|
|
තව එකම එක භවයක් හෝ අප අතර ඉපදේවා
මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍යයේ සිංහල ලකුණ සොයා ගියා. සරත්චන්ද්‍ර නාට්‍යයේ සිංහල ලකුණ සොයා ගියා. ජෙෆ්රි බාවා ගෘහ නිර්මාණ ශිල්පයේ සිංහල ලකුණ සොයා ගියා. අමරදේවයන් සංගීතයේ සිංහල ලකුණ සොයා ගියා.
අතර නොයන සෙවණැල්ලක් සේ රඳන ගාන්ධර්ව විවාහයෙන් පසුව වසර පනස් පමක් පමණ ආදරයෙන් රැක බලාගත් තම හිමි පැවසුව සෙවණැල්ල තනිකර දමා එතුමා නික්ම ගොසින් ය. ඉහත සඳහන් කවිය පණ්ඩිත් අමරදේවයන් නිතර තම භාර්යාව වූ විමලා අමරදේව මැතිනිය වෙත පුද කරන කවි සංකල්පනාවකි. වසර 89 ක් පමණ ආයු විඳීනට අපට මේ සියලු සංගීත භාවයන් ලබාගැනීමට ඇය මහත් වෙහෙසක් ගත් බව ළඟින් ඇසුරු කළ පිරිස් දන්නා කරුණකි. එතුමයගේ පමණක් නොව රංජන පුතා, සුභානි, ප්‍රියංවදා, යන දුවණියන්ගෙන් ද ශ්‍රී ලාංකේය කලාකරුවන් හා රසික සද්ජනයාගෙන් ද එතුමා සමුගත් බදාදා බණ දේශනාවෙන් සහ බ්‍රහස්පතින්දා (අද) දානමය පුණ්‍යකර්මයෙන් සියලු කටයුතු අවසන් වෙයි. 'සන්නාලියනේ ගීතයෙහි මුල් රචිකාවිය වූ ඉන්දීය ලේඛිකා, කිවිඳීය සරොජනී නායිඳු වරක් කලාකරුවෝ සහ දේශපාලනඥයන් ගැන මෙසේ පවසා ඇත.
දෙස්පලුවන් පිදෙන මෙය කොතෙක් දුරට ශ්‍රී ලංකාවේ කලාකරුවන්ටත් උරුම වූවා දැයි ගත වූ දශක හතක් තරම් වූ දේශීය සංගීත කලාව ගත් කළ අපට වටහා ගත හැකිය. එමහත් අද මෙම සිද්ධියෙන් කලාකරුවන් නොපිදෙන කවිපද පෙළ වලංගු නොවුණා යැයි මට හැඟී ගියේ ය. දැයෙන් සමුගත් පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය ශ්‍රී ලාංකේය ඉතිහාසයේ පළමු වරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරමින් නිදහස් මන්දිරයේ එතුමාගේ දේහය තැන්පත් කිරීමටත් පූර්ණ රාජ්‍ය ගෞරවය ලබාදීමටත් ඵෙතිහාසික තීන්දුවක් ගත් ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමනි ඔබට සියලු කලාකරුවන් ඇතුළු සමස්ත ජනතාවගේ ම ගෞරවය පුද කර සිටිමි. එපමණක් ද නොව මරණය සිදු වූ මෙම අවස්ථාවේ පමණක් ද නොව අමරදේවයන්ගේ ජීවිතයේ වසර ගණනාවක් ඉතා ළඟින් ඇසුරු කර ඇති බව අප්‍රකට කරුණකි. එතුමාගේ දුක සැප නිතර විමසා බැලූ ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පණ්ඩිත් අමරදේවයන්ගේ දුකේ දී කෙසේවත් හැර නොගියේ ය. එය විමලා අමරදේව මැතිනිය හොඳීන් ම දන්නා කරුණකි. අවසන් කටයුතුවලින් පසුව මහාචාර්ය සුනිල් ආරිරත්නයන් හා මා වෙත ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා පවසා සිටියේ විමලා අමරදේවයන්ගේ සිහිනයක් වූ අමරදේව අසපුව ඔවුන් විසින් නුදුරු දිනක දී ආරම්භ කරන බවයි. එය සමස්ත කලාකරුවන් වූ අපට මහත් ගෞරවයකි. ගරු ජනාධිපතිතුමනි ඔබට නැවතත් ස්තූති කරමි. