වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මහනුවරින් නැගීඑන කලාකරුවා

මහනුවරින් නැගීඑන කලාකරුවා

පසන් චන්ද්‍රසේකර

මහනුවින් නැගීඑන කලාකරුවකු වන ගායන ශිල්පී පසන් චන්ද්‍රසේකරගේ නවතම ගීතය හිත 'ආලබන්දනා' මේවන විට රසිකයින් වෙත නිකුත් වී ඇත. මෙහි පදරචනය ගාමිණී කරුණාරත්න ගෙනි. සංගීතය විශාරද නිර්මල හේරත්ගෙනි.

පසන් මීට ඉහතදී පොකුරු පොකුරු මල්, වලාකුළක් වගේ ඇවිත් ගීත ද්වය රසිකයින්ට තිළිණ කර ඇත. මෙම ගීත යූ ටියුබ් ඔස්සේ ද රසවිඳිය හැකිය.

ජ්ඪතථ ර්චඬඥපඵ චදඤ ඒපබඪඵබඥඵ ඛ්ඥපජතඥ (ජ්ර්ඒඛ්) හි නිර්මාතෘ වන පසන්ගේ මෙම සංවිධානයට ලංකාවේ කලාකරුවන් 350 සම්බන්ධවී සිටී. මෙහි චිත්‍රපට අධ්‍යක්ෂවරු, තිරරචකයින්, රංගන ශිල්පීන්, ගායක ගායිකාවන්, ගෙන් සැදුම්ලත් සංවිධානයකි. මෙහිදී කලාකරුවන්ට වෘත්තීය මට්ටමේ පුහුණුවක් ලබාදෙයි. පසන්ගේ ලිපිනය පසන් චන්ද්‍රසේකර, නො. 80, රජවීදිය, මහනුවර දුරකථනය 0777709767 ඔස්සේද ඇමතිය හැකිය.


‘මිහිඳු සංස්කෘතිය සහ සිංහල රාජ්‍ය පාලනය’

නන්දසේන සූරියආරච්චි විසින් රචිත "මිහිඳු සංස්කෘතිය සහ සිංහල රාජ්‍ය පාලනය" අලුත්ම ග්‍රන්ථය මරදානේ පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගරයේදී එළි දැක්විණි.


‘සොකරි නාටක කාව්‍යය විමර්ශන’

කවියෙකු, ගීත රචකයකු මෙන්ම ජන නාට්‍යකරුවකු වන ශාස්ත්‍රපති ගුණතිලක බණ්ඩාර මහතා ලියූ අලුත්ම ශාස්ත්‍රීය ග්‍රන්ථය 'සොකරි නාටක කාව්‍යය විමර්ශන' දොරට වැඩීම පසුගිය දින දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී සිදු විණි.

දයාවංශ ජයකොඩි සහ සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද 'සොකරි නාටක කාව්‍යය විමර්ශන'ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේ ආරාධිත දේශනය කාව්‍ය විශාරද සමන්ත රණසිංහ මහතා පවත්වනු ලැබූ අතර විශේෂ දෙසුම් කීපයක් ද මෙහිදී පැවැත්විය.