|
SARASAVIYA MODEL BANKSMBWE 26මනුරංග චන්දිමාල්මනුරංග චන්දිමාල්ගේ පදිංචිය මොදරවාන. ඔහුටත් රංගන අත්දැකීම් නැහැ. දුෂ්ට චරිතයක් හරහා සිනමාවට එකතු වෙන්න තමයි මනුරංග හිතාගෙන ඉන්නේ. මනුරංග ටෙලි නාට්‍යවලට නම් එතරම් කැමැත්තක් නැහැ. සිනමාව ඔස්සේ රංගන හීනය සැබෑකර ගන්නයි ඔහුගේ බලාපොරොත්තුව. ජැක්සන් ඇන්තනි, උදයකාන්ත වර්ණසූරිය වැනි අධ්‍යක්ෂවරුන් යටතේ රඟපාන්න මනුරංග කැමැත්තෙන් ඉන්නේ.
SMBWE 27සජිනි තරුෂ්කාසජිනි තරුෂ්කා කවිෂාගේ සහෝදරිය. ඇයට නම් රංගන අත්දැකීම් නැහැ. සජිනිගේ කැමැත්ත හොඳ ළමා සිනමාපටයකට එකතු වෙන්නයි. ඒ වගේම කවදාහරි හොඳ නිළියක් වෙන්නත් සජිනි ආසාවෙන් ඉන්නේ.
SMBWE 28අමෝද් ඉන්දීවරඅමෝද් ඉන්දීවරට නම් රංගන අත්දැකීම් නැහැ. රංගනයට අවස්ථාවක් ලබා ගැනීමේ අරමුණෙන් තමයි ඔහු එදා වැලිගම චාන්දනී සිනමා ශාලාවට ගොඩවැදුනේ. අමෝද්ගේ පදිංචිය අහංගම. උදයකාන්ත වර්ණසූරිය තමයි ඔහු කැමැතිම අධ්‍යක්ෂවරයා.
SMBWE 29කවීෂා සත්සරණිමේ පුංචි දියණියගේ නම කවීෂා සත්සරණි. මේ වන විට ඇය වෙළෙඳ දැන්වීම් කිහිපයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. චිත්‍රපට සහ ටෙලි නාට්‍යවලටත් එකතු වෙන්න කවීෂා කැමැත්තෙන් ඉන්නේ. අධ්‍යාපන කටයුතු හොඳීන් කරගෙන යන ගමන් ඇය දිගටම රංගනයේ යෙදෙනවාලු. ආචාර්ය සෝමරත්න දිසානායකගේ සිනමාපටයකට සම්බන්ධ වෙන්න කවීෂා ලොකු කැමැත්තකින් ඉන්නවා. ඇයගේ පදිංචිය ඉමදූව. |