වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී දේවි මැරුණාද මැරුවාද?

ශ්‍රී දේවි මැරුණාද මැරුවාද?

තම ප්‍රතිභාපූර්ණ රංගනයෙන් වසර පනහක් සිනමා රසික රසිකාවන් පිනවූ බොලිවුඩයේ සුපිරි තරුව ශ්‍රී දේවි පසුගිය පෙබරවාරි 24 වැනිදා සිය ජීවන ගමන නිම කළේ ලොවපුරා රසික රසිකාවන් කම්පනයට පත් කරමින්. 54 හැවිරිදි වියේ පසු වූ ඇය හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් මිය ගිය බවට පුවත් පළ වුවද ලොව ජනප්‍රිය තරු ලෙසින් පිදුම් ලැබ සිටි මර්ලින් මොන්රෝ, නතාලි වුඩ් මෙන්ම බොලිවුඩයේ දිව්‍යා භාරතී වැනි තම මරණය අභිරහසක් ලෙසින් තබා මෙලොවින් නික්මී ගිය නිළියන් අතරට ශ්‍රී දේවියගේ නම ද ඇතුළත් වීමට වැඩි කාලයක් ගත වූයේ නැහැ.

හෘදයාබාධයක් ඇතිවීමට හෝ එවැනි කිසිදු අසනීප තත්ත්වයක ලක්ෂණයක් හෝ මීට පෙර ශ්‍රී දේවි වෙතින් පෙන්නුම් නොකළ බව කපූර් පවුලේ ආරංචි මාර්ග තහවුරු කළා.

අසූව හා අනූව දශකවලදී ඉන්දියාවේ වැඩිම අදායමක් ඉපැයූ නිළිය වශයෙන් හැඳීන්වුයේද ශ්‍රී දේවියයි. සිව්හැවිරිදි වියේදි ඊඩභදචඪමචද දෙමළ චිත්‍රපටයෙන් සිනමාවට පිවිස අති සාර්ථක ලෙසින් සිනමා නිර්මාණ රැසකට දායක වී 1996 වසරේදී සිනමාවට සමු දුන්නේ විවාහය හේතුවෙන්. ඇය, හින්දි සිනමාවේ ප්‍රකට නිෂ්පාදකවරයකු වන බොනී කපූර් සමඟින් ගත කළ පවුල් ජීවිතය බොහෝ දෙනා හැඳීන් වූයේ බොලිවුඩයේ සාර්ථක පවුල් ජීවිත අතළොස්ස අතරින් එකක් ලෙසිනි. ජනප්‍රිය නළු අනිල් කපූර්ගේ වැඩිමහල් සහෝදරයා වන බොනිට සිය සිනමා නිෂ්පාදනයන් ගෙන් ලැබෙනවාට වඩා ප්‍රසිද්ධියක් ගෙන ආවේ ශ්‍රී දේවි සමඟින් කෙරුණු විවාහය යි. මෑතකදී පැවති උත්සවයකදී බොනී කපූර් ප්‍රසිද්ධියේ පවසා සිටියේ, ශ්‍රීහට තමා අදටත් උමතුවෙන් මෙන් ආදරය කරන බවයි.

ආදරණිය මවක ලෙසින් ජාන්වි හා කුෂි දියණියන් දෙදෙනා යෞවනයට පිවිසෙන් තෙක්ම සිනමාව කෙරෙහි උනන්දු නොවූ ඇය යළි හින්දි සිනමාවට පා තැබුවේ අති සාර්ථක ඡ්දඨතඪඵඩ ඍඪදඨතඪඵඩ (2012) චිත්‍රපටයෙනි. පසුගිය වසරේදී ර්ධථ චිත්‍රපටයේ රංගනයට එක් වෙමින් ඇය පවසා සිටියේ තම සිනමා දිවිය අලුතින් ආරම්භ වූවා සේ දැනෙන බවයි. ර්ධථ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ද බොනි විසිනි. "මේ චිත්‍රපටය ලියවෙන්නේ ශ්‍රී දේවි වෙනුවෙන්මයි" ඒ පිළිබඳ කළ විමසීමකදි බොනී පවසා සිටියා. එදා ශ්‍රී දේවිගේ රුවට වශී වූ බොනි ඇය තම චිත්‍රපට වෙනුවෙන් දායක කර ගැනීමට ඉහළ මිලක් ගෙවූ බවත් සඳහන්.

