|
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්
සිකුරු තරුවේ පුණ්‍යාට පෙම්බැඳි ෂෙල්ටන්
ඔහු ෂෙල්ටන් සිල්වා හෙවත් දෙවරහන්දි ෂෙල්ටන් සිල්වාය. 1939 අපේ‍්‍රල් 09 වැනිදා උපත ලැබූ ඔහු කුඩා කළ සිට වේදිකා නාට්‍යවලට පෙම් කළේය. එයට ප්‍රබල හේතුවක් වූයේ තම වැඩිමහල් අක්කාගේ තනියට ගොස් ආර්මෝල්ඩ් වික්රමසූරියගේ වේදිකා නාට්‍යයක පුහුණුවීම්වලට සහභාගිවීමය. කුඩා කල සිටම අක්කා රඟපානු බලා සිටි ඔහුට රඟපෑම ගැන ආශාවක් ඇති විය. ෂෙල්ටන්ගේ කලා ජීවිතය ගැන ලිවීමට මම, කැමරා ශිල්පී ලාල් සෙනරත් සමඟ පන්නිපිටියේ ඇරැව්වල අංක 336/6 නිවසට ගියෙමි. ගාල්ලේ සිට කොළඹට පැමිණි ෂෙල්ටන් දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබීය. ඒ කාලයේදීම බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේ අමරදේවයන් විසින් පවත්වා ගෙන ගිය සංගීත පන්තියට ද ඔහු බැඳුණේය. මේ ඔහු අතීත කතාව සිහි කළ අයුරුයි. 'මගේ කලා ජීවිතයට දොරටුව විවෘත වුණේ අමරදේව සූරීන්ගේ සංගීත පන්තියේදී. දිනක් එතැනට පැමිණි මහා සංගීතඥ, ගායක ආනන්ද සමරකෝන් මහතා මාව ඩැහැ ගත්තා. 'ඔබ වේදිකාවට ගැළපෙන කෙනෙක්. මම 'රන් එතනා' නම් නාට්‍යයක් කරනවා. හෙටම මා හමුවන්න' ඔහු කීවා. එතැන සිටි මමත්, ධම්ම ජාගොඩත්, සිරිල් වික්රමගේත් 1961 වසරේ මේ නාට්‍යයේ රඟපෑවා. නන්දා මාලිනී එදා ඒ නාට්‍යයේ ගීත ගැයුවා. ඒ කාලේ ධම්ම, සිරිල්, මම කායවර්ධන ව්‍යායාම් කරනවා. අපි ආනන්ද සමරකෝන්ට කතා කළේ 'බාබුජී' කියලා. වයසට ගියත් ඔහු සෞන්දර්යවාදියෙක්. රසවතෙක්. සංවේදී මිනිසෙක්. දවසක් ධම්ම, සිරිල් හා මම ඔහු නවාතැන්ගෙන සිටි වැල්ලම්පිටියේ ගෙදරට ගියා. ඔහුව අවදි කළත් ඔහු නැගිට්ටේ නැහැ. අපි ඔහුව රෝහලට ගෙන ගියා. ඔහු නිදි පෙති වැඩියෙන් බීලා. අපි නිසා එදා ජීවිතය බේරා ගත්තත්, 1962 අප්‍රේල් 05 අපි එහි යන විට ඔහු නිදි පෙති වැඩියෙන් බී ජීවිතය තුරන් කරගෙන තිබුණා. මට මේ සිද්ධිය අමතක නොවන සිදුවීමක්.' ෂෙල්ටන්ගේ මුල්ම රැකියා ස්ථානය වූයේ නාරාහේන්පිට මිනුම් දෙපාර්තමේන්තුවයි. එහි කලාවට ඇලුම් කළ බොහෝ පිරිසක් වූහ. ධම්ම ජාගොඩ, සැන්ටින් ගුණවර්ධන, පිට්ස්රෝයි ද මැල්, හෙක්ටර් රූපසිංහ, පී. බී. මයිල්ලෑව මේ අතර කැපී පෙනුණි. එකල ෂෙල්ටන් කඩවසම් තරුණයෙකි. එදා 'රන් එතනා' නාට්‍යයේ ටිකිරා ලෙස රඟපානු දුටු ජී. ඩී. ඇල්. පෙරේරා තමා විසින් නිෂ්පාදනය කළ 'කඳුළු' නාට්‍යයට ෂෙල්ටන් හා ධම්ම තෝරා ගත්තේය. ජී. ඩී. එල්ගේ කඳුළු, සක්කර වට්ටම්, රතු රෝස ඇතුළු නාට්‍යවල රඟපාන අතර මීරිගම හිටපු මන්ත්‍රී 'කුරුළු බැද්ද' චිත්‍රපටයේ නිෂ්පාදක ජෝන් අමරතුංග හා පී.කේ. ඩී. සෙනෙවිරත්න නිපදවන 'සිකුරු තරුව' චිත්‍රපටයට තරුණ නළුවකු අවශ්‍ය බව කියවෙන ආරංචිය ෂෙල්ටන්ගේ කනට වැටුණේය.
