|
|
||||
1964 වසරේ අභිමානවත් සිනමා සම්මාන උලෙළක අසිරිය මෙරට ජනතාවට ගෙන දෙමින් පළමු වැනි සරසවිය සම්මාන උලෙළ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. සරසවිය තවත් අභිමානවත් සිනමා සම්මාන උලෙළකට සූදානම්වන මේ අවස්ථාවේදී එදා සිට අද දක්වා සරසවිය සම්මානයෙන් ඇගයුම් ලද්දෝ සොයා යන ගමනයි.ලස්සන මල් පොකුරක් සමඟ ලැබුණු ආරාධනය කෙසේ අමතක කරන්නද?සුරේනි සෙනරත්
රංගනයට පිවිසීමත් සමඟ සම්මානයට පාත්‍රවීම කලාකරුවෙක් හෝ කලාකාරියක් අත්විඳීන
සොඳුරු අත්දැකීමක්. සුරේනි සෙනරත්ටත් ඒ සුවිශේෂි අවස්ථාව උදා වුණා. රංගනට පිවිසි
මුල් කාලයේදීම ඇය සරසවිය නැඟි එන නිළිය සම්මානයෙන් දෙවරක්ම පිදුම් ලැබුවා. සුරේනි
සිය කලාජීවිතයේ ප්‍රථමවරට සරසවිය සම්මානය ලැබූයේ 1984 වසරේදීයි.ඒ සම්මාන
ජීවිතයේ මුල්වරට සරසවිය සම්මානයක් ලද අවස්ථාවේ සුන්දරත්වය කොහොමද? එදා සරසවිය සම්මාන උලෙළ මගේ ජීවිතයේ කිසිම දවසක අමතක නොවන සිදුවීමක්. සරසවිය සම්මාන උලෙළට ආරාධනාව ලැබෙන කොට මම හිටියේ බුලර්ස් පාරේ පිහිටි මගේ ගෙදර. ලක්ස් ආයතනය තමයි අනුගහය දැක්වූයේ. ඔවුන් ලස්සන මල් පොකුරකුත් සමඟින් අපේ ගෙදරට ඇවිත් ගිවිසුමක් අත්සන් කළා. ඒ වෙලාවේ මට පුදුම හිතුණා. ඒවගේ අවස්ථාවක් රංගන ශිල්පිනියකට ලැබීමත් වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක්.
ඒ කාලයේ ඔබ රංගනයට කෙතරම් නම් ආසා කළා ද? මම මුල්ම රංගනය ඉදිරිපත් කරද්දී නම් නිළියක වීමේ ආසාවක් හීනෙකවත් තිබුණේ නැහැ. මගේ මුල්ම රගනය වුණේ 'අමරණීය ආදරය' චිත්‍රපටය යි. එතකොට මම පාසල් ශිෂ්‍යාවක්. ඒ කාලයේ මම හරිම ලැජ්ජාශීලි චරිතයක්. මගේ ආසාව වුණේ වෛද්‍යවරියක වෙන්නයි. මගේ තාත්තා පියරත්න එම් සෙනරත් හොඳ කලාකරුවෙක්. ඒ වගේම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. අම්මත් කලාවට ළැදියි. මම සිනමාවට ආවේ තාත්තාගේ මඟ පෙන්වීම අනුවයි. ඒ වුණත් අම්මා නම් මං සිනමාවට එනවට කොහෙත්ම කැමැති වුණේ නැහැ. කෙල්ලෙක් සිනමාවට යනවා කියන එක ඇය හොඳක් විදියට හිතුවේ නැහැ. කොහොම නමුත් පස්සේ ඇය මගේ රංගනය ගැන ගොඩක් සතුටු වුණා.'අමරණීය ආදරය'චිත්‍රපටය මගේ ප්‍රථම රංගනයටත් වඩා විශේෂයි. තාත්තාගේ ප්‍රථම චිත්‍රපට නිෂ්පාදනයත් 'අමරණීය ආදරය'යි. ප්‍රථම රංගනයට තාත්තාගෙන් ලැබුණේ ලොකු සහයෝගයක්.
