|
|
ඇත්තටම ඇය කවුද?
වලා වියල අතරින් මධු සඳ හිනැහෙමින් තිබුණි.ගගන තලය සිපින සඳ වතට වඩා සතුටින් පිරීගිය යොමාල්ගේ වත මඩල අද වෙනදාටත් වඩා පියකරුය.සදලුතලයේ එහා ඉමට වී යොමාල් ගෙවීගිය ජීවිතය පිළිබඳ මෙනෙහි කරමින් උන්නේ සතුටු සිතිනි. ඇමෙන්ඩා සමඟ පෙමින් ගතකළ සුන්දර දිවියත්, ඉන්පසුව ඇගේ මිතුරිය වූ නිලංජනා සමඟ ගෙවා දැමූ සැපවත් ගැටලුකාරී දිවි පෙවෙතත් මනසේ චිත්‍රණය කළ යොමාල් අද දිනය ගැන නැවත නැවත සිතමින් තුටුවූයේය. තමාට මෙතරම් ඉක්මනින්ම විවාහ දිවියට ඇතුළත්වීමට ලැබේවියයි යොමාල් සිහිනයෙන්වත් නොසිතුවේය.නමුදු ඒ සිහිනය අද මල් ඵල ගැන්වී ඇත.යොමාල් තම බිරිය වෙත පියමැන්නේ සොම්නස පිරී ඉතිරෙන සිනහව මුවපුරා දරා ගනිමිනි.
“යොමාල්...
නාන කාමරයේ දොරට තට්ටු කරන හඩින් යොමාල්ගේ සිතුවිලි දැහැන බිඳවැටීමට වැඩිවේලාවක් ගතවූයේ නැත. දැහැනෙන් බිඳුණු ඔහු පියවි සිහියට පැමිණියේ බිරියගේ හදිසි ඇමතුමෙනි. “යොමාල් හදිසියක්.”
තව තවත් ප්‍රාණවත්වූ බිරියගේ හඬින් තිගැස්සුණු යොමාල් කරාමය වසා එකවර දොර විවර කළේ කලබලයෙනි.
“මොකද ළමයෝ”
ප්‍රේමාන්වත ස්වරයෙන් බිරිය ඇමතූ යොමාල් එකවරම තිගැස්සීගියේ බිරියගේ පිටුපස සිටි පොලිස් නිලධාරියා දැකීමෙනි.
“මිස්ටර් යොමාල් සමාවෙන්න ඕනෙ මේවගේ සුන්දර දවසක ඔයාට කරදර කරන එක ගැන. ඒත් නිලංජනාගෙ මරණෙට සැකපිට ඔයාව ඇරස් කරන්න අපිට සිද්ධවෙනව.” තමාදෙස උකුසු ඇස් විදහා බලා සිටින පොලිස් නිළධාරීයාගේ රාජකාරියට බාධා කිරීමට යොමාල්ට සිත් දුන්නේ නැත. ඒ වෙනුවෙන් මොහොතක් කල්පනා කිරීමට පොලිස් නිලධාරින්ගෙන් අවසර පැතූ ඔහු ජීවිතයේ පටලැවිල්ලකින් කෙළවර වූ අතීතය ගැන සිහිකලේය.
නිරූපණ ශිල්පියකු ලෙස ජීවිතයේ දෙවන පරිච්ඡේදය ආරම්භකළ යොමාල් ක්ෂේත්‍රයේ ප්‍රචලිත
පුද්ගලයකු බවට පත්වීමට ගතවූයේ කෙටි කලකි.ජනප්‍රියතම නිරූපණ ශිල්පියකු ලෙස රටම හඳුනන
ඔහු තම පළමු පෙම්වතිය ලෙස තෝරාගනු ලැබුවේ ඇමෙන්ඩා නමැති සුරූපී නිරූපණ ශිල්පිනියකි.