1965 වසරේ මම රඟපෑ 'සාමා' චිත්‍රපටයේ මා රඟපෑ සිරිමල් නම් චරිතය ගැනත් විලේගොඩ (1965 මැයි 19) ලියූ විචාරයේ මෙහෙම ලියා තිබුණා. 'සිංහල සිනමාවේ බොහෝ ප්‍රධාන නළුවන් ගැන සිතන විට ෂෙල්ටන් සිල්වා (සිරිමල්)ගේ පෙනුමේ පමණක් නොව රඟපෑමේ ද සංවරකමක් පෙනේ.' 'සාමා' චිත්‍රපටයේ රඟපාන කාලයේ ෂෙල්ටන්ගේ මව මිය ගියාය. අම්මාගේ මරණයේ වේදනාව නිසා ටික දිනක් ඔහු රඟපෑමෙන් ඉවත්ව නැවත පැමිණියේ චිත්‍රපටයේ සිරිමල්ගේ මව මිය යන දර්ශනය රඟපෑමටය. 'මට ඒ දර්ශනය රූ ගැන්වෙන විට මට මගේ මවගේ මළගම සිහියට නැඟුණා. චිත්‍රපටයේ අම්මාගේ අවමඟුල් පෙරහැරේ මම ඇවිදගෙන ගියේ එදා මගේ මවගේ අවමඟුලේ ගිය ශෝකභරිත හැඟීම් සමුදායත් අරගෙන. මේ දර්ශනය පසුබිමින් චිත්‍රපටයේ දේවානන්ද වෛද්‍යසේකර භාවපූර්ණ ගීතයක් ගැයෙනවා. මේ ගීතය රචනය කළේ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර. සංගීතය නිර්මාණය කළේ ජයතිස්ස අලහකෝන්.
