වර්ෂ 2016 ක්වූ  සැප්තැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




යාපනය ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ 2017

යාපනය ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ 2017

හොඳම කුලුඳුල් චිත්‍රපටය

Harikatha Prasanga - අනන්‍යා කසරවල්ලි (ඉන්දියාව)

හොඳම කෙටි චිත්‍රපටය (අන්තර්ජාතික)

Gratitude  - ස්ටෙෆය් ස්කාර්ලට්ස්ක්‍යු (රුමේනියාව)

හොඳම කෙටි චිත්‍රපටය (ජාතික)

Song of the Innocent - ධනංජය බණ්ඩාර

ජනප්‍රියම කෙටි චිත්‍රපටය

ප්‍රේක්ෂකාගාරයේ සම්මානය

The Border - තනේස්වරම් ශමිතන්

යාවජීව සම්මානය -

ආචාර්ය ධර්මසේන පතිරාජ

තෙවැනි වරට පැවැත්වුණු යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ පසුගිය සැප්තැම්බර් 15 වැනිදා සිට 20 වැනිදා දක්වා යාපනයේදි අති සාර්ථක අයුරින් පැවැත් විණි. යාපනය විශ්වවිද්‍යාලයේ සෞන්දර්ය කලා අංශය, සිලෝන් තියටර්ස්, සහ අජෙන්ඩා 14 ආයතනය එක්ව එය සංවිධානය කෙරිණි.

ශ්‍රී ලංකාව ඇතුළුව ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව, චෙක් ජනරජය, පෝලන්තය, ක්‍රොඒෂියාව, ඉන්දියාව, බංග්ලාදේශය, චීනය, සිංගප්පූර්ව, අමෙරිකා එක්සත් ජනපදය, ස්ලොවැකියාව, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, චිලී, පකිස්තානය, නේපාලය, කොලොම්බියාව, වියට්නාමය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව රටවල් නියෝජනය කරමින් කෙටි චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ වෘතාන්ත චිත්‍රපට එකතුව චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක් මෙවර සිනමා සම්මාන උලෙළේදී තිරගත කෙරුණු අතර එහි සම්මාන පිරිනැමුණේ මෙලෙසිනි.