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරිරත්නයන් පණ්ඩිත් අමරදේවතුමා ගැන 1983 සිට කතාකර ඇතත් අද එතුමාට කතා කරන්නට වූයේ සන්නාලියන් පැවසූ එතුමාගේ වේවලන දෑතින් සීතල සළුව මැසූ අවසන් කතාවයි. මහාචාර්ය සුනිල් ආරිරත්නයන්ගේ කතා කරන භාෂාවෙන් ම පවසන පරිදී, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් තරම් භාග්‍යමත් කලාකරුවකු අපේ ඉතිහාසයේ මෙතෙක් පහළ වි නැහැ. මේ කෙටි ගුණ කථනයෙන් මා කියන්නට තැත් දරන්නේ ඒ අසිරිමත් කාරණයයි. අප රටේ මහා ගද්‍ය රචකයන් බිහිවිය හැකියි. ඒ ගුරුළුගොමී, විද්‍යා චක්‍රවර්ති වැනි ගද්‍ය රචකයන් විසූ නිසයි. එහෙත් මේ පොළොවේ මහා සංගීතඥයෙක් බිහිවිය නොහැකියි. ඒ විසිවන සියවස මුල් භාගය වනතුරුත් සංගීත නිර්මාණයක් තබා සංගීතඥයකුගේ නාම මාත්‍රයක් වත් සංගීත ඉතිහාසයෙහි සඳහන් නොවන නිසා එසේ තිබියදී මහා පෙළහරක් පාමින් මේ මහපොළොවේ අමරදේව නමැති මහා සංගීතඥයා ප්‍රාදුර්භූත වුණා. එය සැබවින් ම ප්‍රාතිහාරයක්. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත යන සිංහල සංගීතයේ පතාක යෝධයන් දෙදෙනාගේ අනු ප්‍රාප්තිකයා වූ අමරදේවයන්ගේ උර මත යුග කාර්යභාරයක් පැවරුණා. ඒ ශ්‍රී ලාංකේය අනන්‍යතා සහිත අපේ යැයි කිවහැකි සංගීත සම්ප්‍රදායක් නිර්මාණය කිරීමයි. එතුමා සිය ජීවිත කාලය ම කැප කළේ නිර්මාණවලිය ඔස්සේ ඒ යුග කාර්යභාරය ඉටු කිරීමයි. ඒ සඳහා එතුමා සිංහල වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය, සිනමාව, ගුවන්විදුලිය යන සකල විධ කලා මාධ්‍ය ඔස්සේ සැරිසැරුවා. මහාචාර්ය සරච්චන්ද්‍රගේ එලොව ගිහින් මෙලොව ආව, වෙස්සන්තර, ලෝමහංස, භව කඩතුරාව වැනි වේදිකා නාටක චිත්‍රසේනගේ කරදිය හා නල දමයන්ති මුද්‍රා නාටක ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දෙලොවක් අතර, රන්සළු වැනි චිත්‍රපට. මඩවල රත්නායකගේ, මහගම සේකරගේ, ඩෝල්ටන් අල්විස් වැනි විශිෂ්ට ගේය කාව්‍ය රචකයන් සමග ලංකා ගුවන් විදුලිය ඔස්සේ ඉදිරිපත් කළ ටිකිරි ලියා, මධුවන්ති, විජය ගීත වැනි පර්යේෂණාත්මක ගුවන් විදුලි