වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ

සරසවිය ඇරයුමෙන් මොනරාගල ආ කලාකරුවෝ

සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය තේමා කොටගත් එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ජාතික ප්‍රදර්ශනය පසුගිය දින ඉතා සාර්ථකව මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේදී පැවැත්විණි.

ප්‍රදර්ශනය නැරැඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පැමිණියහ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ ව්‍යවසායකයන් දිරි ගන්වන "ඍ2025" මත පදනම් වූ මෙම ජාතික ප්‍රදර්ශනය පසුගිය දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය. එහිදී

සරසවිය පුවත්පත මඟින් පැවැති කලාකරුවන්ගේ සුහද වැඩමුළුව, නාට්‍ය කලාවේ රසය, හඬ කැවීම, විකට ජවනිකා, විනෝද ක්‍රීඩාවන් ඉදිරිපත් කිරීම සියල්ලන්ගේම පැසසුමට ලක් විය. පාසල් ළමුන්ගේ නාට්‍ය හා රංග කලාවට විශේෂ අත්වැලක් ඔවුන්ගෙන් එහිදී ලැබිණි. මේ එම කලාකරුවන් තෙදින තුළ සිදු කළ විශේෂ අවස්ථා කිහිපයකි.