ශ්‍රී දේවියගේ දියණියන්ද සිනමාවට පිවිසීම සම්බන්ධයෙන් නොයෙක් අවස්ථාවල මාධ්‍ය කළ විමසීම්වලදී ඇය පවසා සිටියේ නිසි වයස එළැඹුණු පසු ඔවුන් තමන් රිසි මාවත් තෝරා ගනු ඇති බවයි. බොහොමයක් දරුවන් යන්නේ ද මව්පියන් ගිය අඩි පාරේමය. ඒ අනුව ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්වී කපූර්ද සිනමාවට පිවිස අවසන්ය. ඒ ශෂන්ක් ඛේතන් විසින් අධ්‍යක්ෂණය කෙරෙන ච්ඩචඤචඬ චිත්‍රපටයෙනි. එහි රූගත කිරීම් නිසා ජාන්වි ඩුබායිහි පැවති මෙම මංගල උත්සවයට සහභාගි නොවූවාය. ච්ඩචඤචඬ තිරගතවීමට නියමිතව ඇත්තේ ලබන ජූලි මස 20 වැනිදාය. එනිසා තම දියණියගේ පළමු රංගනය දැකීමේ අවස්ථාව ශ්‍රී දේවිට නොලැබී ඇත. මෙම සිදුවීම බොනී තම ජීවිතයේ අත්දකින්නේ දෙවැනි වතාවටය. මන්දයත් ඔහුගේ පළමු බිරිය මෝනා කපූර් 2012 වසරේදී හදිසි හෘදයාබාධයකින් ජීවතුන් අතරින් සමුගන්නා විට පුතු අර්ජුන් කපූර් සිය පළමු සිනමා නිර්මාණය වනධ්ඵඩචඳලචචඤඥ චිත්‍රපටයට සම්බන්ධ වී සිටියේය. 2012 මැයි 11 වැනිදා එය තිරගත කිරීමට නියමිතව තිබියදී මාර්තු 25 වැනිදා මෝනා දිවියෙන් සමු ගෙන අවසන්ය. එදා අර්ජුන් අත්විඳී එම සංවේදී අත්දැකීම අද ජාන්වි ද අත්විඳීන්නීය.

ශ්‍රී දේවි මිය ගිය දිනයේදී බොලිවුඩයේ සුපිරි නළු අමිතාබ් බච්චන් විසින් තම ට්විටර් පිටුවේ සඳහන් කළ ප්‍රකාශකයක් ඉන්දීය මාධ්‍ය වාර්තා ගෙන එනවා. "යම් අසුබ දෙයක් සිදුවීමට යන බව දැනෙනවා" යනුවෙන් සඳහන් එම ප්‍රකාශය අමිතාබ් සටහන් කර තිබෙන්නේ ශ්‍රී දේවි මිය ගිය පුවත සැළවීමට විනාඩි කිහිපයකට පෙරදීයි. ශ්‍රී දේවියගේ හදිසි මරණයෙන් බොලිවුඩ් තරු කම්පනයට පත්වීය. එම දින කිහිපය තුළ බොලිවුඩයේ සියලුම රූගත කිරීම් නවතා තිබුණි. රාණි මුඛර්ජි කුඩා වියේදී පාසල් නිම වී නිල ඇඳුම පිටින් ශ්‍රීගේ රංගනයන් දකින්නට දර්ශන තලයට ගිය මතක සිහිපත් කරන්නීය. ප්‍රීති සින්ටා පවසන්නේ, තම කුඩා වියේ සුන්දර මතක අළු බවට පත් වී ඇති බවයි. දකුණු ඉන්දීය සුපිරි තරු රැජනි කාන්ත්, කමල හසන් ඇය සමඟින් කළ රංගනයන් සිහිපත් කරයි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍රසිං මෝදි, සචින් තෙන්දුල්කාර්, රාහුල් ගාන්ධි ඇතුළුව බොහොමයක් දෙනා මෙම මරණයට අසා සංවේගයට පත් වී සිටියි. අමිතාබ් බච්චන්, ජිතේන්ද්‍ර, රේඛා, ශාරුක් ඛාන්, හේමා මාලිනී, අක්ෂේ කුමාර්, මධුරි ඩික්සිත්, කාජල්, අජේ දේව්ගන්, දීපිකා පදුකෝන්, තාබු ඇතුළු නළු නිළියන් රැසක් ඇයගේ දේහයට අවසන් ගෞරව දක්වීමට පැමිණිහ.

