වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




අපි එකම පන්තියේ ඒ කාලේ

අපි එකම පන්තියේ ඒ කාලේ

එකම ක්ෂේත්‍රයේ වුණත් අන්ත දෙකක් නියෝජනය කරන කලාකරුවන් යුවළක් අපට හමු වුණා. ඒක නෙවෙයි ඔවුන්ගේ විශේෂත්වය මේ දෙදෙනාම එකම ඉස්කෝලේ එකම පන්තියේ්. ඔවුන් දෙදෙනාගේ නම් ඇසුවොත් ඔවුන් එකම පන්තියේද කියලා ඔබ පුදුමයට පත් වනු නිසැකයි. විශාරද එඩ්වඩ් ජයකොඩි එක් කලාකරුවෙක්. අනෙක් කෙනා තමයි බන්දු සමරසිංහ. එඩ්වඩ් සංගීතයෙන් පරතෙරටම ගියා. බන්දු රංගනයෙන් පරතෙරටම ගියා. ඉතින් ඔවුන් අද කලා ලොව තුළ ඉහළ තැනක සිටිනවා. මේ දෙදෙනා එකට ප්‍රසංගයක හිටියොත් කොහොමද. ඇත්තටම එය ඉතාමත් රසවත් එකක් වනු නොඅනුමානයි. මේ සුන්දර අත්දැකීම තවත් නොබෝ දිනකින් සිදුවනවා. ඒ එඩ්වඩ්ගේ මාරම්බරී ප්‍රසංගය හරහා. බන්දුත් ඒකට එනවලු. එඩ්වඩ් සහ බන්දු කලා ලොවට ඇවිත් සම කාලයක් තමයි ගෙවිලා තියෙන්නේ. ඒ වගේම තමන් ඉගෙන ගත් කෑගල්ලේ ශාන්ත මරියා විදුහලට ආධාර පිණිස තමයි මෙම මාරම්බරී සංවිධානය කරලා තියෙන්නේ. ඒ ලබන 16දා.