වර්ෂ 2016 ක්වූ ජූනි 16 වැනිදා බ්‍රහස්පතින්දා




FUN MUSIC
මේ සෑම වීඩීයෝවක්ම  www.sarasaviya.lk ඔස්සේ නැරඹිය හැකිය

FUN MUSIC

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

සුරේන්ද්‍ර ගේ  ජනප්‍රිය ගීතය

ආයෙත් රැවටෙන්න බෑ
සෙනේහේ පැටලී ඔබේ
පාලුයි ඉවසන්න බෑ
කම් නෑ දවනෙමි සිතුම්
කොහේදෝ තරහා වී ගියෙදෝ මුලා වී
ආයත් ඔබ ඕනා නෑ

අහසෙ තාරකා තරම් ආදරේ කියා
මැව්වානෙ පෙම් මාලිගාවන්
පයට පෑගෙනා දුහුල් දුහුල් මීදුමක් ලෙසින්
බිඳ දැම්මෙ නුඹමයි සිනා

නිහඬ කල්පනාවකින් හිතට ළං වෙලා
දුන් හීනෙ තනි වී එදා මා
කඳුළු උනනා තරම් අතරමං වෙලා නෙතින්
ඇඬුනාද ළඳුනේ එදා

ගායනය - සුරේන්ද්‍ර පෙරේරා

පද රචනය - උපයංග වික්‍රමසිංහ

සංගීතය - අරෝෂ ජයකොඩි

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ප්‍රදිප් මානවඩු

රඟපෑ නළු නිළියන් - මාධව විජේසිංහ, ඩිනක්ෂි ප්‍රියසාද්

මේ දිනවල නිතර ඇසෙන නිතර දකින සුරේන්ද්‍රගේ ජනප්‍රියම වීඩියෝව මෙයයි. හලාවත, දංකොටුව ඇතුළු ප්‍රදේශයන්හි මෙය රූගත කොට තිබෙනවා. වස්සාන සිහිනය ටෙලි සිතුවමෙන් පසුව මාධව ඩිනක්ෂි නැවත එකට ඔබ හමුවට එන්නේ මේ වීඩියෝවෙනුයි.

 


නිෂ්පාදකගේ ගැයුම

පොකුරු පොකුරු මල් පිරිච්ච
මල් ගොමුවක් මැදට වෙච්ච
බණ්ඩි පොකුරු මල් කිනිත්ත
සිපගන්නට ආසයි//

හොරෙන් හොරෙන් පියඹා විත්
පුංචි බඹර තුඩු අගින්
රතු මල් පෙති පිරිමදින්න
මං හරි ආසයි

සිහින් හඬින් දෙතොල් පිරෙයි
හැඟුම් බරින් කිති කැවෙයි
සිහින් සරින් පවන් සලන
දවස මට කියන් හනිකට කියන්

ගායනය - පසන් චන්ද්‍රසේකර

පද රචනය - වාසිත සමරනායක

සංගීතය - විශාරද නිර්මල හේරත්

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - වාසිත සමරනායක

රඟපෑ නළු නිළියන් - උදාර රාජපක්ෂ, රුක්ෂානා

චිත්‍රපට නිෂ්පාදකවරයකු ගායකයකු ලෙසට කලඑළියට පැමිණි අවස්ථා නැති තරම්. නමුත් මෙම ගීතය ගයා ඇති පසන් චිත්‍රපට නිෂ්පාදකවරායක්. ඔහු නිෂ්පාදනයෙන් දායක වූ සිනමාපටය වූයේ ඉදිරියේදී තිරගතවීමට නියමිත සුරංගනා ලොවින් ඇවිල්ලා වේ. පැරැණි චිත්‍රපට ගීතයක ආකාරයෙන් නිර්මාණය වූ මෙය අඹේවෙල හග්ගල ආදී ප්‍රදේශයන්හි රූගත කොට තිබෙනවා. දවස් දෙකක් පුරා සීතලේට ගැහි ගැහි රූපගත කිරීම් කළ නිසා පසන්ට සනීප නැති වුණාලු. කෙසේ වෙතත් මෙම ගීය අන්තර් ජාලයේ බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනු දැක ගත හැකියි.