වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




‘එක මවකගේ දරුවෝ’ සම්මාන දිනූ රංගන ශිල්පියා රංජිත් පෙරේරා

‘එක මවකගේ දරුවෝ’ සම්මාන දිනූ රංගන ශිල්පියා රංජිත් පෙරේරා

සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන ත්‍රිත්ව මාධ්‍ය තුළින්ම හැකියාවන් ප්‍රකට කළ කලාකරුවෙකි රංජිත් පෙරේරා. කුඩා කල සිටම සහජයෙන් ආ හැකියාවෙන් පෙන්නුම් කළ ඔහු පාසල් වේදිකාවට නැතිවම බැරි රංගන ශිල්පියකු වීමට වැඩි කාලයක් ගත නොවීය. ඔහු හාහාපුරා කියා රංගනයට එක්වුණේ 'දරු දුක' වේදිකා නාට්‍යයෙනි. එවකට ඔහු අධ්‍යාපනය ලැබුවේ පැලැන්වත්ත, පන්නිපිටිය වාසුමතී මහා විද්‍යාලයෙනි. පාසල් සමයෙන් පසු පදිංචිය සඳහා වත්තල මාබෝල ප්‍රදේශයට පැමිණීම ඔහුගේ කලා දිවියේ කඩ ඉමක් වැන්න.

මෙහිදී බොහෝ කලාකරුවන් දැන හඳුනා ගැනීමටත් ඔවුන්ගේ නිර්මාණවලට දායකවීමටත් ඔහුට අවස්ථාව උදා විය. කේ. විජේදාස පෙරේරාගේ 'අතීතයෙන් එක් දවසක්' හා 'එක මවකගේ දරුවෝ' කේ. ඒ. ඩී. ජයරත්නගේ 'දික්තලාවෝ' ප්‍රේමසිරි කල්පගේ 'අකුරට යන වෙලාව' යන නාට්‍යයන් සඳහා සම්මාන ලබා ගත් අතර සුමිත් චන්ද්‍රසිරිගේ 'අයියයි නංගියි' සාන්ත කුමාරගේ 'බඹර පැටික්කි' මේ අවධියේ ඔහු රංගනයට එක් වූ වේදිකා නාට්‍යවලින් කීපයකි. විමලරත්න අධිකාරිගේ 'සංක්‍රාන්ති' යන රඟපෑ මුල්ම ටෙලි නාට්‍යයයි.

නමුත් ඔහුගේ සිත් වඩා යොමු වූයේ සිනමාව දෙසටය. මේ සඳහා ලංකා ෆිල්ම්ටෙක් ඇසෝසියේට්ස් පාඨමාලාව හැදෑරීමෙන් රංගනය පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමට ඔහුට අවකාශ ලැබුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ජෝ මයිකල් සිල්වාගේ 'ජය ශ්‍රී මංගලම්' ජේ. ඒ. ඩී. ජයරත්නගේ 'ආශිර්වාද' බැප්ටිස් ප්‍රනාන්දුගේ 'අංගුලිමාල' හා ඉංග්‍රීසි චිත්‍රපටයක් වන 'සැඩෝ ඔෆ් ද කෝබ්බ්‍රා' යන චිත්‍රපටවලට රංගනයෙන් දායකවීමට අවස්ථාව උදා විය.

දිවංගත නිමල් සපරමාදු මහතා අරම්භ කළ වත්තල ඕ. කේ. අයි. ජාත්‍යන්තර පාසල් ජාලයේ සේවය කරන රංජිත් වත්තල මාබෝල ප්‍රදේශයේ වැලිකඩමුල්ල අභය විහාර භාරකාර මණ්ඩලයේ ලේකම් ලෙස ද සංදර්ශන හා ජනමාධ්‍ය සම්බන්ධිකාරක හා ලේඛක කටයුතු, නිවේදක කටයුතු ද කරගෙන නිරත වන ඔහු පසුගියදා ඔහු විසින්ම රචිත 'විසිපස් වසරක පුනරාවලෝකනය' ග්‍රන්ථය එළි දක්වමින් සම්මානයෙන් පිදුම් ලැබීය

ඉරේෂා උදේනි බිරිඳ හා සුමුදු තාරක පෙරේරා පුතු සමගින් අංක 28/11/ඒ ආරච්චිගෙවත්ත මාබෝල වත්තල ලිපිනයේ දිවිගෙවන රංජිත් පෙරේරා උදවු උපකාර කළ සියලු දොනටම සහ ජනමාධ්‍යවලට සිය ස්තූතිය පළ කරයි.