වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මංගල ගමනට මංගල තෑගි

මංගල ගමනට මංගල තෑගි

34 වැනි සරසවිය සම්මාන උලෙළ නිමාව දැක මසකට වැඩි කාලයක් ගත වුණත් උලෙළින් මතුවන රස කතාවල නම් අඩුවක් නැහැ. මේ කතාවත් එහෙම අසු වූවක්. සම්මාන ගත්තු අයගේ ලිපි පෙළ සරසවියේ පළ වෙද්දියි ඒ රහස හෙළි වූයේ. සම්මාන උලෙළේ ආරාධනා පත් ලැබුණු පසුව දෙදෙනකුට හිතිලා තමන්ගේ සහකාරිය සමඟ උලෙළට එන්න. තවත් තැනැත්තියකට හිතිලා තමන්ගේ සහකරුවා සමඟ උලෙළට එන්න. මේ අයගෙන් පළමු දෙදෙනා දිනෙත් ද සිල්වා සහ උදාර සමරවීර. මේ අය තමන්ගේ ප්‍රිය බිරියන්ව මීට පෙර කිසිම සම්මාන උලෙළකට එක් කරගෙන ඇවිත් නැතිලු. එහෙත් ඔවුනට හිතිලා අන් සෑම සම්මාන උලෙළයන්ට වඩා උසස් නිසා සරසවිය උලෙළට භාර්යාවන් එක් කරගෙන එන්න. එහෙම ගෙන ඇවිල්ලා ඔවුන් ගෙදර ගියේ ඉතාම සතුටින්. ඒ උදාරත්, දිනිතුත් සම්මාන ගත්තු නිසා. එදා දෙදෙනාටම මුලින්ම සුබපතලා තියෙන්නේ බිරියන්. ඔය අතරේ තමන්ගේ සහකරුවා සමඟ හාහාපුරා කියලා ආවේ තිසුරි. ඇය සැමියා සමඟින් ආ පළමු උත්සවයත් මෙයයි. එදාම තිසුරි සම්මාන ලැබුවා. ඒකත් විශේෂත්වයක්.