|
|
නොවෙනස්ව එනවාද මා එක්ක දුර යන්න
ෆර්හාන් අක්තාර් ගැනත් කටකතා පැතිරුණේ බොලිවුඩ් නිළියන් කිහිප දෙනෙකුගේම නම් සම්බන්ධ කරමින්. හැබැයි දික්කසාදයෙන් පසුව ඔහු තම දරුවන් වෙනුවෙන් පෞද්ගලිකත්වය ඉල්ලා සිටියා. ඒ නිසා ඔහුගේ දික්කසාදයට හේතුවත හෙළි වුණේ නැහැ. බොහෝ දෙනා කිව්වේ ෆර්හාන් අදිති රාඕට ළං වෙලා කියලයි. ඊට පස්සේ කල්කී කොයිචිලන්. ශ්‍රද්ධා කපූර් ගැනත් තැනින් තැන කතා වුණා. මේ මතකයන් මැකී ගියත් පසුගිය දවසක ශ්‍රද්ධාගේ ප්‍රකාශයක් නිසා ආයෙමත් සැකය ඇය දෙසට එල්ල වුණා. තමන් ගොඩක් දුර ගමනක් යන්න කැමැති ෆර්හාන් එක්ක කියලා ඇය පවසා තිබුණා. හැමෝම මේ ගැන ශ්‍රද්ධාගෙන් විමසන්න පටන් ගත්තාට පසුව ඇය කිව්වේ මෙහෙම කතාවක්. ‘බාග් මිල්කා බාග්’ චිත්‍රපටයට වගේම ‘රොක් ඔන් – 2’ චිත්‍රපටයටත් ඔහු සූදානම් වුණේ කෙහොමද කියලා අහන්න තමයි කියලයි. මේ කතන්දර කියන වේලාවයි
ඉම්රාන් ඛාන් බොලිවුඩ් රසික හදවත්වල සිටින දඟකාරයෙක්. ඒ වගේම සැබෑ ජිවතයේදි ඔහු හොඳ තාත්තා කෙනෙක්. පාසල් කාලයේදී පෙම්වතිය වුණු අවන්තිකා සමඟින් විවාහ වූ ඉම්රාන්ගේ දැන් මුළු ලෝකයම ඔහුගේ දියණිය යි. දියණිය ඉමාරාගේ වයස දැන් අවුරුදු දෙකක්. මේ නිසා ඉම්රාන්ගේ වැඩ කටයුතුවලින් ඈත් වෙලා වැඩි වෙලාවක් දියණිය වෙනුවෙන් වෙන් කරන්න සිදු වෙලා. ඒ වගේම දැන් නිවසේ ගත කරන කාලයෙන් වැඩි ප්‍රමාණයක් ඔහුට දියණිය වෙනුවෙන් කතන්දර කියන්න වෙන්න කරන්න සිදු වෙලා. “ඇත්තටම මට හිතා ගන්න බැහැ. අවුරුදු දෙකකුත් ගත වෙලා” ඉම්රාන් පවසනවා.
ගෞරි - රන්බීර් ලන්ඩනයේ සාප්පු සවාරියක
කරන් ජොහාර් බොහොම වාසනාවන්ත මනුස්සයෙක් කියලා හැමෝම කියනවා. ඒ මොකද එයාගේ උපන්දිනය ලෝකයේ කුමන ස්ථානයක සැමරුවත් ඔහුගේ මිතුරු මිතුරියන් තම තමන්ගේ වැඩ සියල්ල පසෙක දමා ඔහු වෙතට එන නිසා. මේ අවුරුද්දේ කරන් උපන්දිනය සැමරුවේ ලන්ඩනයේදී යි. කරන්ගේ උපන්දිනයට ලන්ඩන් ගිය අය අතරේ රන්බීර් කපූර්, ගෞරි ඛාන්, ස්වේතා බච්චන් වගේ අය හිටියා. මේ අතරේ රන්බීර් සහ ගෞරි සාප්පු සවාරි යන්නත් අමතක කළේ නැහැ. මේ දෙන්නා එකට සාප්පු සවාරි ගියාට කටකතා හදන්න නම් වුවමනා නැහැ. මොකද රන්බීර් සහ ගෞරි කියන්නේ හොඳ යහළුවෝ. ඒ වගේම රන්බීර්ගේ අලුත් ගෙදර සැලසුම හදන්නෙත් ගෞරි. බන්ද්‍රා ප්‍රදේශයේ කඳුමුදුනක් මත ඉදිකෙරෙන ගෙදර අලංකාර කරන්න කලාත්මක නිර්මාණ ගන්න තමයි දෙන්නා සාප්පු සවාරි ගිහින් තියෙන්නේ. දැනට රන්බීර් තමන්ගේ ආදරණිය බලු සුරතලුන් දෙදෙනා සමඟින් සිටින්නේ මිත්තණියගේ නිවසේ. ලබන සැප්තැම්බර් මාසයේදී ඔහු තමන්ගේ අලුත් ගෙදර පදිංචියට යන්න සූදානම් වෙනවා.