වැඩසටහන් ඔස්සේ එතුමා පරික්ෂණ යාත්‍රාව දියත් කළේය. ඒ වගේම සංගිත ප්‍රාඥයෙකු ලෙස එතුමා ලියූ පොත පත සහ ලිපි ලේඛන ඔස්සේ ද සිය සංගීත චින්තනය ජනයා වෙත මුදා හරින්නට එතුමා සමත් වුණා. මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍යයේ සිංහල ලකුණ සොයා ගියා. සරත්චන්ද්‍ර නාට්‍යයේ සිංහල ලකුණ සොයා ගියා. ජෙෆ්රි බාවා ගෘහ නිර්මාණ ශිල්පයේ සිංහල ලකුණ සොයා ගියා. අමරදේවයන් සංගීතයේ සිංහල ලකුණ සොයා ගියා. අමරදේවයන්ගෙන් අනතුරුව සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු සෑම සංගීතඥයෙක්ම අඩු වැඩි වශයෙන් අනුගමනය කරන්නට යෙදුණේ එතුමාගේ සංගීත මාධ්‍යයයි. ඒ නිසා අද සංගීත ක්ෂේත්‍රයේ සිටින ප්‍රශස්ත නිර්මාණයක යෙදන සියලු දෙනා එතුමාගේ දූ දරුවෝ මුනුපුරෝ, ප්‍රබුද්ධ සංගීතය සුභාවිත ගීතය වැනි වචනවලට කලා ක්ෂේත්‍රය පුරා ඉඟිළෙන්නට අත්තටු ලැබුණේ එතුමන් නිසයි. එතුමාගේ අවංක හෘදයාංගම සංගීත සම්ප්‍රදාය වෙනුවෙන් එතුමාට බොහෝ ගරු සම්මාන ජනයාගෙන් ලැබුණා. එතුමා භාග්‍යවත් මිනිසෙකු යයි මා කීවේ එනිසයි. දක්ෂතම ගායක, සංගීත අධ්‍යක්ෂවරයා ලෙස එතුමා ලද ජනාධිපති සහ සරසවිය සම්මාන අති විශාලයි. ගත වූ වසර සිට 2015 දක්වා ජනප්‍රිය ගායකයෙකු ලෙස ජනතාව පත් කරගත්තේ අමරදේවයන්වයි. ඒ අනුව 88 හැවිරිදි අමරදේවයන් 2015 PEOPLES AWARD හෙවත් ජනප්‍රිය ජනතා ගායකයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
එමෙන්ම 2015 දක්වා වසර 6 ක් ජනතාවගේ කලාකරු හෙවත් PEOPLES AWARD OF THE YEAR සම්මානය ලබා ගනී. එතුමා විශ්වවිද්‍යාලයකින් ලබා ගත හැකි ඉහළම සම්මාන උපාධිය අප හඳුන්වන්නේ D LITහෙවත් සාහිත්‍ය සූරී උපාධිය කියලයි. ලංකාවේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ මෙකී ගෞරව උපාධි සම්මාන 5 කට හිමිකම් කියූ එකම එක පුද්ගලයා ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්, පේරදෙණීය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය 5 ටම එතුමා හට D LIT උපාධි ප්‍රධානය කර තිබෙනවා. තවත් කල්පකලාන්තරයකට මෙරට කිසිදු ක්ෂේත්‍රයක කිසිදු විද්වතෙකුට ඒ වාර්තාව බිඳින්නට හැකි වෙතැයි මා විශ්වාස කරන්නේ නැහැ. එතුමා මිය යන තෙක්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙහි කුලපති ඊට කලින් වයඹ විශ්ව විද්‍යාලයෙහි කුලපති අපේ විශ්වවිද්‍යාලයෙහි කුලපති පදවිය හෙබ වූ එකම සංගීතඥයා එතුමායි. මේ කොදෙව්වෙන් එහා පෙර අපර දෙදිග රටවලින් බුහුමන් ලද එකම සංගීතඥයාත් එතුමායි. ලක්නව්හි භාත්ඛණ්ඩේ සංගීත විද්‍යා පීඨය 1991 එතුමාට පණ්ඩිත් නැමැති ගෞරව නාමය ප්‍රධානය කරනවා. 