|
උපන් හැටි ගැනපසුගිය දිනෙක අන්තර් ජාලයේ සැරිසරද්දී අපූරු ගීතයක් අහන්නට වගේම නරඹන්නට අවස්ථාව ලැබුණා. ඒක ගායකයකු වෙනුවෙන් ගායක ගායිකාවෝ රැසක් ගයපු ගීතයක්. එහි ඇති තවත් විශේෂත්වය වන්නේ එම ගායකයාගේ පවුලේ උදවියත් මේ ගීතය ගයන්නට එකතුවීමයි. සාමාන්‍යයෙන් ගායකයකු ජීවත්වෙලා ඉන්නකොට උපහාර ගීත නිර්මාණය වෙනවා අඩුයිනේ. නමුත් මේ ගායකයාට පින තිබුණා ජීවත් වෙලා ඉන්නකොටම තම සහෘදයන්ගන් උපහාර ගීතයක් තමන්ගේ දෙසවනින්ම ඇසීමට. එහෙම වාසනාව උදා වු කෙනා තමයි ජිප්සීස් සුනිල් පෙරේරා. ඔහුගේ සොයුරු පියල් සහ රොනී ලීච්, නීල් වර්ණකුලසූරිය, නලින් පෙරේරා, සංගීත් විජේසූරිය, භාතිය සන්තුෂ්, මරියසෙල්, සොහාන් පෙරේරා, ලන්ත්‍රා පෙරේරා ඇතුළු ගායක ගායිකාවන් රැසක් මෙම ගීතය ගැයුවා. සුනිල්ගේ හැට පස් වැනි උපන් දිනය නිමිතිකර ගනිමිනුයි ඔවුන් මෙම ගීතය ගයා තිබුණේ. ඊට අපූරු වීඩියෝවක් නිර්මාණය කරමින් එය අන්තර්ජාලයට එක්කොට තිබුණා. එහි පද රචනය චන්ද්‍රදාස ප්‍රනාන්දුගෙන්. සංගීතය දුෂාන් ජයතිලක විසින් නිම කොට තිබෙනවා. මෙන්න එහි සම්පූර්ණ පදමාලාව. සුනිල් ගැන හරියටම ලියවිලා තියෙනවා. අහස කඩාගෙන වැටුණත් ගණන් ගන්නෙ නෑ පොළව ගිලා බැස්සත් එයා හිතට ගන්නෙ නෑ කියන දෙයක් කෙළින් කියන්නට බය වෙන් නෑ කැරපොත්තට බය වුණාට යකකුටවත් බය නෑ සංගීත ලෝකයේ අපට ඉහළට එන්න දුන්නු උදව් මට මතකයි තවමත් ඔන්න අපි කියාපු සිංදු අහලා සමහරු බැන්නා නමුත් සුනිල් අයියා අපට ධෛර්යය දුන්නා හොඳක් කළොත් හොඳක් වෙනවා වැරැදි කළොත් වැරැදි වෙනවා හැමදාමත් දෙන ඔවදන් නතර වෙන්නෙ නෑ උපන් දිනේ උදා වෙලා දිවිගමනේ හැට පහ පිරිලා අද ඉන්නේ හිනා වෙලා කොල්ල වගේ තවම එයා
බැරි වුණාම ස්ටේජ් එකේ වැටෙන්න යනකොට මමයි පැනලා අල්ල ගත්තෙ සුනිල්ව හැම විට දුෂාන් ප්‍රවේසමෙන් රැකගන්නවා බැඳපු කසාදේ ඇඩ්වයිස් කර කර නිතරම දෙන්නෙ මට වදේ හැමදාමත් බැනලා දැනමුතුකම් දීලා හැම දෙයක්ම කරන්නෙ මේ අපේම හොඳට උපන් දිනේ . . . කතා කරන්නට ගත්තොත් නවත්වන්නෙ නෑ අනිත් අයට කතා කරන්නට දෙන්නෙම නෑ ධර්ම දේශනාවල නම් කිසි අඩුවක් නෑ බණ අහන්න සෙට් වුණොතින් ගෙදර යන්නෙ නෑ දූෂණයයි වංචාවයි දිරවන්නේ නෑ හොර තක්කඩි දේශපාලුවො පෙන්නන්නම බැහැ කිසිම පක්ෂෙකට කිසිදා කඩේ යන්නෙ නෑ හැබැයි ස්ත්‍රී පක්ෂෙට මෙයාගෙ අකැමැත්තක් නෑ ජාතිය අපෙ මොකක් වුණත් එකිනෙකාට ප්‍රේම කරමු කියලා කියන්නේ
ලොවේ සහෝදරයෝ ගැන හිතා ගත්තට හතලිස් වසරක් අපි දුර ආවා එකට හැම දෙයක්ම ඔබ කරන්නෙ සාධාරණ ලෙසට ඒ පිළිවෙත් හින්දයි අපි අද ඉන්නේ එකට දුකයි සැපයි බෙදා ගත්ත සැමදා එකට තාත්තා වුණත් මිතුරකි ඔබ අප සැමට ඔබ වැනි පියතුමෙක් අපට ලබා දුන්නට ස්තුතියි කියලා කියනවා දෙවියන්ට නිරෝගී සුව ලැබිලා ආයුෂ වැඩිවීලා අපේ සුනිල් අයියව දෙවියන් රැකදේවා උපන් දිනේ . . . |