වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේව තතු

 පණ්ඩිත් අමරදේවයන් විසින් සරසවිය පුවත්පත හා සම්මාන උලෙළ වෙනුවෙන් ගයන ලදුව අද සරස්වතී අභිනන්දන ගීතය ලෙස ජාතියේ බුහුමනට ලක්වන ගීතය

ජගන් මෝහිණී - මධුර භාෂිණී

චාරු දේහිනී - කමල වාසිනී

සරස්වතී දේවී වන්දේ - සරස්වතී දේවී

 

කම්පිත කංචන මාලා කූජිත කිංකිණි නූපුර ජාලා

පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා

 

මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා

පූර්ණ කුම්භමිව පීන පයෝධර පූරිතාමෘත ධාරා

 

භාග්‍ය සාදන පුණ්‍ය මූර්තිධර සුරකුලවර අභිරූපා

දේහි දේහි වරදායක හස්තේ සුභ මංගල මුද්‍රා

හෙළයේ මහා ගාන්ධර්ව පණ්ඩිත් අමරදේව තතු

මුල් නම : වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා (ඇල්බට් පෙරේරා හට අමරදේව යන නාමය ලබා දෙන ලද්දේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසිනි)

උපන් දිනය : 1927 දෙසැම්බර් 05

පියා : වන්නකුවත්ත වඩුගේ දොන් ජිනෝරිස් පෙරේරා

මව : බාලාපු වඩුගේ වෙස්ලියානා මැන්දිස්

බිරිය : විමලා අමරදේව

දූ දරුවන් : රංජන අමරදේව, සුභානි අමරදේව, ප්‍රියංවදා අමරදේව

ඉගෙනුම ලද පාසල් : ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසල, පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය, කළුතර විද්‍යාලය, බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය

සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂි සිදුවීම් :

සංගීත අධ්‍යාපනය : ඉන්දියාවේ ලක්නව් භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨය

සංගීත ක්ෂේත්‍රයට පිවිසීම : මොහොමඩ් ගවුස් මාස්ටර් යටතේ ‘අසෝක මාලා’ චිත්‍රපටයේ ප්‍රධාන වයලින් වාදක ශිල්පියා ලෙසින් කටයුතු කිරීම

ප්‍රථම චිත්‍රපට ගායනය : ‘අසෝක මාලා’ චිත්‍රපටයේ ‘ඇයි යමෙකු කළේ ආලෙ’්’ සහ ‘භවේ භීත හැර දේශීත තිලෝනා’ ගීත ගායනය

ප්‍රථම ගායනය (චිත්‍රපට නොවන) : ‘රසයි කිරි නෑ දියාරූ’ ගීතය

ප්‍රථම රංගනය : ‘අසෝක මාලා’ චිත්‍රපටයේ ‘ඇයි යමෙකු කළේ ආලේ’ ගීතයට තාපසයකුගේ චරිතය නිරූපණය කරමින් රංගනයෙන් දායක විය. එය ප්‍රථම සහ එකම රංගනය විය.

ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය : ‘රන්මුතු දූව’ චිත්‍රපටය

‘කරදිය’, ‘නල දමයන්ති’ වැනි කාව්‍ය නාට්‍යද ‘වෙස්සන්තර’ වැනි නූර්ති ගී ද, සරස්වතී අභිනන්දන ගීතයද ඇතුළුව ගීත දහස් ගණනක් ගායනා කර ඇත.

1972 වසරේදී දෙවැනි එළිසබෙත් රැජනගේ ආරාධනයෙන් මාලදිවයිනේ ජාතික ගීය වන ‘ගවුමී සලාම්’ ගීතයේ තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය

විශේෂිත සම්මාන :

පිලිපීන රමෝන් මැග්සේසේ සම්මානය (2001)

දේශමාන්‍ය සම්මානය (1998)

ශ්‍රී ලංකා කලා කීර්ති ජනාධිපති සම්මානය (1986)

ඉන්දියානු පද්ම ශ්‍රී සම්මානය (2002)

1964 වසරේ ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි සම්මානය (ගීතවලින් තොර ප්‍රථම සිංහල චිත්‍රපටය)