කෙළිලොල්, සරල ජීවිතයකට ප්‍රියකරන ඇමෙන්ඩාගේ ප්‍රේමාන්විත හැඟීම් අතරේ යොමාල් දිවි
ගෙව්වේ සතුටිනි. මේ සතුට ඔහුගේ ලොවතුළ රැඳී තිබුණේ කෙටි කලකි. ඇමෙන්ඩාගේ සමීපතම
යෙහෙළිය නිලංජනා, යොමාල්ගේ ලෝකය බවට පත්වන්නේ දෙදෙනාටම හො ඇමෙන්ඩාට හොර රහසේ ඇරඹෙන යොමාල්-නිලංජනා පෙම් කතාව දවසින් දවස දලුලා වැඩෙයි.යොමාල් සදාතනිකව තමාගේ කරගැනීමට සැලසුමක් දියත් කරන නිලංජනා ඇමෙන්ඩාට ඔවුන් දෙදෙනාගේ රහසිගත ප්‍රේම කතාව දැකගැනීමට සලස්වන්නේ රහසිගත ඡායාරූප මගිනි . නිලංජනා සහ යොමාල් ප්‍රේමාන්විතව සිටින ඡායාරූප දුටු සැනෙන් ඇමෙන්ඩා තැති ගනී.ඒ තැති ගැන්ම හරහා යොමාල් - ඇමෙන්ඩා පෙම් කැදැල්ල ගිනිබත්වේ. ඉන් සතුටට පත්වන නිලංජනා යොමාල් තමාගේම කරගැනීමේ මෙහෙයුම අරඹයි.
“අපි ඉක්මනට මැරි කරමු”
නිලංජනා යොමාල්ට යෝජනා කරනු ලබන්නේ සබඳතාවය ගොඩනැගී මාස කිහිපයක ඇවෑමෙනි. ඉන් සතුටට පත්වන යොමාල් තම අනාගත කැදැල්ල තනන්නට පෙරුම්පුරන්නේ ජීවිතය පිලිබඳ අලුත් බලාපොරොත්තු පොදිබඳීමිනි. ඇමෙන්ඩාගෙන් මිදී තමා ජීවිතයේ උපරිම ජයග්‍රහණයක් සහ සතුටක් ලැබු බව සිතන යොමාල් නිරතුරුවම නිලංජනා සමඟ සතුටින් කාලය ගත කිරීමට කාලය වෙන්කරයි.
කාලයාගේ ඇවෑමෙන් නිලංජනා යනු කවරකුදැයි යොමාල් තේරුම්ගනී. ඉන් පසුව ඇතිවන ගැටුම
දිනෙන් දින උග්‍රවේ. යොමාල් තමා දිවයන්නේ සදාකාලික මිරිඟුවක් පිටුපස බව
තේරුම්ගනියි. නිලංජනගේ සැබෑ ස්වරූපය සොයාගන්නා යොමාල් ඇමෙන්ඩා සහ තමා අතර සබඳතාවය දෙදරාගිය හේතුව සොයා ගනියි. ඇමෙන්ඩාට තමාගෙන් සිදුවූ වරද පිළිබඳ නිතර සිතින් තැවෙන යොමාල් නැවතත් ජීවිතය සුබදායී මඟකින් ඇරඹීමට තීරණය කරයි. නමුත් සිදුවන්නේ අනපේක්ෂිත ක්‍රියාවලියකි. නිලංජනාගේ හදිසි අතුරුදහන්වීම පිලිබඳ සැවොම යොමාල් සැක කිරීමට පටන් ගනියි.ඒ සඳහා අවශ්‍ය සාක්ෂිද ලැබේ.
නිලංජනාගේ හදිසි මරණයට වගකිවයුත්තන් කවුරුන්ද
නිලංජනා සැබෑවටම මියගියාද හමුවන නිලංජනා තව නොබෝදිනකින් MPI මණ්ඩලයේ සිනමාශාලාව තිරගතවීමට නියමිතය.නාලක විතානගේ තිරපිටපත ලියා අධ්‍යක්ෂණය කළ නිලංජනා ආචාර්ය අරෝෂ ප්‍රනාන්දුගේ හතරවන සිනමා නිෂ්පාදනයයි.
|





ර රහසෙනි.

