වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




හෙට සිනමාවට අද දොර අරිමු

හෙට සිනමාවට අද දොර අරිමු

COINS උලෙළේ නිර්මාණ බාර ගැනීම අගෝස්තු 7 වනදායින් අවසන්

ඔබ ශිෂ්‍යයෙක් නම් ඔබේ චිත්‍රපටය 7 වනදාට ප්‍රථම [email protected]  වෙත බාර දෙන්න

ශි‍්‍ර ලංකා පදනම් ආයතනයත් එහි අනුබද්ධිත ඩිජිටල් ෆිල්ම් ඇකඩමියත් එක්ව 3 වන වරටත් සංවිධානය කරන 3 වන කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය චිත්‍රපට උලෙළ මෙවරත් උත්කර්ෂවත් අයුරින් සැප්තැම්බර් මස 7, 8, 9 යන දිනයන්හි කොළඹදී පැවැත්වීමට නියමිතයි. මෙරට චිත්‍රපට ක්ෂේත්‍රයන්ට උනන්දු තරුණයින් අතර ජනප්‍රිය චිත්‍රපට උලෙළක් වන COLOMBO INTERNATIONAL STUDENT FILM FESTIVAL හෙවත් COINS අන්තර් ජාතික මට්ටමින් අන්තර් ක්‍රියාකාරී වෙමින් සංවිධානය වන උලෙළක්ය. 2011 දී මෙරට සම්පත් දායකයන් මූලික කොට ගෙන ඇරඹි COINS 2014 දී වඩාත් පුළුල් වූත් ලාංකික තරුණයන්ට වඩාත් ජාත්‍යන්තර අත්දැකීම් සමීප කර වූ උළෙලක් විය. ඒ අනුව මෙවරත් තවත් පුළුල් වෙමින් COINS ජාත්‍යන්තර ගණයේ සිනමා උලෙළක් ලෙස සංවිධානය වන්නේ 3 වන වතාවටය.

COINS හි ක්‍රියාකාරිත්වය පිරික්සුවහොත් එය ලංකාවේ දැනට ඇති එකම ශිෂ්‍ය චිත්‍රපට උළෙලයි. එමෙන්ම විවිධ අධ්‍යාපන ක්ෂේත්‍රවල නියුතු ශිෂ්‍යයන්ගේ සිනමා හැකියාවන් උරගා බැලීම මෙන්ම දැනුම ලබා ගැනීමට දැනට මෙරට ඇති එකම වේදිකාවයි. එය අන්තර් ජාතික වේදිකාවකි. මෙවර 2017 3 වන COINS උලෙළේ දී දින 3 ක් පුරාවට ප්‍රධාන ජාත්‍යන්තර වැඩසටහන් කිහිපයක් සංවිධායක මණ්ඩලය සූදානම් කොට තිබේ. ඒ අනුව චිත්‍රපට වැඩමුළු, ඩිජිටල් සිනමා තාක්ෂණ ප්‍රදර්ශනයක්, චිත්‍රපට ප්‍රදර්ශනයක් සහ හොඳම චිත්‍රපටවලට සම්මාන ලබාදීමේ සම්මාන රාත්‍රියක් උලෙළේ දින 3 වෙත ඇතුළත්ය. ඒ අනුව ශ්‍රී ලංකා පදනම හා ඩිජිටල් ෆිල්ම් ඇකඩමි ප්‍රමුඛ සංවිධායක මණ්ඩලය මෙරටත් ජාත්‍යන්තරවත් පිළිගත් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන්ගේ නිර්මාණ සඳහා ආරාධනා කරනු ලබයි. සියලු නිර්මාණ වෘත්තාන්ත, වෘත්තාන්ත නොවන හා සජීවිකරණ යන අංශ ත්‍රිත්වයෙන් බාර ගන්නා අතර සියලු චිත්‍රපට මිනිත්තු 25 ට අඩු කෙටි චිත්‍රපට විය යුතුය. චිත්‍රපට එවිය යුත්තේ [email protected]  යන විද්‍යුත් තැපෑලටයි. චිත්‍රපට බාරදීමේ නීතිරීති හා රෙගුලාසි මෙන්ම චිත්‍රපට බාර දීමට අත්‍යවශ්‍යම වෙබ් අයදුම්පත බාගත කළ යුත්තේ www.coinsfilmfest.com  හරහාය.

