වර්ෂ 2018 ක්වූ  මාර්තු 08 වැනිදා බ්‍රහස්පතින්දා




වයස 8 සිට 80 දක්වා රංගනයට ප්‍රසන්නගෙන් වරම් 18 දා රත්මලානට එන්න

වයස 8 සිට 80 දක්වා රංගනයට ප්‍රසන්නගෙන් වරම් 18 දා රත්මලානට එන්න

මේ කියන්නට සූදානම් වන්නේ අප සරසවිය පාඨකයන්ට උදාවන මහඟු අවස්ථාවක් ගැනයි. සම්මානනීය සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ නවතම සිනමාපටයේ රංගනය සඳහා සරසවිය පාඨකයන්ට අවස්ථාව ලබාදීමට අධ්‍යක්ෂවරයා සූදානම් වෙනවා මෙම මස 18 වැනිදා උදැසන සිට අංක 10/1, අත්තිඩිය පාර, රත්මලාන පිහිටි කම්කරු සෙවණේදී මේ සඳහා සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. රංගනයට කැමැති ඕනෑම වයස් කාණ්ඩයකට අයත් සරසවිය පාඨකයන් වෙතොත් එදින එම ස්ථානයට පැමිණෙන ලෙස අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ දන්වා සිටී. මෙම සිනමා පරීක්ෂණයෙන් තෝරා ගන්නා සියල්ලන් වෙනුවෙන් රංගනය පිළිබඳ වැඩමුළු කිහිපයක් ද පැවැත්වේ.