වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




නිල ඇඳුම රහිත වීරයෙක්

නිල ඇඳුම රහිත වීරයෙක්

සත්‍ය සිදුවීමක් ඇසුරින් Raid චිත්‍රපටය නිර්මාණය වී ඇත
රාජ් කුමාර් ගුප්තා අධ්‍යක්ෂණයක්

අපරාධමය තේමාවක් ගෙන එන Raid චිත්‍රපටයේ අජේ උත්තර ප්‍රදේශ්හි වෙසෙන ආදායම් බදු නිලධාරියෙකුගේ චරිතයට පණ පොවනවා. තම වටපිටාවේ පිරී ඇති තණ්හාව, ලෝභය, අපරාධවලට නොනැමී නිවැරදි දේ ඉටුකරන ප්‍රතිපත්තිගරුක නිලධාරියකු ලෙසින් ඔහු සිය රාජකාරි කටයුතු ඉටු කරයි. වංචා දූෂණවලින් පිරි වටපිටාවක මෙම ආදායම් බදු නිලධාරියා කටයුතු කරන්නේ කෙසේද යන්න Raid චිත්‍රපටය ඔස්සේ දිග හැරේ.

ජනප්‍රිය බොලිවුඩ් නළු අජේ දේව්ගන් රංගනයට සේම මේ වන විට නිෂ්පාදනයට සහ අධ්‍යක්ෂණයට ද පිවිස අවසන්. 2016 වසරේදී දේව්ගන් චිත්‍රපට ලේබලය යටතේ Shivaay චිත්‍රපටය නිකුත් කළේ ඔහුගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය ලෙසින්. පසුගිය වසරේදී ඔහු විසින් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකළ ද රංගනයෙන් දායක වූ චිත්‍රපට වන Baadshaho සහ Golmaal Again ඉහළ වාණිජ සාර්ථකත්වයක් ළඟාකර ගැනීමට සමත් වුණා. ඒ අතුරින් ඉන්දීය රුපියල් කෝටි 80ක වියදමෙන් නිර්මාණය වූ Golmaal Again ඉන්දිය රුපියල් මිලියන 300ක් ඉක්මවන්න සමත් වුණා. මේ සාර්ථක්තවය සමඟින් 2018 වසරේදීත් ඔහුගේ දායකත්වය ලබන චිත්‍රපට හතරක් නිකුත්වීමට නියමිත බවයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ.

ඒ අතරින් ත්‍රිත්වයක කටයුතු තවමත් නිෂ්පාදන මට්ටමේ පවතින අතර රාජ් කුමාර් ගුප්තා අධ්‍යක්ෂණය කළ Raid ලබන 16 වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතයි. Pink, Airlift සහ Kahaani වැනි චිත්‍රපට තිරරචනය කළ රිතේෂ් ශා විසින් මෙහි තිරරචනය කර ඇති අතර එය සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූවක් ද වේ. අපරාධමය තේමාවක් ගෙන එන අචඪඤ චිත්‍රපටයේ අජේ උත්තර ප්‍රදේශ්හි වෙසෙන ආදායම් බදු නිලධාරියෙකුගේ චරිතයට පණ පොවනවා. තම වටපිටාවේ පිරී ඇති තණ්හාව, ලෝභය, අපරාධවලට නොනැමී නිවැරදි දේ ඉටුකරන ප්‍රතිපත්තිගරුක නිලධාරියකු ලෙසින් ඔහු සිය රාජකාරි කටයුතු ඉටු කරයි. වංචා දූෂණවලින් පිරි වටපිටාවක මෙම ආදායම් බදු නිලධාරියා කටයුතු කරන්නේ කෙසේද යන්න Raid  චිත්‍රපටය ඔස්සේ දිග හැරේ.

Raid චිත්‍රපටෙයේ තේමාව වී ඇත්තේ "සැම විටම වීරයෙන් නිල ඇඳුමෙන් පැමිණෙන්නේ නැත" යන්නයි. සිනමාවේ බොහෝ විට වීරයන්හට නිල ඇඳුමක් හිමිවන අතර මෙහි ආදායම් බදු නිලධාරියකු ලෙසින් වීර චරිතයක් ගෙන එන්නට අජේ දේව්ගන්හට පැවරී තිබේ. 1981 වසරේදී ලක්නව්හි සිදු වී ඇති සත්‍ය සිදුවීමක් ඇසුරින් Raid චිත්‍රපටය නිර්මාණය වී ඇත. එහිදී එම ආදායම් බදු නිලධාරියා බරපතල දූෂණයකට එරෙහිව කටයුතු කළ ආකාරය එයින් වසර 37ට පසුව රිදී තිරයෙන් දැක ගන්න අවස්ථාව සැළසී තිබේ.

මෙහි අජේ සමඟින් ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවන්නේ ඔහු සමඟ Baadshaho හි ප්‍රධාන චරියට පණදුන් ඉලේනා ඩී කෲස් විසනි. සෞර්භා ශුක්ලා, සානන්ද් වර්මා, ගයාත්‍රි අයියර්, අමිත් සියාල් ඇතුලු පිරිසක් සෙසු චරිත මවති. මෙහි රූගත කිරීම් ද ලක්නව්හිදි සිදුකර ඇත. සංගීත නිර්මාණය අමිත් ත්‍රිවේදි සහ තනීෂ්ක් භාචි විසිනි. මෙහි ඇතුලත් වී තිබෙන්නේ රාහත් ෆතේ අලිඛාන් විසින් ගැයෙන ගීත දෙකක් පමණි.