නිදහස් කරිශ්මා
ඔන්න දැන් කරිශ්මා කපූර් නිදහස් කාන්තාවක් බවට පත් වෙලා. ඇය වසර දහතුනක් පුරා විවාහ වී සිටියේ සංජේ කපූර් සමඟින්. දික්කසාදය සමඟ දරුවන් දෙදෙනාගේ අයිතිය ලැබුණෙත් කරිශ්මාට. මේ වන විටත් ප්‍රියා සච්දේව් සංජයගේ පෙම්වතිය බව කාටත් නොරහසක්. විවිධ ගැටුම් නිසා විවාහ දිවිය අවුල් වුණත් කරිශ්මා හැමදාම හොඳ ප්‍රතිරූපයක් තියා ගත්තා කියන එකත් බොලිවුඩයේ හැමෝම පිළිගන්නා දෙයක්. නමුත් ටික කාලයකට ඉහත සන්දීප් තොෂ්නිවාල් නම් පුද්ගලයෙක් සමඟින් පවතින ඇසුරක් ගැන කටකතාවක් පැතිරුණා. ඔහු ඖෂධ සමගාමක ප්‍රධානියෙක්. විවාහකයෙකු වූ ඔහුගේත් දික්කසාදය සිදුවුණේ මෑතකදීයි. ඒ වෙන්වීමට හේතුව කරිශ්මා කියලත් කටකතාවක් පැතිර යමින් තියෙනවා. පසුගිය දවසක කරිශ්මා නැගණිය කරීනා සහ ඇයගේ සැමියා සයිෆ් අලිඛාන් සමඟින් සන්දීප්ගේ උපන්දිනය තායිලන්තයේදී සමරා තියෙනවා. කටකතා කොහොම වුණත් තවම මේ දෙන්නා එකම අවස්ථාවක ඡායාරූපයකට හසුකර ගන්න තවමත් කාටවත් හැකි වෙලා නම් නැහැ.
එදා දුෂ්කර අත්දැකීම් මෙදා සුන්දර මතකයන්
ආශුතෝෂ් ගොවාරිකර් අධ්‍යක්ෂණය කළ ‘ලගාන්’ චිත්‍රපටය බ්‍රිතාන්‍ය රජ සමයේ බදු සහනයක් වෙනුවෙන් පැවති අපූරු ක්‍රිකට් තරගයක් ගැන කියවෙන්නක්. එහි භුවන් නම් චරිතය සමඟින් අමීර් ඛාන් ප්‍රශංසනීය රංගනයකත් නිරත වුණා. දැන් ‘ලගාන්’ තිරගත වෙලා තිරගත වෙලා වසර පහළොවකුත් ගත වී අවසන්. නමුත් අමීර්ගේ මතකය තුළ එදා ‘ලගාන්’ නිර්මාණය කරන්න ගත් වෙහෙස තවමත් බොහොම සුන්දරව සටහන් වෙලා තියෙනවා. ගුජරාට ප්‍රාන්තයේ භූජ්හිදී කළ රූගත කිරීම් වෙනුවෙන් නැවතී සිටින්න පහසුකම් සහිත හෝටලයක් පවා සොයා ගන්න හැකි වෙලා නැහැ. ඒ නිසා නිෂ්පාදන දායකත්වය වෙනුවෙන්ද කැප වූ අමීර්ට චිත්‍රපට කණ්ඩායම වෙනුවෙන් වෙනනම නවාතැන් පහසුකම් පවා ඇති කරන්න සිදු වෙලා. ඉතාමත් ඉහළ උෂ්ණත්වයේදී පවා ඉතා අසීරුවෙන් ඔවුන් රූගත කිරීම්වල යෙදුණු අයුරුත් අද බොහොම සුන්දර මතකයක් බව අමීර් පවසනවා. අමීර් සමඟින් ග්‍රේසි සිං, රුචෙල් ෂෙලී, පෝල් බ්ලැක් ත්‍රෝන් ඇතුළු පිරිසක් ‘ලගාන්’ හි රංගනයෙන් දායක වුණා. සංගීතය මෙහෙවූයේ, ඒ. ආර් රහ්මාන්. පසුබිම් කථනය කළේ අමිතාබ් බච්චන් විසින්. ඒ විතරක් නෙවෙයි, ඔස්කාර් සම්මාන උලෙළට ඉන්දියාව නියෝජනය කළ ‘ලගාන්’, ‘මදර් ඉන්දියා’ (1957) සහ ‘සලාම් බොම්බේ’ (1988) චිත්‍රපටවලට පසු ඔස්කාර් සම්මාන උලෙළේ තෙවැනි වටයට සුදුසුකම් ලද චිත්‍රපටයද වෙනවා.
|



-npr.jpg)
-npr.jpg)
-npr.jpg)
-npr.jpg)
-npr.jpg)