වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ආචාර්ය නුවන් නයනජිත් කුමාර මාස්කෝ 2018

ආචාර්ය නුවන් නයනජිත් කුමාර මාස්කෝ 2018

විශේෂ සම්මානයෙන් පිදුම් ලබයි

සරසවිය නියෝජ්‍ය කර්තෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර මාස්කෝ 2018 විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය. ජනමාධ්‍යකරණයට දැක් වූ ප්‍රතිභාව, සිනමාවට දැක් වූ විශේෂ දායකත්වය, පරපුරට පුරෝගාමීව මඟ පෙන් වූ දායකත්වය සහ කෘති ගණනාවක් රචනා කිරීම ඔහුට මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට හේතු කාරණා විය. ඉකුත් දා කොළඹ රමාඩා හෝටල් පරිශ්‍රයේ පැවති උත්සවයකදී ආචාර්ය නුවන්ට මෙම සම්මානය ලබා දෙන ලදී.


ප්‍රඥා ප්‍රසාද

කන්නන්ගර දායාදය 11දා

මහාචාර්ය ප්‍රවීණ ලේඛක සුනන්ද මහේන්ද්‍ර විසින් ලියූ 'ප්‍රඥා ප්‍රසාද කන්නන්ගර දායාදය' එළඹෙන 11 වන දින කොළඹ මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගම් පොත් මැදුරේදී ජනගත කෙරේ.


අජිත් ඉඳුනිල්ගේ සඳකඩ පහණ

දොම්පෙ සංස්කෘතික බල මණ්ඩලයේ සාමාජික මෝස්තර නිර්මාණ ශිල්පී අජිත් ඉඳුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කරන සඳකඩ පහණ කලා ප්‍රදර්ශනය මෙම මස 07, 08 සහ 09 යන දිනයන්හී දොම්පේ ප්‍රජා ශාලාවේදී පැවැත්වේ.

මෙහි සමාරම්භය 07 වැනිදා උදෑසන 9.30 බස්නාහිර පළාත් සෞන්දර්ය ගුරු උපදේශක එච්. ඩබ්ලිව්. කුමාරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වෙයි.


39 වැනි ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටය

දැන් ටවර් රඟහලේ දී

ශ්‍රී ලාංකේය අංකුර කලාකරුවන්ගේ සහජ දක්ෂතාවයන් වඩා වර්ධනය කොට ඔවුන් ජාතික තලයට හඳුන්වා දීමේ අරමුණින් තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයත්, ජාතික තරුණ සේවා සභාවත් එක්ව සංවිධානය කරනු ලබන 39 වැනි ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටයේ තරග, ලබන සැප්තැම්බර් 13 දා දක්වා සෑම දිනකම ප.ව. 6.30ට මරදාන, ටවර් රඟහලේදී වේදිකා ගත කෙරේ.

මෙවර ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටය සඳහා දිගු නාට්‍ය 06ක් සිංහල කෙටි නාට්‍ය 16ක් හා දමිළ කෙටි නාට්‍ය 04ක් තේරී පත් වී ඇති අතර, පළාත් මට්ටමේ සිට මෙම තරගාවලිය සඳහා දිගු නාට්‍ය 26ක්, කෙටි නාට්‍ය 116ක් ද හා දමිළ කෙටි නාට්‍ය 20ක් ඉදිරිපත් වී ඇත.

ඒ අනුව මෙම මස 04 දා චිරාන් චිතානගේ සහ ගිහාන් ධනංජයගේ “රාසම්මා ඩැනියෙල්” දිගු නාට්‍ය ද, 05 දා නිලංක නිසලාන්ජල් ගේ “වසන්තය එන්නේ නෑ.” භානු සුධාරක හර්ෂදේවගේ “පෙයාර්” රූමේෂ් තාරකගේ “මාර්කටින්” (දමිළ) යන කෙටි නාට්‍ය ද,වේදිකා ගත වූ අතර සුරංජීත් රණසිංහගේ “තාරා” දිගු නාට්‍යද, 07 දා නිලංක නමාල් උඩුමුල්ලගේ “උඹ කවුද” බාෂ්කර් ක්‍රිෂාන්ගේ “කුලි“ (දමිළ), ලක්මිණි ලක්ෂිකාගේ “නිලක් බලමුද” සුමුදු මධුෂාන්ගේ “පි‍්‍රතිමත් රාජ්‍යයක සිට” යන කෙටි නාට්‍යය ද, 08 දා කසුන් චතුරංගගේ “හිරු නොදුටු මිනිස්සු” දිගු නාට්‍යද, 09 දා දුමින්ද ප්‍රසාද්ගේ “ස්තූතියි නැවත එන්න.” එස්.ජීවරාජාගේ “නාලෙයි මරණ තණ්ඩනෙයි” (දමිළ) නලින් ලුසේනාගේ “නොකියා හිටපු දෙයක්” කසුන් චතුරංගගේ “උතුරු කුරු දිවයින” යන කෙටි නාට්‍ය ද, 10 දා ඉෂාන් කුලතිලකගේ “කැට් සහ ප්‍රෙඩා” දිගු නාට්‍ය ද, 11 දා ග්‍රේෂන් රත්නායකගේ “සඝ ගණ සොබනා” එස්.තුජාන්ගේ “ඔන්ඩ්රුම් ඔන්රු” (දමිළ) ශානක උදාර රාජරත්නගේ “නැවත අපි“ මොහොමඩ් රාෆිගේ “එම්බ්‍රොයිඩර්” යන කෙටි නාට්‍යයද, 12 දා තිළිණ රුවන්දිකාගේ “ඊඩඥ ඹ්ධමඥප” දිගු නාටයද, 13 දා සුරීන් චාමරගේ “ර්ප -එ” දිගු නාටයද වේදිකා ගත කෙරේ.


චම්මින්ද වෙලගෙදරගේ සන්තිපරං

දොරට වැඩුම 12 දා

බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නුවර කලාවියේ ජන රාශිගත වීම හා තමන්ට එරෙහිවීමේ ශක්තිය විනාශ කිරීම සඳහා එහි සියලු ප්‍රධාන වැව් විනාශ කරනු ලැබීමත්, නුවර කලාවියේ ජනතාව ජලය ලබා ගැනීම සඳහා කළ අරගලයත්, ඔවුන්ගේ ජීවන රටාව හා අනුරූපී බස් වහරත් තේමා කොට ගනිමින් සම්මානනීය ලේඛක චම්මින්ද වෙලගෙදර විසින් රචිත අලුත්ම නවකතාව 'සන්තිපරං' සැප්තැම්බර් මස 12 වැනිදා සවස 3.00 ට ආනන්ද කුමාරස්වාමි මාවතේ, මහවැලි කේන්ද්‍රයේදී ජනගත කරනු ලැබේ.

සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සහ මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ දෙසුම්වලින් හරවත් වන මෙම පොත් එළිදැක්වීම මෙහෙය වන්නේ අමිත්ත වීරසිංහයන්ය. 'සන්තිපරං' නවකතාව ෆාස්ට් පබ්ලිෂින් ආයතනයේ 'සුරස' ප්‍රකාශනයකි.


නිදහසේ පියා ඩී. එස්. ළඟදීම

සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කළ ඩී.එස්.නිදහසේ පියා චිත්‍රපටයේ විශේෂ මාධ්‍ය දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.