වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




අඩ සියවසක සදාදර රෝයි ජනගත කෙරේ

අඩ සියවසක සදාදර රෝයි ජනගත කෙරේ

 

ලාංකේය සිනමා ඉතිහාසයේ පනස් පස් වසරක අඛණ්ඩ සිනමා චාරිකාවක නියැළුණ නැසීගිය සිනමාවේදී රෝයි ද සිල්වාගේ චරිතාපදාන ග්‍රන්ථය ‘අඩ සියවසක සදාදර රෝයි’ නමින් පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලා පරිශ්‍රයේදී එළි දැක්විණි. මෙය උපුල් ගුරුගේ ගේ රචනයකි. මෙම අවස්ථාව සඳහා උසස් අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ඉඩම් හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක හා කලා ක්ෂේත්‍රයේ කලා සහෘදයින් රැසක් සහභාගි විය. ග්‍රන්ථය එළිදැක්වීමෙන් අනතුරුව රෝයි රංගනයෙන් දායක වූ මිහිදුම් සිහින චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණි. මේ එහි විශේෂ අවස්ථා කිහිපයකි.