|
අලුත් වැඩකවැඩිය ජනාදරයට පත් නොවුණත් අපට සිටින දක්ෂ නළුවකු හැටියට අතුල ජයසිංහව හඳුන්වා දෙන්න පුළුවන්. ඒ හින්දමද මන්දා ඔහු වැඩිය ජනප්‍රිය නැත්තේ. රුවින් ටිකක් වුනාට හඬින් නම් අතුලව බොහෝ දෙනෙක් හඳුනනවා. ඒ ඔහු වැඩි වශයෙන් හඬ කැවීම්වල නියැලෙන හින්දා. අර ජනප්‍රිය ස්කුබිඩු කාටුන් එකේ ෂැගීට හඬ කැව්වෙත් අතුලනෙ. ඔහු මේ වනවිට ඒ ක්ෂේත්රය සම්බන්ධයෙන් ගුරුවරයකු හැටියටත් කටයුතු කරනවා. මේ අතුල අලුත් කාර්යයකට අත ගහලා කියලා අපට දැනගන්නට ලැබුණා. ඔහු ආරම්භ කරලා වෙබ් රේඩියෝවක්. ඒකෙ නම ගී. සයිබර් අවකාශය. ඒ කියන්නේ අන්තර් ජාලයේ ඔස්සේ www.gee.lk නමින් ටයිප් කරලා මෙම මස 30 වැනිදා සිට එම නාලිකාව රස විඳින්නට පුළුවන්. ගී නාලිකාවේ ප්‍රචාරය වන්නේ ගුණාත්මක බවෙන් ඉහළ ගීත කියලා අතුල කිව්වා. ඒ වගේම එම ගීතයන්හි නිර්මාණකරුවන් කවුරුන්ද යැයි පවසන්නටත් අතුල බලාපොරොත්තු වෙනවා. අද ගුවන් විදුලි නාලිකාවලින් වෙන්නෙම නැත්තේ ඒකනේ. පද රචකයා හෝ සංගීතඥයාව මතක් කරන්නෙම නැහැ. ගීතයක් හැදෙන්නේ එහෙම අයගෙන් කියලා ඒවාවල ඉන්න අය දන්නවද දන්නෙත් නැහැ. ඒවායින් වැඩක් නැහැ. ඕවා ගැන කතා කළොත් කතාව දුර දිග යනවනෙ. අතුල ගැන තව විස්තරයක් කියන්නම්. ඔහු ශ්‍රී ලංකන් ආර්ට් ට්‍රැවලර් නමින් ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යනවා. කලා ලොවේ නවතම තොරතුරු එහි පළවනවා.ඒක හරියට සයිබර් අවකාශයේ තොරතුරු මධ්‍යස්ථානයක් වගේ. ඔබටත් පුළුවන් ඔබේ කලා තොරතුරු එහි සනිටුහන් කරගන්න. ඒකට තියෙන්නේ එම පිටුවෙහි ඇති දුරකතන අංකයට කතා කිරීම පමණයි. ඔවුන් සියලු විස්තර කියාවි. |