වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




ශිල්ප ඉගෙන ගමු

ශිල්ප ඉගෙන ගමු

නව පරපුරේ රංගන ශිල්පීන් යුවලක් ජනවාරි මාසයේ තමන් උගත් ශිල්පය බෙදා හරින්නට සූදානම් වෙනවා. ප්‍රවීණයන් රැසක් සම්බන්ධ වන මේ කටයුත්තට ඒ ඔස්සේ තවත් පිරිසකට අතහිත දෙන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. මේ අය තමයි ධනංජය සිරිවර්ධන හා සහ සම්පත් ජයවීර. ධනා ක්ෂේත්‍රයට ඇවිත් වසර පහළොවයි. සම්පත් ඇවිත් වසර විස්සක් සපිරෙනවා. මේ කාලය අතරතුරදි ලබාගත් දැනුම ශිල්ප ශාලිකාවක් ඔස්සේ බෙදා හැරීමටයි ඔවුන් අපේක්ෂා කරන්නේ ‍. ප්‍රාණ ඇක්‍ටින් ස්කූල් නමිනුයි ඒ රංගන පාසල නම් කරලා තිබෙන්නේ. රංගනය ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න, රංගනයේ නියැළිලා රංගනය ඉගෙන ගන්න කැමැත්තෙන් ඉන්න ඔබට ඔවුන් දෙදෙනා සමඟ එක්වෙලා ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්නට එන්න කියලා ආරාධනා කරනවා. විස්තර දැන ගැනීමට නම් ඔබ කළ යුත්තේ 0764- 500305, 0720-769669 යන දුරකථන අංකවලට කතා කිරීමයි.