වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය Model Bank  රත්නපුර නිව් ඉම්පීරියල් සිනමාහලේ

සරසවිය Model Bank  රත්නපුර නිව් ඉම්පීරියල් සිනමාහලේ

අප සිනමා ලොවට, ටෙලි නාට්‍ය කලාවට, නිරූපණ ක්ෂේත්‍රයට නවකයන් හඳුන්වාදීමේ අරමුණෙන් සරසවිය පුවත්පත අරම්භ කළ සරසවිය ර්ධඤඥත ඕචදඬ මීළඟ අදියර රත්නපුරයට ගෙන එන බව සතුටින් දන්වා සිටිමු. ඒ අනුව මෙම මස 26 වැනිදා රත්නපුර නිව් ඉම්පීරියල් සිනමා ශාලාවේදී සරසවිය ර්ධඤඥත ඕචදඬ මීළඟ අදියර පැවැත්වෙනු ඇත.

රංගනයෙන් මෙන්ම කලා ලොව සෙසු අංශ නියෝජනය කිරීමේ බලාපොරොත්තුවක් ඇති සියලු දෙනාට වයස් භේදයකින් තොරව මේ සඳහා සහභාගි වන්න යැයි සරසවිය ආරාධනා කරයි. මේ මඟින් තවත් පරපුරක් ක්ෂේත්‍රයට දායාද කිරීම සරසවිය ඒකායන බලාපොරොත්තුවයි. සරසවිය ර්ධඤඥත ඕචදඬහි පළමු අදියර වැලිගම චාන්දනි සිනමාහලේදීත් දෙවැනි අදියර ගම්පහ නයෝමි සිනමාහලේදීත් පැවැත්විණි. ඒ සඳහා ලැබුණු ප්‍රතිචාරයන් ඉමහත්ය. රත්නපුරයෙන් පසු තවත් නගර කිහිපයකටම සරසවිය ර්ධඤඥත ඕචදඬ ගෙන ඒමට අපි අපේක්ෂා කරමු.


ප්‍රථම සිංහල බ්ලූ-රේ තැටි එළිදකී මාතලන්, මනුෂ්‍යත්වය, මධු සිහින, කස්තුරි සුවඳ මුල්වරට

මෙරට සිනමා ලෝලීන්ට ඉහළ තාක්ෂණයෙන් යුතුව සිනමාපටයත් නැරැඹීමේ අරමුණ පෙරදැරිව මුල්වරට බ්ලූ-රේ මාධ්‍යයෙන් සිනමාපට හතරක් පසුගියදා නිකුත් විය. 'මාතලන්', 'මනුෂ්‍යත්වය', 'මධු සිහින', 'කස්තුරි සුවඳ' එම සිනමාපටයන් වේ. එම චිත්‍රපට තිස්ස නාගොඩවිතානගේ ඉදිරිපත් කිරීමකි. පසුගියදා සරසවිය කලාපයකින් මෙම බ්ලූ-රේ තාක්ෂණය පිළිබඳව විශේෂිත ලිපියකින් ආවරණය කෙරිණි. එමඟින් බ්ලූ-රේ තාක්ෂණයේ අවශ්‍යතාව අනාවරණය කරන ලදී. තිස්ස එම සිනමාපටයන් බ්ලූ-රේ තාක්ෂණයෙන් ඉදිරිපත් කළේ එම අනාවරණය ඔස්සේය.


අකිල සඳ කැළුම් මාමණ්ඩිය වෙනුවෙන් මෙහෙවරක ඔබත් එන්න

නව පරපුරේ රංගන ශිල්පී අකිල සඳකැළුම් පසුගිය දිනෙක අප වෙත දුරකථන ඇමතුමක් දුන්නා. ඔහු අපට පැවසුවේ මෙවැන්නක්.