1984 වසරේදී ඔබට සම්මානනීය වෙන්න මුල් වූ රංගනය ගැනත් සිහිපත් කළොත්? 'ලොකු තාත්තා' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මට නැගී එන නිළිය සම්මානය ලැබුණේ. එය නිෂ්පාදනය කළෙත් අපේ තාත්තා. එහි මට නිරූපණය කරන්න ලැබුණේ සර්කස් කණ්ඩායමක තරුණියකගේ චරිතයක්. ඇත්තටම මට මුලින්ම ලැබුණේ එහි ප්‍රධාන චරිතය. කොහොම වුණත් තාත්තා චිත්‍රපටයක් කරනවිට මටත් අනිවාර්යයෙන් චරිතයක් ලැබෙනවා. හැබැයි ආදරය කරන්න තහනම්. ඒ නිසා ප්‍රධාන චරිත ගොඩක් මට මඟ හැරුණා. සර්කස් කෙල්ලගේ චරිතය මම කළේ හරිම ආසාවෙන්. මාලිනි අක්කයි සෝනියා අක්කයි තමයි මමත් එක්ක අනික් සර්කස් තරුණියන් වුණේ. සෝනියා අක්කා නම් පොඩ්ඩක්වත් බය නැතුව කැරකෙන ඔන්චිල්ලාවේ ඉහළටම ගියා. මාලිනි අක්කා නම් ටිකක් බය වුණා. මොනවා හරි කරනකොට අවධානයක් ගන්න මම කැමැතියි. ඒක පොඩි කාලයේ පටන්ම මා සතුව තිබූ ගුණාංගයක්. කොහොම හරි අඩි ගාණක් උඩ අපි ඒ රංගනය කළා. එක වෙලාවකදි ඉණිමගෙන් උඩ නඟිද්දී ලිස්සලා වැටෙන්නත් ගියා. නෙට් එකක් දාලා තිබුණත් ඒ වෙලාවේ නම් ටිකක් බය හිතුණා. සර්කස් පැසිෆියා තමයි අපිව පුහුණු කළේ. අපිට ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්නත් සිදු වුණා.
පෙම්වතියගේ චරිතය කරන්න ආසා හිතුණේ නැතිද? මගේ හිතේ නම් කැමැත්ත තිබුණා. තාත්තාගෙත් අකමැත්තක් තිබුණේ නැහැ. හැබැයි අම්මාගේ අකමැත්ත එහෙමම තිබුණා. 'යස ඉසුරු'චිත්‍රපටයේ ප්‍රධාන චරිතයටත් මාව තෝරා ගත්තත් අපේ අම්මා මට යන්න දුන්නේ නැහැ. දුෂණය කරන සිදුවීමකුත් තියෙන නිසා ඇය දැඩි ලෙස විරුද්ධ වුණා. ධර්මසිරි ගමගේ අන්කල් ඒ දර්ශනය ඉවත් කරන්නත් එකඟ වුණත් අවසර ලැබුණේ නැහැ. "නෑදැයෝ පිළිගන්න එකක් නැහැ" කිව්වා. එදා ගමගේ අන්කල්ට තරහත් ගියා. "ළමයින්ට කන්න අඳීන්න දෙන්නේ නෑදැයොද" කියල ගියා. ඒවෙනුවෙන් දායක වෙන්න නොලැබුණ එක ගැන මමත් අද දුක්වෙනවා. ඒ වගේ අවස්ථා වගේම ප්‍රධාන චරිත ගොඩක් මට මඟ හැරිලා තියෙනවා. නමුත් කාලයක් ගියාට පස්සේ පෙම් චරිත රඟපාන්න අම්මාගෙන් මට අවසර ලැබුණා.
රංගන ක්ෂේත්‍රයට පැමිණෙන විටදීම සරසවිය සම්මානයකින් පිදුම් ලැබීම දැනුණේ කොහොමද? රංගනයට පිවිසීම සමඟින් නැඟි එන නිළි සම්මානය ලැබීම ඕනෑම රංගන ශිල්පියෙකුට කරනා දිරිමත් කිරීමක්. ඇත්තටම රංගනයක් ඇගයීම තුළින් ඔහුගේ හෝ ඇයගේ ඉදිරි ගමනට ශක්තිමත් අඩිතාලමක් දමනවා හා සමානයි. මොකද ඒ ඇගයීම සමඟින් ඉදිරියට ඔවුන් තවත් හොඳ යමක් කරන්නයි උනන්දු වෙන්නේ. තමන් ගත් සම්මානය වෙනුවෙන් එහි ගෞරවය රකින්න හැම අවස්ථාවක්ම විශේෂ කොට සලකන්න වෙනවා. අනික හැම කෙනොටම මෙවැනි අවස්ථා උදා වෙන්නෙත් නැහැ. ඒ නිසා මටත් මගේ රංගන දිවියට එය ලොකු ශක්තියක් වුණා. සරසවිය සම්මානය කියන්නේ මෙරට සිනමා ක්ෂේත්‍රයේ ඇගයීම වෙනුවෙන් තියෙන විශේෂිතම සම්මාන උලෙළක්. ඇත්තටම සරසවිය පත්තරයත් මට විශේෂයි.'සුබා සහ ප්‍රියා'නමින් මගේ පින්තූර කතාවකුත් එහි පළ වුණා. රංගනය සහ නිෂ්පාදනය නිසා ලියන එක මගෙන් මඟ හැරුණා.