එමිරේට්ස් රාජ්‍ය පොලිසිය විසින් පසුගිය පෙබරවාරි 26 වැනිදා ශ්‍රී දේවිගේ මරණ පරීක්ෂණ වාර්තාව මඟින් ප්‍රකාශයට පත් කළේ ඇය දියේ ගිලීමෙන් ඇති වූ හදිසි අනතුරකින් මරණයට පත් වී ඇති බවයි. ඇතැම් මාධ්‍ය වාර්තා පළ වුයේ, ඇය මත් පැන් පානය කර තිබූ බවද සඳහන් කරමිනි. කෙසේ නමුත් ඇයගේ ළඟම හිතවතුන් ඥාතීන් පවසන්නේ ඇය ඉඳහිට වයින් පානය කළ ද කිසිවිටෙක සැර මධ්‍යසාර පානය නොකරන බවයි. මුම්බායි පොලීසිය විසින් ද මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් වාර්තා වන අතර ශ්‍රී දේවිගේ ජංගම දුරකතනයට ලැබී ඇති හා එයින් ලබා ගත් ඇමතුම් පිළිබඳ වූ පරීක්ෂණයේදී අනාවරණය වූ එක් අංකයකින් අඛණ්ඩව ලද ඇමතුමක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවත් මාධ්‍ය වාර්තා පළ කෙරුණා.

බොනී කපූර් හදිසි ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් යළිත් ඉන්දියාවට ගොස් ශ්‍රී දේවි පුදුම කරවීමේ අරමුණෙන් පසුගිය 24 වැනිදා යළිත් ඩුබායි කරා පැමිණ තිබූ අතර ඇය මිය ගොස් තිබුණේ එයින් පැය කිහිපයකට පසුවයි. රාත්‍රි භෝජනය වෙනුවෙන් හෝටලයෙන් පිටතට යාමට සූදානම් වීම සඳහා නාන කාමරයට ගිය ඇයගේ ප්‍රමාදය සොයා බලන විටදී ඇය නාන බේසමේ දියේ ගිලි සිටින අයුරු දුටු බව බොනී පවසා තිබුණා. ඇතැම් මාධ්‍ය වාර්තා ගෙන ආවේ ඇයගේ සිරුර පළමුව දැක තිබුණේ හෝටල් සේවකයන් විසින් බවයි. සිරුර සොයා ගන්නා අවස්ථාව වන විට බොනී හෝටලයේ නොසිටි බවත් ඇතැම් පුවත් වාර්තා කර තිබුණා. කෙසේ නමුත් එමිරේට්ස් රාජ්‍ය පොලිසිය විසින් බොනී කපූර්ගෙන් දීර්ඝ ලෙසින් ප්‍රශ්න කළ බවත් එම වාර්තා සඳහන් කළා.

එමිරේට්ස් රාජ්‍ය පරීක්ෂණවලට අනුව ශ්‍රී දේවිගේ හිසේ ඇති වී තිබුණා යැයි පැවසෙන දරුණු තුවාලයක් පිළිබඳවද කරුණ මේ වන විට මතභේදයට ලක් වී තිබෙනවා. අධික ලෙස මත්පැන් පානය කිරීම හේතුවෙන් සිරුරේ සමබරතාව රැක ගැනීමට නොහැකි වී ඇද වැටීම නිසා එම තුවාලය සිදු වන්නට ඇති බවත් ඒ පිළිබඳ වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවත් විදෙස් පුවත් වාර්තා කර සිටිනවා.

ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් සැක මතු වීම නිසා දේහය ඉන්දියාවට ගෙනඒම ප්‍රමාද වීමට හේතු වශයෙන් එමිරේට්ස් රාජ්‍ය පොලිසිය සඳහන් කළේ, රෝහලකින් පිටතදී සිදුවන සෑම මරණයක්ම සම්බන්ධව මෙලෙස දීර්ඝ ලෙස විමර්ශන කටයුතු සිදු කරන බවයි. මේ අතර භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් සාමි මාධ්‍ය වෙත පවසා සිටින්නේ, ශ්‍රී දේවි සැර අධික මත්පැන් පානය නොකිරීම ප්‍රසිද්ධ කරුණක් වන බැවින් මත්පැන් පානයකර දියේ ගිලීම ගැටලු සහගත බවයි. එසේම ශ්‍රී දේවි නවාතැන් ගෙන හෝටලයේ එදින සීසීටීවි කැමරා දර්ශන කෙරෙහිද අවධානය යොමු කළ යුතු බව පෙන්වා දෙන හෙතම මෙය මරණයක් නොව සැලසුම් සහගතව සිදු කරන ලද ඝාතනයක් බවට සැක පළ කරන බවත් එහිදී පැවසීය. ප්‍රකට සිනමා නළු නිළියන්ට හිරිහැර පමුණුවන පාතාල කල්ලියක ක්‍රියාවක් විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේය.