මගේ බිරියගේ පියා දරුණු රෝගී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔහුය අනිවාර්යයෙන්ම සැත්කමක් කළ යුතු යැයි වෛද්‍යවරු ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්සකට අධික මුදලක් වැය වෙනවා. ඉතින් මට හිතුණා ඒ සඳහා මුදල් සොයා ගන්න ප්‍රසංගයක් සංවිධානය කරන්න. එහි නම 'භාව'. මෙම මස 13 වැනිදා එනම් ඉදිරිදා ආවේ මරියා විදයාලයීය ශාලාවේදී 'භාව' පැවැත්වෙන්න නියමිතයි. මෙහිදී නෙලූ අධිකාරි සමඟින් භාචි සුසාන් ගී ගයනු ලබනවා. අමිල ඩිල්ෂාන් සංගීත අධ්‍යක්ෂණය කරනවා. නාද සංගීත කණ්ඩායම සංගීතය සපයනවා. නිවේදන කටයුතු සිදු කෙරෙන්නේ කැළුම් ශ්‍රීමාල් විසින්.

0771852200 මේ අකිලගේ දුරකථන අංකය යි. භාව පිළිබඳ වැඩිදුර විස්තර මේ අංකයට ඇමතීමෙන් අසා දැනගත හැකියි.


සරසවිය පුවත පළ දරයි සිරි කුලරත්නට රසඳුන පිහිට වෙයි

සිළුමිණ, රසඳුන අතිරේකයට වසර විස්සක් සපිරීම නිමිත්තෙන් මේ වන විට රෝගාතුරව සිටින චිත්‍රපට අධ්‍යක්ෂ සිරි කුලරත්නහට මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කෙරිණි. ඔහු පිළිබඳව පළමු අනාවරණය කරනු ලැබුවේ සරසවිය පුවත්පත මඟිනි. "එදා වස්තුව, රිදී තැල්ල හැදූ සිරිකුලරත්න අද අසරණයි. ඔබේ ආධාරය ඕනෑ" යනුවෙන් ඔහුගේ වත්මන් තත්ත්වය පිළිබඳ සරසවියේ ලිපියක් පළ විය. ඒ ඔස්සේ අප සහෝදර පුවත්පතක් වූ සිළුමිණ - රසඳුන මැදිහත්වීමෙන් සිරිකුලරත්නට මෙසේ උපකාර කිරීම අගය කළ යුතුය.


ප්‍රේම සැඳෑවෝ තෙවැන්න එළිදකී

ලෝ ප්‍රකට කෘතියක් වන ඒ. ඊ. එල් ජේම්ස් ගේ 'ජ්ඪටබර ඉඩචඤඥඵ ධට ට්පඥර'කෘතිය ඇසුරෙන් රංජිත් කුරුප්පු විසින් පරිවර්තනය කළ 'ප්‍රේම සැඳෑවෝ' ග්‍රන්ථ මාලාවේ තෙවැන්න පසුගියදා නිකුත් විය. එය සුරස ප්‍රකාශනයකි. රංජිත් කුරුප්පු 'පවන රළු විය' සිනමා පටයේ තිර රචකයා මෙන්ම අධ්‍යක්ෂවරයාද වේ. ඔහු එම තිරරචනය වෙනුවෙන් සරසවිය සම්මානයෙන්ද පිදුම් ලැබීය. රංජිත් මීට ප්‍රථම 'කාන්තාරයේ කුසුම', 'මරණයේ දොරටුව', 'ගිනි මාද සක්මන' වැනි පරිවර්තන කෘතින් රචනා කොට ඇත.


‘සුධාරි’ දොරට වැඩි දා

ප්‍රවීණ ලේඛක ජයකොඩි සෙනෙවිරත්න විසින් රචිත හැටපස් වැනි නවකතාව 'සුධාරි' දොරට වැඩීමේ උත්සවය පසුගියදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී දයාවංශ ජයකොඩි සහ සමාග‍මයේ පොත් ප්‍රදර්ශන කුටියේදී සිදු කෙරිණි. එහිදී ප්‍රකාශක දයාවංශ ජයකොඩි විසින් 'සුධාරි' නවකතාව ජයකොඩි සෙනෙවිරත්න වෙත පිළිගැන්වූ අවස්ථාව.