මිහිර මැකී යනවා ඒ සිහිනේ පුතු තනිකම ඉපදී හද තුළ තෙරපෙනවා' අදත් මේ ගීතය ඇසෙන විට මට මගේ ආදරණිය අම්මා මතකයට එනවා. ඒ වගේම මේ මෑතකදී මගේ බිරිඳ මිය ගියා. මේ මාසේ 03 වෙනිදා. එදත් ඇගේ අවමඟුල දා මට අර ගීතය මතකයට ඇවිත් දෑසට කිහිප විටක් කඳුළු ආවා' ෂෙල්ටන් කඳුළු බර දෙනෙතින් කීවේය. ෂෙල්ටන් ස්්ටැෆර්ඩ් විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේයි ඔහුගේ අනාගත බිරිඳ වෙසමිත්තා වික්‍රමසේකර හඳුනා ගත්තේ. මේ දෙදෙනා එම පාසලේ අධ්‍යාපනය ලබලා වසර කිහිපයකින් විවාහ විය. වෘත්තියෙන් ගුරුවරියක් වූ බිරිඳ වඩාත් කැමති චිත්‍රපටය තම සැමියා රඟපෑ 'සිකුරු තරුව' ලු. 'සාමා' චිත්‍රපටයෙන් පසු ෂෙල්ටන් රඟපෑවේ 'සීතල වතුර' චිත්‍රපටයේය. සිත්තරෙකු ගේ චරිතයක් රඟපෑ ඔහුගේ පෙම්වතී නාමලී ලෙස රඟපෑවේ අනුලා කරුණාතිලකය. 'සීතල වතුර' චිත්‍රපටය මා අවසන් වරට ප්‍රධාන චරිතය රඟපෑ චිත්‍රපටයයි. අර ිවිලේගොඩ නම් විශිෂ්ට චිත්‍රපට විචාරකයා කී පරිදිම විනීත, සංවර ප්‍රේම දර්ශන මමත් අනුලාත් රඟපෑවේ. චිත්‍රපටයේ නිෂ්පාදක ඇල්. ඒ. දාවිත් සිංඤෝ මහතාත්, ඔහුගේ බිරිඳ කැරලයින් මහත්මියත් දූ පුතුන්ගේ කාරුණික ආගන්තුක සත්කාර මැදයි අපි 'සීතල වතුර' චිත්‍රපටයේ රඟපෑවේ. එහි එන ගීතමය අවස්ථාවේදී අධ්යක්ෂ ධර්ම ශ්‍රි කල්දේරා ගීතය සිනමාත්මකව ප්‍රේම ජවනිකා සංයමයෙන් අපූරූ රූප කාව්‍යයක් ලෙස ඉදිරිපත් කළා. ගීතය ලතා හා ධර්මදාස වල්පොල ගැයුවේය. ගීත රචනය ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ. සංගීතය ප්‍රේමසිරි කේමදාසගේ.' 'මංගල දිනයේ රස මධු පානේ ඉව කළ කොමලිය කුලගෙට එනවා කුලගෙට එනවා
'සිවම්මා ධනපාල' නාට්‍යය මම රුක්මණී දේවියත් සමඟ රඟපෑම මගේ රංගන ජීවිතයේ සුවිශේෂී කඩඉමක්. අපි මේ නාට්‍ය පෙන්වන්න රට පුරා ගියා. ඈත පළාත්වලට යන කොට මීදුම දැඩිව තියෙන පළාතක අපි නැවතිලා ගීත ගයනවා. රුක්මණිය පැරණි චිත්‍රපට ගීත ගයන කොට ෂෙල්ටන් පෙරේරා තබ්ලාවත් ස්ටැන්ලි මාස්ටර් සර්පිනාවෙන් සහාය වෙනවා. සහාය ගායනයට එඩී ජූනියර් එක් වෙනවා. එකම රස ගුලාවක්. මට පුදුමය නම් රුක්මණී 'සිවම්මා ධනපාල' නාට්‍යයේ දිග දෙබස් ඇය ඉංග්‍රීසියෙන් ලියාගෙන ලස්සනට සිංහල දෙබස් උච්චාරණය කරන එකයි. ජීවිතයේ මා ලත් තවත් වාසනාවක් නම් අයිරාංගණී සේරසිංහ සමඟ වේදිකාවේ රඟපෑම. ධම්මගේ 'වෙස් මුහුණු' නාට්‍යයේ මමත්, අයිරාංගණිත් රඟපාන දර්ශනයක මෙහෙම දෙබසක් තිබුණා. මම - ඔයාගේ බර කීයද?' අයිරාංගනී - මාව උස්සල බලන්න' මම ඇගේ ඉඟටියෙන් උස්සනවා. ඇය එකවරම උඩට එසවෙන්නේ පවනේ පාවෙන ආකාරයට. ඇගේ සහාය නළුවාට තියෙන්නේ අත තියන්න විතරයි. අයිරාංගනී තරම් රංගනය විධිමත් ලෙස විදේශ රටවලින් ඉගෙන ගත් නිළියක්. මම දැකලා නෑ ඇය තරම් විශිෂ්්ට වේදිකා නිළියක්. ෂෙල්ටන්, දහසක් සිතුවිලි, රෝමියෝ ජුලියට් කතාවක්, අන්තිම දා, දාහකින් එකෙක්, චක්රයුධ චිත්‍රපටවල ද රඟපෑවේය.
