වර්ෂ 2016 ක්වූ නොවැම්බර් 10 වැනිදා බ්‍රහස්පතින්දා




හීරෝ නීරෝ
රවිඳු හා නීරෝගේ කතාව

හීරෝ නීරෝ

රවිඳු නිවාස සංකීර්ණයේ වෙසෙන ළමයෙකි. ඔහුට නීරෝ නමින් සුරතල් බල්්ලෙකු සිටියි. ඔය අතරේ රවිඳුට නවීන පන්නයේ පාපැදියක් තෑගි ලැබෙයි. මේ හේතුවෙන් එම නිවාස සංකීර්ණයේ සිටින අනෙක් ළමෝ රවිඳු හා උරණ වේ. ඔවුනොවුන් අතර අසමගිය ඇතිවේ. ඩන්ස්ටන් එම මිතුරු කණ්ඩායමට අයත් නැත. ඔහු ඒ අවට වෙසෙන තවත් ළමයෙකි. ඔහුට සහ ඔහුගේ පියාට බල්ලන්ගේ මවිල් අසාත්මිකය. එබැවින් ඔවුන් සතුන්ට අකැමැතිය.

ඩන්ස්ටන් නිතර කේන්ති යන්නෙකි. එහෙයින් අනෙක් ළමෝ කණ්ඩායම අතර ගැටුම් ඇතිවේ. මෙම තත්ත්වය අතර ඩන්ස්ටන් හැර සෙසු ළමයින් සමඟි වන්නේ ක්‍රිකට් ක්‍රීඩා තරඟයකිනි. එයින් පසු සියලු දෙනා එකමුතුව කල් ගෙවති. මේ අතරතුරදී ඩන්ස්ටන් සහ ඔහුගේ පියාට නීරෝ නිසා යම් යම් අකරතැබ්බවලට මුහුණපාන්නට සිදුවේ. එහෙයින් ඔවුන් දෙදෙනා නීරෝව නිවාස සංකීර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් සකස් කරයි. එහෙත් ඔවුනට එසේ සිදු කිරීමට අවකාශ ලැබෙන්නේ නැත. ඩන්ස්ටන් සහ ඔහුගේ පියා නීරෝ නිසා මුළු ගමම ඉදිරියේ අසරණභාවයට පත්වේ.

ප්‍රදීප් මහේෂ් ලියනගේ අධ්‍යක්ෂණය කළ හීරෝ නීරෝ සිනමාපටය එලෙස දිග හැරේ. එය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. හීරෝ නීරෝ හෙට සිට රීගල් ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීම ඇරැඹේ. හීරෝ නීරෝ නිෂ්පාදක නිශාන්ත ප්‍රදීප් සරා සහ වැලි සුළඟ චිත්‍රපට අධ්‍යක්ෂවරයායි. එමෙන්ම දක්ෂ සංස්කරණ ශිල්පියෙකි.

හීරෝ නීරෝ චිත්‍රපටියේ නළු නිළියන්:

සංගීතා වීරත්න

මහින්ද පතිරගේ

නිල්මිණි තෙන්නකෝන්

නිරෝෂන් විජේසිංහ

දුලීකා මාරපන

සුනිල් ප්‍රේමකුමාර

ප්‍රේමදාස විතානගේ

ඩී. බී. ගංගොඩතැන්න

රාජසිංහ ලෝලුවාගොඩ

ලක්ෂිකා ෆොන්සේකා

සංගීතා තදානි

අංජලි ලියනගේ

අමල් රත්නශාන්ත

කුලසිරි ද සිල්වා

කුමාරි සේනරත්න

සුගත් ජානක

චමින්ද ජයසූරිය

රුවන්ති ශානිකා

හංසිකා ප්‍රසාදිනි

උදාරි රණසිංහ

දිනුෂා ජයවර්ධන

කිත්සිරි වික්‍රමසිංහ

අසුන්තා රාජකරුණා

ළමා නළු නිළියන්

පවිත් තනුර, චානක මධුශාන්, මලිඳු තිවංක, නිහිඳු ඔමාල්, සොනාල් ස්්ටෙෆන්, පෝෂිනි නදී, රෙහාන් ආවින්ද, මනෝජ් වික්‍රමසිංහ, තිලිණ ලක්ෂාන්

ගරු රඟපෑම්

රෝයි ද සිල්වා, රන්ජන් රාමනායක

නිෂ්පාදනය - නිශාන්ත ප්‍රදීප් මොහොට්ටිගේ

කැමරා අධ්‍යක්ෂණය - විමර්ශන රත්නායක, ශාන්ත රූපස්සර

කැමරා උපදේශක - රාජා සහීඩ්

සහාය අධ්‍යක්ෂණය - ටොලමි

සංස්කරණය - චාමර චතුරංග

වර්ණ ගැන්වීම් - අමිල රණවීර

සංගීත අධ්‍යක්ෂණය - ශමිල් ජේ.

නිෂ්පාදන සැලසුම සහ කළමනාකරණය - සුජීව තලංගම

කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්

අංග රචනය - සෑම් පෙරේරා, ගාමිණී කොස්තා

ශබ්ද සංයෝජනය - චින්තක රණසිංහ

ගායනය - සිම්රන් හසන්, කවීෂ විජේසූරිය

ගීත රචනය - කැළුම් ශ්‍රීමාල්, සිම්රන් හසන්

නර්තන අධ්‍යක්ෂණය - ප්‍රිතිස් අසාද්, ලලිත් පැරකුම්, නීල් කුමාර