වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




අයිස්ක්‍රීම්

අයිස්ක්‍රීම්

රණවිරු රියල් ස්ටාර් දෙවැනි අදියරේදී කිරුළු පළන් අයෝමි පෙරේරා අයිස්ක්‍රීම් එකක් වගේ පේනවාද. නැහැනේද. හැබැයි ඇය විදෙස් සංචාරයකට සහභාගි වූ මොහොතක මැදි වියේ කාන්තාවකට ඇයව අයිස්ක්‍රීම් එකක් වගේ පෙනිලා. අහන්නකො ඒ කතාව ඇයගෙන්ම.

මං ඩුබායිවල ෂෝ එකකට ගියා. පැරැණි ගීත කිහිපයක් මට කියන්නට වුණා. මං ගී කියන ස්ටයිල් එකට සැහැල්ලුවෙන් ඉන්න විදිහට බොහෝ දෙනා මට කැමැතියි වගේම ආදරෙයි. එදා තමයි මාර වැඩේ වුණේ. මං ගීත කියලා ස්ටේජ් එකෙන් බැහැපුවාම සෙනඟ ගෙඩක් මං ගාවට දුවගෙන ආවා. ඒ අතරේ හිටිය ටිකක් මැදි වියේ කාන්තාවක් මගේ මවගේ වයසේ විතර ඇති. මට තියෙන ආදරයට ඇය මාව වැලඳගෙන මගේ මූණ ලෙවකෑවා. මෙතරම්ම මට ආදරය කරන අය ඉන්නවද කියලා මට හිතුණෙත් එදා. මාව ඇයට අයිස්ක්‍රීමක් වගේ පෙනුණද දන්නෙ නැහැ ලෙව කන්න තරම්.