වර්තමානය සමඟින් සැසඳීමේදී එදා රංගනය ගැන මොකද හිතෙන්නේ? ඒ කාලයේ අපි රංගනය වෙනුවෙන් ලොකු කැපවීමක් කළා. වර්තමාන ක්ෂේත්‍රය තුළ ඒවගේ කැපවීමක් දකින්න අමාරුයි. අනික කරනදේ හරියටම කරන්න ලොකු උනන්දුවක් තිබුණේ. අද ක්ෂේත්‍රයේ එහෙම තත්ත්වයක් ඇත්තේ නැහැ. හැමෝම උත්සහ කරන්නේ එක වැඩක් ඉක්මනට ඉවර කරලා ඊළඟ වැඩේට යන්නයි.රංගන කියන්නේ පූජනීය දෙයක්. අනික ඒ අවස්ථාව හැමෝටම ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා තමන්ට ලැබෙන ඒ අවස්ථාවට නිසි ගෞරවයක් ලබා දිය යුතුයි. වර්මානයේ බොහෝ දෙනෙක් අතින් ඒ ගෞරවය ලැබෙනවාද කියන එක ගැන සැකයි. බොහෝ දෙනෙක් සිනමාවට පිවිසෙන්නේ වේදිකාවෙන් පසුවයි. 'නරලොවට වැඩක්' වේදිකා නාට්‍යයේ මෝහිණිගේ චරිතය මට ලැබුණා. හැමෝම මට කිව්වේ සිනමාවෙන් වේදිකාවට යන්න එපා කියලයි. නමුත් ඒක ආශිර්වාදයක් වගේ මට මගේ රංගන පිළිබද තවත් වටිනා අත්දැකීම් ලබා ගන්න අවස්ථාවක් වුණා. රංගන පාසලකට යන්නේ නැතුව සහජයෙන් වගේම මගේ පවුලෙන් මා ලද උරුමයක් විදියට මගේ රංගනය දියුණු කරගන්න මට හැකි වෙලා තියෙනවා. ඒ වුණත් අපේ රටේ සිනමාවට මගෙන් වැඩක් ගත්තේ නැති එක ගැන දුකයි. මම මැරෙන කල් සිනමාවෙන් ඈත් වෙන්නේ නැහැ.
1988 වසරේ සරසවිය සම්මාන උලෙළත් ඔබට විශේෂයි? සරසවිය සම්මාන උලෙළක දෙවතාවක් සම්මාන ලැබීමත් මගේ ජීවිතයේ විශේෂිතම සිදුවීමක්. එදා මම නැගි එන නිළිය ලෙසින් සම්මාන ලැබුවේ 'මල් වරුසා' චිත්‍රපටය වෙනුවෙන්.අධ්‍යක්ෂණය කළේ කේ.ඩි දයානන්ද.'මල් වරුෂා' නිෂ්පාදනයටත් මම දායක වුණා. ඒ නිසා ඒ සතුට විශේෂයි. මොකද ඒක තමයි මගේ ප්‍රථම සිනමා නිෂ්පාදනය. චිත්‍රපට නිෂ්පාදනයත් මම ගොඩක් ආසාවෙන් කළ දෙයක්. තාත්ගෙනුත් එයට ලොකු සහයෝගයක් ලැබුණා. 'මල් වරුසා' චිත්‍රපටය කරලා ආපසු එන විටදී අපි රිය අනතුරකට මුහුණ දුන්නා. එදා ඇති වුණු කැළලක් මගේ නළලේ තාමත් තියෙනවා.
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටත් දායකවීම සිනමා රංගනය බලපෑමක් නෙවෙයිද? මම හැමදාම සිනමාවට වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් නිර්මාණවලට දායක වුණේ සමබරවයි. චිත්‍රපට ක්ෂේත්‍රය එක විදියක්. ටෙලි නාට්‍ය තවත් විදියක්. වේදිකාව තවත් විදියක්.නිසි අවබෝධයෙන් තමන් කරන මොන දේ හරි හරියට කරනවා නම් වෙනත් කිසි දෙයකට ඒක බලපෑමක් වෙන්නේ නැහැ. නිසි කළමනාකරණය තමයි අවශ්‍ය වෙන්නේ. මම කරන්නේ චිත්‍රපටයක්ද එහෙමත් නැතිනම් ටෙලි නාට්‍යයක්ද අදාළ දේ හරියට කරන්න මම වගබලා ගන්නවා. එතකොට කරන වැඩේ අනිවාර්යයෙන්ම සාර්ථකයි.
ඉදිරියේදි අලුත් නිර්මාණයක් කරන්නත් අදහසක් ඇති? එහෙම අදහසක් නම් තියෙනවා.මේ දිනවල ඒ වෙනුවෙන් පිටපතකුත් ලියාගෙන යනවා.
|
||||




ය කේ. ඩි
දයානන්ද අධ්‍යක්ෂණය කළ 'ලොකු තාත්තා' චිත්‍රපටයේ ඇයගේ රංගනය වෙනුවෙන් වෙන් වුණා.
අනතුරුව 1988 වසරේදීත් සරසවිය නැඟි එන නිළි සම්මානය ඇය සතු වුණා. ඒ 'මල් වරුසා'
චිත්‍රපටය වෙනුවෙන්. අතීතයේ ඒ මිහිරි මතක සුවඳ අපිත් සමඟ බෙදා ගන්න අද සුරේනි
සෙනරත් ඇවිත්..jpg)
