වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




පෙරළුණ පිට හොඳයි කියනවා

පෙරළුණ පිට හොඳයි කියනවා

ඇන්ටන් ජේ. ප්‍රනාන්දුව ඔබ වඩාත් හඳුනන්නේ ගී පද රචකයකු හැටියටයි. සෙනෙහසේ මුට්ටියේ, බජාර් එකේ ලලක්කා ආදී ජනප්‍රිය ගීත ලිව්වේ ඔහු. අප නම් ඇන්ටන්ව වඩාත් හඳුනන්නේ මාධ්‍ය සම්බන්ධිකරණ ශිල්පියකු හැටියට. මේ ළඟදී දවසක ඇන්ටන් සංවිධානය කළ උත්සවයකට අපිත් ගියා. එදා නම් ඇන්ටන් හිටියේ හැංගිලා. ළඟට ගිහින් බලපුවම මූණෙ රැවුල් කට් එකත් වෙනස් කරලා. කට වටේ තිබුණු රවුම් රැවුල් කට් එකේ පල්ලෙහ කොටස කපලා. උඩු රැවුල විතරයි තියෙන්නේ. මේ ගැන හැමෝම ඔහුගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

ආ මේක මගේ අලුත් රැවුල් කට් එක.

ඇන්ටන් එහෙම කියලා ෂේප් වෙනවා. ඒත් පස්සෙයි අපට ඇත්ත කාරණය හෙළි වුණේ. අලුත් කට් එකක් තියන්න ගිහින් වැරදිලා ඇන්ටන්ගේ රැවුලේ පදාසයක්ම කැපිලා. ඒක හරිගස්සන්න තමයි ඇන්ටන් මුහුණේ අලුත් රැවුල් කට් එකක් තියාගෙන තියෙන්නේ.