ශ්‍රී දේවියගේ දේහය ඉන්දියාවට ගෙන ඒම වෙනුවෙන් ප්‍රකට ඉන්දීය ව්‍යාපරික අනිල් අම්බානිට අයත් අම්බානි ගුවන්සේවයේ පෞද්ගලික ජෙට් ගුවන් යානයක් ද තෙදිනක් පුරා ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සූදානම් කර තිබුණා. 27 වැනිදා රාත්‍රියේදී ඇයගේ දේහය මුම්බායිහි ඇයගේ නිවෙස වෙත ගෙන ආ අතර පසු දින පැය තුනක කාලයක් මහජනතාවට ගෞරව දැක්වීමට වෙන් වී තිබුණා. 28 වැනිදා ලක්ෂ සංඛ්‍යාත ජනතා ගෞරව මධ්‍යයේ ශ්‍රී දේවිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හින්දු ආගමික චාරිත්‍රානුකූලව මුම්බායි හිදී සිදු කෙරුණා. ශ්‍රී දේවිගේ හදිසි වියෝව පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමු වී තිබියදී ඇයගේ දේහය නිවෙසට ගෙන එන තෙක් තෙදිනක් පුරා ඇයගේ නිවෙස අසල රැඳී සිටි පුද්ගලයකු දෙසටත් එම අවධානය යොමු වුණා. ශ්‍රීගේ රසිකයකු වූ ඔහු පිළිකාවකින් පීඩා විඳී තම සොයුරා වෙනුවෙන් ශ්‍රී දේවි කළ මූල්‍ය පරිත්‍යාගය පිළිබඳවත් ඇයගේ මානුෂීය ගුණය පිළිබඳවත් සිහිපත් කළා. මෙලෙසින් ඇයට අවසන් ගෞරව දැක්වීමට බලාසිටි ජතින් වාල්මිකි නම් මෙම පුද්ගලයා උපතින්ම දෙනෙත් අඳ පුද්ගලයකු වේ.

මේ වන විට ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන්ද අභිරහස් තත්ත්වයක් මතු වී ඇති අතර එය සිදු වී ඇති අයුරු නිවැරදි ලෙසින් අනාවරණය වේවා යන්න ශ්‍රී දේවියට හිතැති කාගේත් පැතුමයි. ශ්‍රී දේවියගේ මරණය පිළිබඳ විවිධ පුවත් ලොව පළ වන විටදී අවසන් කටයුතු සිදු කිරීමෙන් පසු බොනී කපූර් විශේෂ ප්‍රකාශයක් කරමින් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියේ, ශ්‍රී දේවි සිහිපත් කිරීමට අවැසි නම් ඇයගේ යහපත් ගතිගුණ සිහිපත් කරන ලෙසයි. එසේම ලෝකයට ඇය සුපිරි නිළියක් වුවද තම නිවෙසේ පවුල් ජීවිතය තුළ ඇය ආදරණීය බිරියක හා මවක වූ බවද බොනී එහි සඳහන් කර තිබුණා.

ඉන්දියාවේ හින්දු ජනයා විසින් පවත්වනු ලබන වසන්ත උත්සවය හෙවත් හෝලි උත්සවය මේ වසරේ මාර්තු 02 වැනිදාට යෙදී තිබුණද බොලිවුඩයේ සුරූපිනිය ශ්‍රීගේ හදිසි වියෝව හේතුවෙන් මෙවර හෝලි සැමරීමට ඔවුන් මන්දෝත්සාහි වී ඇති බවත් බොලිවුඩ් පුවත් ගෙන එනවා. ඒ සමඟින් 2013 වසරේදී ලක්නව්හි පැවති දුර්ගා පූජාවක් වෙනුවෙන් තම පිටෙහි සින්දූර්වලින් බොනී ලෙස සටහන් කර පැමිණ සිටි ආකාරය දක්වන ශ්‍රී දේවිගේ ඡායාරූපය මේ දිනවල කාගේත් කතාබහට ලක් වෙලා.