2002 පද්ම ශ්‍රී නැමැති භාරතීය ජාතික සම්මානය එතුමන් වෙත පිරිනැමෙනවා. 2003 දී ප්‍රංශ රාජ්‍ය එතුමාට සම්මාන ප්‍රධානය කරනවා. 2001 දී ආසියානු නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන රැමෝන් මැග්සයිසේ සම්මානයෙන් පිදුම් ලබනවා. එවන් විශ්ව සම්මානයකට පාත්‍ර වූ ශ්‍රී ලාංකේය සංගීතඥයෙක් හා අප අසා තිබුණ ද අනාගතයේවත් අසන්න ලැබෙයි ද මේ මොන තරම කිරුළු දැරුවත් අමරදේවයන්ගේ හිසට බරක් වුණේ නැහැ. හැමදාත් අප එතුමා තුළ දුටුවේ සරල, නිහතමානී මිනිසායි. එතුමා ජීවිතයේ කිසිදු දිනක තමා කළ නිර්මාණ ගැන පුරාජේරු පුරසාරම් දෙඩුවේ නැහැ. තමා ඒ සා විශාල මෙහෙයක් කළ බවත් එතුමන්ට මතක් වුණේ යම් කිසිවෙක් මතක් කර දුන්නාට පසුවයි. ආධුනික ගායන ශිල්පියකු හෝ ගේය කාව්‍ය රචකයෙකු තුළ අල්පමාත්‍ර වූ දක්ෂතාවයක් දුටුවා නම් එතුමා ඒ ගැන ඔවුන් වෙත පතල මහා කරුණාවෙන් උදව් කළා. එතුමා කිසි විටෙක ජාතිවාදී හෝ ආගම්වාදී ගීත ගැයුවේ නැහැ. ඒ නිසා අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු සියලු දෙනා එතුමා වටා රොද බැඳගෙන සිටියා. ඉතින් එදත් අදත් එතුමාගේ දේහයට බුහුමන් දක්වන්නට ආ පිරිස අතර මේ සියලු ජාතීන්ට හා ආගම්වලට අයත් රසික රසිකාවන් අපට හමු වුණා. අවසාන වශයෙන් කරුණු දෙකකින් මෙය අවසන් කරමි. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ලොවට පහළ වෙන්නට පෙර ඉපදී මියගිය අය ගැන අපට දුකයි. ඒ වගේම නූපන් අය ගැනත් අපට දුකයි. ඒකට හේතුව ඔවුන්ට අමරදේවයන්ගේ දර්ශන මාත්‍රයක්වත් දැක ගන්නට නොලැබීම නිසා අප පුණ්‍යවන්තයන් සහ භාග්‍යවන්තයන් වන්නේ එතුමා ජීවත් වුණ කාලේ අපටත් ජීවත් වෙන්නට ලැබුණු නිසා. එතුමාගේ ස්වර්ණ රමණීය නාදය අහන්නට අපට හැකි වූ නිසා. 1983 සිට 2015 දක්වා අමරදේවයන් ගැන ප්‍රධාන පෙළේ දේශන කිහියක් පවත්වන්නට තරම් මාත් භාග්‍යවන්තයෙක් වුණා. ඒ වගේම අද එතුමාගේ ප්‍රාණ නිරුද්ධ දේහය ඉදිරියේ තබාගෙන අවමංගල්‍ය කතාවක් කිරීමට තරම් මා අභාග්‍ය සම්පන්න වුණා. ඉතා ආත්මාර්ථකාමී ලෙස මෙසේ ප්‍රාර්ථනා කරමු. තවත් එකම එක ආත්ම භාවයක් හෝ අපේ රටේ අප අතර ඉපදී එතුමා නිවන් දකිත්වා. |
|