වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සම්මානය ඉතිහාසගතයි

මේ සම්මානය ඉතිහාසගතයි

Bhumi Harendra

සරසවිය සම්මාන උලෙළේ දී සම්මාන හිමිකර ගත් කලාකරුවන් අතර භූමි නරේන්ද්‍රන් ද කැපී පෙනෙන රංගන ශිල්පිනියකි. ඇය ‘සය පෙති කුසුම’ චිත්‍රපටයේ රංගනය උදෙසා කුසලතා සම්මානයකින් පිදුම් ලැබීය. භූමි ලද පළමු දේශීය චිත්‍රපට සම්මානය ගැන ඇය පවසන්නේ මෙවැන්නකි. සරසවිය සම්මානය මම හිතන විදිහට මගේ ජීවිතේ මට ලැබුණු වැදගත් ජයග්‍රහණයක්. එමඟින් මගේ රංගනය ලංකාව තුළ පිළිගැනීමකට ලක් වුණු බව හැඟෙනවා. මට ලැබුණු පළමු දේශීය සම්මානය මෙයයි.

සරසවිය සම්මානය ගැන මොකද හිතෙන්නේ?

මේ සම්මානය ගැන මට ලොකු සතුටක් තිබෙනවා. සම්මානය සඳහා මගේ නම කියත්දී මම උලෙළට ආවා විතරයි. මට හිතාගන්න බැරුව ගියා. ෂොක් වුණා. ඒ සිදුවීමත් එක්ක සම්මානය ලබා ගන්න යන්න පඩි පෙළ හොයා ගන්නත් බැරුව ගියා. මගේ කකුලත් පැටලිලා වැටෙන්න ගියා. මම ජීවිතේ ගොඩක් සතුටු වුණු මොහොතක් එය.

සම්මානයක් හිමි වේවි කියා හිතුවද?

නැහැ. මම කවදාවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි මෙය. සම්මාන බලාගෙන මම රඟපෑවේ නැහැ. චිත්‍රපටයට දායක වූ මගේ සහෝදර නළු නිළියන්ට සහයෝගය දෙන්නයි මම එතැනට පැමිණියේ. අනෙක චිත්‍රපටයේ රඟපාද්දීවත් මම සම්මාන ගැන හිතුවෙත් නැහැ. සම්මානයක් කියන දේ මගේ ඔළුවේ තිබුණේම නැති දෙයක්.

ඔබ ලද මේ සම්මානය ඔබේ පළමු චිත්‍රපටයෙන්මයි ඔබට හිමි වන්නේ?

මේ මගේ ජීවිතයේ වගේම මම නියෝජනය කරන ප්‍රජාව ලද ජයග්‍රහණයක් ලෙසයි මම දකින්නේ. මොකද මෙය ඓතිහාසික අවස්ථාවක් වෙන්නේ දකුණු ආසියාවේ සංක්‍රාන්ති සමාජයේ පුද්ගලයෙක් විශේෂයෙන්ම නිළියක් දේශීය සිනමා සම්මාන උලෙළකදී සම්මානනීය වූ ප්‍රථම අවස්ථාව මෙය. ඉතින් ඒ ගැන පුංචි නිහතමානී සතුටක් මට තිබෙනවා. මේ සම්මානය ඔස්සේ මා නියෝජනය කරන ප්‍රජාව හඳුනා ගැනීමක් ලංකාවේ සිදු වෙනවා.

ඔබට ඔබේ සහෝදර රංගන ශිල්පී ශිල්පිනියන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?

හුඟ දෙනෙකුගෙන් නොමඳ සහයෝගයක් අදටත් ලැබෙනවා. අවංකවම ඒ අය ගැන ගොඩාක් සතුටුයි. මොකද ‘ජ්චපදඨඪ ජ්චදඪ’ චිත්‍රපටයට දායක වූ හැම දෙනාම අදටත් මගේ පවුලේ අය වගෙයි. හැම සතුටකදී වගේම හැම දුකකදීම ඔවුන් මා සමඟ ඉන්නවා. ඒ අය මගේ ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයකට පැමිණෙන්නට මට උදව් කළා. ඒ අතින් මම හුඟක් වාසනාවන්තයි.

සය පෙති කුසුම’ චිත්‍රපටයේ බොහෝ දෙනකුට සම්මාන හිමි වුණා නේද?

ඔව්. මට ලැබුණු සම්මානයටත් වඩා මගේ සහෝදර නළු නිළියන් සම්මාන ලබන විට මම හුඟක් සතුටු වුණා. ඒ අය මේ කලා ලෝකයේ ඉහළටම යනවා දකින්න මම කැමැතියි.

මේ චිත්‍රපටයෙන් පසුව ඔබට තවත් චිත්‍රපටවලට ඇරැයුම් ලැබුණේ නැතිද?

චිත්‍රපට කිහිපයකටම ආරාධනා ආවා. ඒවායේ බොහෝ විට මේ සංක්‍රාන්ති පුද්ගලයන් ගැන විකට ස්වරූපයෙන් තමයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මම ඒ චිත්‍රපට තරයේ ප්‍රතික්ෂේප කළා. මම රංගනය හොයගෙන යන කෙනෙක් නෙමෙයි. මගේ වෘත්තීය වෙනත් ක්ෂේත්‍රයක්.

ඔබේ වෘත්තීය ගැන කතා කළොත්?

මම මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාකාරිනියක් ලෙස කටයුතු කරනවා. සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයන් වෙනුවෙන් සිදු කෙරෙන ව්‍යාපෘති සමඟ මම කටයුතු කරනවා. මේ දිනවල ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකයත් සමඟ ඩ්ධ්ඍ රෝගය මර්දනය කිරීමට හා ඒ ආසාදිත පුද්ගලයන් සොයා ප්‍රතිකාර සඳහා යොමු කොට ඔවුන් වෙනුවෙන් යම් කාර්යභාරයක් ඉටු කිරීමට මම දායක වෙනවා.

ඔබ චරිතාංග නිළියක වෙන්නට කැමැති නැත්ද?

අවස්ථාව ලැබුණොත් එහෙම රංගනයක නියැලෙන්න බැරිකමක් නැහැ. නමුත් අද සිනමාවේ කලාවේ එක එක ලේබල් කිරීම් තිබෙනවා. ඒ ලේබල් කිරීමට මම එතරම් කැමැත්තක් නැහැ. එක චරිතයක් කළාම ඒ චරිතයටම කොටු වූ චරිත තමයි ලැබෙන්නේ.

ඔබේ අනාගත බලාපොරොත්තු?

මට කලා ලෝකෙ නම් විශාල බලාපොරොත්තු නැහැ. චරිතයක් ලැබුණොත් සාධාරණයක් ඉටු කරනවා. ඒ ඇරෙන්න මගේ වෘත්තීය පැත්තෙන් ඉහළට යන්නයි බලාපොරොත්තුව.

ඔබ මේ වන විට පෙම්වතියක් ද?

ඔව්. මගේ ජීවිතේ හරිම කාර්යබහුලයි. ඒ නිසා වෘත්තීමය ජීවිතය ආදරයටත් බාධාවක් වෙලා. මට ඉන්නේ සාම්ප්‍රදායික පෙම්වතෙක් නෙවෙයි. ඔහු හැම විටම මං ගැන ආඩම්බර වෙනවා.