ෂෙල්ටන් බැලීමට ඇරැව්වල නිවසට යන විට ඔහු සිටියේ රෝද පුටුුවකය. තම බිරිඳ වියෝ වී හත් දොහේ දානය පිරිනමා ඇත්තේ දින කිහිපයකට පෙරය. තම පුතා ද ලේළිය ද එදින එහි පැමිණ සිටියහ. ලොකු පුතා වූ මධුර සිල්වාට මෝටර් බයිසිකල් අනතුරකින් වූ පාදයක ප්ලාස්ටා දමා තිබුණි. දෙවෙනි දුව විද්‍යාය. ඇය තම පියාගේ දුක සැප නිතර සොයා බලන්නීය. තවත් පුතෙකු වූ මියුරු බින්දු ජීවිතයෙන් සමුගෙනය. බාල දියණිය උපේන්ද්‍රා ඉන්දියාවේ පදිංචිව සිටින්නීය. ෂෙල්ටන් කෘතහස්ත දේශපාලනඥ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ ඥාතියෙකි. මේ පුවත කීවේ ෂෙල්ටන් දන්නා හඳුනන හිතවතෙකි. 'මගේ ජීවිතයේ මා ඉපයූ මුදල් නාස්ති කළේ නෑ. හැකි ලෙස ඉතුරු කර දරුවන්ට ගෙවල් දොරවල් සාදා දුන්නා. මා දැන් සිටින ගෙය ලොකු පුතාට ලියන්න ඉන්න කොටයි බිරිඳ මිය ගියේ. අපි දෙන්නම ගිලන් රථයකින් රෝහලට ගියේ. බිරිඳ මිය ගියා. මම අද අත පය පණ නැති එහෙත් කතා කිරීමට පමණක් සීමා වූ පුද්ගලයෙක්. මම දැන් බුදු දහමට නැඹුරුව 'යෝනිසෝ මනසිකාරයෙන්' ඉන්න කෙනෙක්. උදේ හවස මේ බුදු පිළිම වහන්සේ දිහා බලාගෙන මම ජීවිතයේ අනිත්‍යතාව සිහි කරනවා. බලෙන් මැරෙන්නත් බැහැ. බලෙන් ජීවත් වෙන්නත් බැහැ.' ෂෙල්ටන් කීවේය. ඔහු ඉතා මෑතක උදයකාන්ත වර්ණසූරියගේ මධුර චාරිකා චිත්‍රපටයේ ආගන්තුක චරිතයක් නිරූපණය කළේය. ෂෙල්ටන් කලකට ඉහත හේමාස් සමාගමේ කන්ට්‍රි මැනේජර් ලෙස කටයුතු කරන කාලේ සිටම සෑම පොහෝ දිනකම කොළඹ ජාතික රෝහලේ වාට්ටු අංක 10 සිටින වැඩිහිටියන්ට හා දරුවන්ට ආහාර පාන ද විශේෂයෙන් පාසල් යන වයසේ දරුවන්ට පාසල් උපකරණ ලබා දුන්නේය. ස්වාමීන් වහන්සේලා වඩම්මා පිරිත් කිය වූහ. හෘද රෝග ඇති දරුවන් සොයා ඈත ගම් නියම් ගම්වලට ගොස් හැකි උපකාර කළේය. ඔබේ හද අරගත් මේ කලාකරුවාට ආදරය කරන සරසවිය රසිකයන්ට මෙන්ම හිතවතුන්ට ඔහුගේ 0710515423 ජංගම දුරකතනයට කතා කොට සුවදුක් විමසිය හැකිය. ෂෙල්ටන්ගේ සියලුම උපස්ථාන කරන ජනකට ෂෙල්ටන් කෘතඥතාව පිරනැමීය. චිරං ජයතු ෂෙල්ටන් අයියා!
|