සනහන අටියෙන් පැවසුවාය. ‘මටත් දැන් මේවා එපා වෙලා.මං කල්පනා කළේ අනුරාධපුරේ ගිහින් අර ඉඩම වවන්න.මේව්වා කොච්චර කළත් ඉවරයක් නෑ තාත්තා හිටි අඩියේ මහලු වියට එළැඹෙමින් සිටින්නේයැයි බිනරිට සිතිණ.ඇයට තාත්තා ගැන දුකක් ඇතිවිණ.එහෙත් යොදා ගත් ගමන නොගිහින් බැරිය.මනෝජ් ඇය එනතුරු බලා සිටින්නේය.ගත වූ දින කිහිපයේ ඔහු නැතුව ගෙවුණ සාංකාව වෙනදාටත් වඩා වැඩිය. විවාහයෙන් පසු ගත කළ දින කිහිපය යළිත් ගත කරන්නට ඇත්නම් ඇයට සිතිණ. ‘අනිද්දා උදේ නේද දුවේ ප්ලේන් එක’ ඇත්තට මුහුණ දිය යුතුය.චුට්ටං හිත හදා ගන්නට තැත් කළේය. |