|
|
හොඳ රේස් එකක්
මැට් ලීබ්ලාන්ක් සහ ජේම්ස් කෝඩ්න් අතර මෝටර් බයික් තරගයක් පැවැත් වුණා. හැබැයි මේ දෙන්නා තරගය වෙනුවෙන් පැද්ද බයික් නම් සාමාන්‍ය ඒවා නෙවෙයි. ඉතාම කුඩා ප්‍රමාණයේ බයික් දෙකක්. ඒ මදිවට තරගය පුරාවට බාධක ගොඩක්. අමාරුවෙන් වුණත් දෙන්නාම කොහොම හරි මේ අවධානම ගත්තා. බයික් පොඩි නිසා දෙන්නම බයත් වෙලා. ඒ නිසා ගමනාන්තය දක්වාම මහ හයියෙන් කෑගසමින් තමයි ධාවනය කරලා තියෙන්නේ. මේ තරගයේ ජය හිමි වුණේ මැට් ලීබ්ලාන්ක්ට. “මම හොඳ රේස් එකකට හැමදාත් ආසයි” ජයග්‍රහණයෙන් පසු මැට් පැවසුවා.
රංගනයට නැත බාධා
බිහිසුණු සිදුවිම් රැගත් ත්‍රාසජනක චිත්‍රපටයක් වන ‘ද ෂැලෝව්ස්’හි ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ බ්ලේක් ලයිව්ලි. මෙහි ත්‍රාසජනක සිදුවීම්වලට පෙනී සිටින්න වෙනත් ආදේශක නිළියක යොදා ගන්නවාට ඇය කැමැති වෙලා නැහැ. මෝරෙකුගේ ප්‍රහාරයට ලක් වන ආකාරය වගේම විශාල ජල ටැංකි තුළ රූගත කිරීම්, මුහුද යට දර්ශන, උස් රළ සමඟින් පොර බදන දර්ශනත් ‘ද ෂැලෝව්ස්’හි ඇතුළත්. මුහුදේ රූගත කළ ඇතැම් දර්ශන මීටර් දෙසියක තුන්සියක තරම් ඈත සිට කළ ඒවා. විශේෂයෙන් කියනවා නම් මෙම චිත්‍රපටයේ ක්‍රියාදාම නොමැති ජවනිකා නොමැති තරම්. කැනේඩියානු නළු රයන් රෙනෝල්ඩ් සමගින් විවාහ වී සිටින ලයිව්ලි දැන් සිය දෙවැනි දරුවා බලාපොරොත්තු වෙමිනුයි සිටින්නේ. ඒ වුණත් ගර්භණී බව ඇය රූගත කිරීම්වලට බාධාවක් කරගෙන නැහැ කියලා හොලිවුඩයෙන් ආරංචි වෙනවා. විසිඅට හැවිරිදි වියේ පසුවන ලයිව්ලිගේ වැඩිමල් පුතු ජේම්ස්ගේ වයස අවුරුද්දක්.
බියොන්සේ ජල ගැටලුවක
බියොන්සේ සමාජ සේවය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන තරුවක්. දැන් ඇය සැරසෙන්නේ ජල ගැටලුවකින් පීඩා විඳින්නන් පිරිසකට පිහිට වෙන්නයි. මිචිගන්හි ජලයට ඊයම් මිශ්‍රවීම නිසා 2014 වසරේ සිට එම ප්‍රදේශයේ ජීවත් වෙන්නන් දැඩි ලෙස අසරණ වුණා. පසුගිය 2015 වසරේදී ඒ වෙනුවෙන් උපකාර කරන්න සුප්‍රකට ගායිකා බියොන්සේ ප්‍රතිඥාවක් දුන්නා. ඒ වෙනුවෙන් ඇයගේ ලෝක සංචාරවලදී අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ප්‍රවේශ පත්‍රවල මුදල් වෙන් කෙරුණා. මේ අනුව වෙන් කෙරුණු අමෙරිකානු ඩොලර් 82,000ක මුදලක්, යුනයිටඩ් වේ සංවිධානය හරහා ලබා දෙන්න ඇය කටයුතු යොදලා. මීට පෙරත් ඇය විවිධ රටවල අධ්‍යාපනය, සෞඛ්‍ය මෙන්ම ආර්ථික ස්ථාවරය සඳහාත් බොහෝ උපකාර කර තිබෙනවා.
අවුරුදු හතට පෙම්වතුන් හතක්
ටේලර් ස්විෆ්ට් ආයෙමත් තනිකඩ ජීවිතයක් ගත කරන බව ආරංචි වුණා. එහෙම වුණා කියලා තනියෙන්ම ඉන්නත් බලාපොරොත්තුවක් නැහැ. හැමෝම වෙන් වුණාම එක එක විදියේ ජීවිත ගත කරනවා. ඒ අතරේ වෙන්වීමට හේතු කියන්න තමන් සූදානම් නැති බව ඇය පවසනවා. ඒ ඇයගේම යහපතටලු. දැන් ඇය කැල්වින් හැරිස් සමඟින් වූ සම්බන්ධයත් නතර කරලා අවසන්. එය කෙසේ වෙතත් පසුගිය 2015 වසරේ ජුනි සිට 2016 ජුනි මාසය දක්වා වසර තුළ ඉහළම ආදායම් ලබන පෙම් යුවළ ලෙසින් නම් කළේ කැල්වින් හැරිස් සහ ටේලර් ස්විෆ්ට්. මීට පෙරත් ස්විෆ්ට් සම්බන්ධතා කිහිපයක්ම නතර කළේ මේ අයුරින්. 2008 වසරේ සිට මේ දක්වා ජෝ ජෙනතන්, ටේලර් ලොට්නර්, ජෝන් මේයර්, ජේක් ගිලන්හල්, කොනර් කෙනඩි, සහ හැරි ස්ටයිල් සමඟත් ඇය සබඳකම් පැවැත්වූවා. හරියටම අවුරුදු හතකට පෙම්වතුන් හත් දෙනෙක්. දැන් ඇය කැමතිම වෙරළ තීරයේ විවේකීව ගත කරන්න යන්නේ නළු ටොම් හිඩ්ල්ටන් සමඟින්.
ගෙදර නැති වේලේ...
පසුගිය දවසක හොලිවුඩ් නළු කෙවින් හාට්ගේ ලොස් ඇන්ජලීස්හි නිවසට සොරුන් ඇතුළු වී තිබුණා. නිවසේ පිටුපස දොරින් ඇතුළු වූ සොරුන් විසින් අමෙරිකානු ඩොලර් ලක්ෂ පහකට අධික වටිනාකමකින් යුතු රත්තරන්, අත් ඔරලෝසු සහ ඇඳුම් රැගෙන ගොස් තිබෙනවා. නිවසේ මෙන්ම අවට ස්ථානවලද රඳවා ඇති කැමරා කැමරා පවා පරීක්ෂ කරමින් පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනවා. ඒ රූප රාමුවලට අනුව හාට්ගෙ නිවසට සොරුන් දෙදෙනෙකු ඇතුළු වී තිබෙනවා. තිස්හය හැවිරිදි හාට් මෙම සොරකම සිදුවන අවස්ථාවේ මයාම්හි ප්‍රචාරණ කටයුත්තකට දායකවෙමිනුයි සිට ඇත්තේ. ඒ ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන ‘සෙන්ට්‍රල් ඉන්ටලිජන්ස්’ චිත්‍රපටය වෙනුවෙන්.
|



-npr.jpg)
-npr.jpg)
-npr.jpg)
-npr.jpg)
-npr.jpg)
-npr.jpg)