ගී ලොව රැජනට සුබ උපන්දිනයක්

මෙම මස 11 වැනිදා (හෙට)උපන්දිනය සමරන හෙළ ගීත කෝකිලාවිය ලතා වල්පොල ගායනවේදිනියට සුබ උපන්දිනයක් වේවා යැයි සරසවිය මෙරට සියලු රසික රසිකාවන් සමඟ ප්‍රාර්ථනා කරයි. ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලතා වල්පොල මිතුරු හවුල සහ සහන පදනම මඟින් සහනාධාර බෙදාදීමක් ඉහළ ඉඳීබැද්ද මොරටුවේදී සිදු කෙරෙනු ඇත.


විජය නන්දසිරි අවසන් වරට රඟපෑ සුනිල් ටී ගේ හැටහතර මායම් 17දා

සුනිල් ටී ප්‍රනාන්දු නිෂ්පාදනය කළ හැටහතර වැනි සිනමා නිෂ්පාදනය වූ 'හැටහතර මායම්' ලබන 17 වැනිදා තිරගත වීමට නියමිතය. කතාව, දෙබස්, තිරරචනය, මෙන්ම අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස් විසින් සිදුකර ඇති මෙය හාස්‍යෝත්පාදක සිනමාපටයකි. විජය නන්දසිරි අවසන් වතාවට රඟපෑ චිත්‍රපට කිහිපයෙන් එකක් වන 'හැටහතර මායම්' හි මහින්ද පතිරගේ, සුසිලා කෝට්ටගේ, රිචඩ් මානමුදලි, විශ්ව ලංකා, නිරෝෂා තලගල, විශ්ව කොඩිකාර, හර්ෂ ප්‍රේමරත්න, මේනකා මධුවන්ති, සරත් චන්ද්‍රසිරි, නිල්මිණි කෝට්ටේගොඩ, ඩී. බී ගංගොඩතැන්න, පවිත්‍රා වික්‍රමසිංහ, කපිල සිගේරා, ජීවන් හඳුන්නෙත්ති ආදිහු රංගනයේ යෙදෙති. ගාමිණි මොරගොල්ලාගම කැමරා අධ්‍යක්ෂවරයා ය. කේෂාන් පෙරේරා සංගීත අධ්‍යක්ෂවරයා ය. සරත් සමරවික්‍රම කලා අධ්‍යක්ෂණයෙන්ද, අනුර බණ්ඩාර සංස්කරණයෙන්ද, කිරන් සොයිසා කොණ්ඩා සැකසුම සහ ඇඳුම් නිර්මාණයෙන්ද රොඩ්නි වැන්ටුවෙස්ට් අංග රචනයෙන්ද මේ සඳහා දායක විය. ගී පද රචනා සුනිල් ධර්මසිරි සහ චතුරංග හෙට්ටිගේ ගෙනි. නර්තන අධ්‍යක්ෂණය තුෂානි වීරක්කොඩි විසිනි. සුනිල් ධර්මසිරි රේඛීය නිෂ්පාදකවරයා ය.


මෙවර ආවර්ජනා ඒ. ඩී රන්ජිත් කුමාර

සෑම පොහොය දිනකම රාත්‍රී 7.00ට සිටි හිට්ස් සැටලයිට් නාලිකාව ඔස්සේ විකාශය වන ආවර්ජනා වැඩසටහන මෙවර පොහොය යෙදෙන 14 වැනිදා වෙන්වනුයේ ප්‍රවීණ ලේඛකයකු මෙන්ම ජනමාධ්‍යවේදියකු වන ඒ. ඩී රන්ජිත් කුමාර වෙනුවෙනි.