මේ වන විටත් අන්තර් ජාතික මට්ටමෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් 'කොයින්ස්' 2017 වෙත ලැබී ඇති අතර ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය හා දායකත්වය වැඩියෙන් ලබා ගැනීම ඩිජිටල් ෆිල්ම් ඇකඩමි හි අරමුණ වී ඇත. දැනටමත් ජර්මනිය, ප්‍රංශය, ස්කොට්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව හා තායිලන්තය යන රටවල ශිෂ්‍යයන්ගේ චිත්‍රපට COINS වෙත එවා ඇති බව ඩිජිටල් ෆිල්ම් ඇකඩමි හි සම්බන්ධීකාරක ප්‍රවීණ කැමරා ශිල්පී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධනුෂ්ක ගුණතිලක සරසවියට දැනුම් දුන්නා. ඒ අනුව මෙරට සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හා රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල මෙන්ම අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල සිටින තරුණ තරුණියන්ට 'කොයින්ස්' විවෘත වන අතර පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිටින ශිෂ්‍යයන්ට ද COINS වෙත නිර්මාණ බාරදීම කළ හැකිය.

ඒ අනුව සංවිධායක මණ්ඩලය විසින් අදාළ උසස් අධ්‍යාපන ආයතන නම් කොට ඇත. ඒවා නම්:

* කොළඹ විශ්වවිද්‍යාලය

* කැලණිය විශ්වවිද්‍යාලය

* සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

* පේරාදෙණිය විශ්වවිද්‍යාලය

* ශ්‍රීපාලි මණ්ඩපය

* නැගෙනහිර විශ්වවිද්‍යාලය

* සබරගමු විශ්වවිද්‍යාලය

* රජරට විශ්වවිද්‍යාලය

* රුහුණු විශ්වවිද්‍යාලය

* වයඹ විශ්වවිද්‍යාලය

* ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමා ඩිප්ලෝමා පාඨමාලාව

* ජාතික තරුණ සේවා සභාව

* නෙස්කෝ වීඩියෝ පාඨමාලාව

* SLIIT

* AMDT

* AOD

* වෘත්තීය පුහුණු විශ්වවිද්‍යාලය

* බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය

* SPADE මාධ්‍ය ඇකඩමිය

* සුදර්ශිය

* ශ්‍රී ලංකා මාධ්‍ය අභ්‍යාස ආයතනය

* NIBM

* NSBM

* විජය ග්‍රැෆික්ස්

* ESOFT

* ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

* ACBT

* SAITM

* APIIT

ඒ අනුව මෙරට අධ්‍යාපන ආයතන පුළුල් ලෙස නම් කොට ඒවායේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තමන්ගේ නිර්මාණාත්මක කෙටි චිත්‍රපට වෘත්තාන්ත, වෘත්තාන්ත නොවන හා සජීවිකරණ යන අංශයන්ගෙන් බාරදීමට ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය අවකාශ උදා කොට ඇත.

ඒ අනුව හොඳම චිත්‍රපට සඳහා තේමා 15 ක් යටතේ සම්මාන පිරිනමනු ලැබේ.

* හොඳම චිත්‍රපටයට හිමි රන් කොයින් සම්මානය

* හොඳම අධ්‍යක්ෂණය (වෘත්තාන්ත)

* හොඳම කැමරා අධ්‍යක්ෂණය (වෘත්තාන්ත)

* හොඳම සංස්කරණය (වෘත්තාන්ත)

* හොඳම ශබ්ද සැලසුම් (වෘත්තාන්ත)

* හොඳම අධක්ෂණය (වෘත්තාන්ත නොවන)

* හොඳම කැමරාකරණය (වෘත්තාන්ත නොවන)

* හොඳම සංස්කරණය (වෘත්තාන්ත නොවන)

* හොඳම ශබ්ද සැලසුම් (වෘත්තාන්ත නොවන)

* හොඳම ඛ්ට් ඇක්ටින් (සජිවිකරණ)

* හොඳම සජීවිකරණ දර්ශන සංවර්ධනය (සජීවිකරණ)

* හොඳම ඍජ්ඔ සම්මානය (සජිවිකරණ)

* ජූරියේ සම්මාන

* ප්‍රේක්ෂක සම්මානය

මෙකී සම්මානවලට සුදුස්සන් තේරිම් සඳහා ජාත්‍යන්තර ජූරි 2 ක් පත්කර ඇති අතරම ලංකාවේ නූතන සිනමාව ගැන කතිකාවක් ආරම්භ කිරීමටත්, යොවුන් නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර සම්මානලාභී නිර්මාණකරුවන් සමඟ මුහු වීමටත් සිනමාවේ කාන්තා දායකත්වය ගැනත් අවධානය යොමු කිරීමට කොයින්ස් සංවිධායකයන් කටයුතු යොදා ඇත. ඒ අනුව ජාත්‍යන්තර සිනමා උලෙළවල් කිහිපයක් සමඟ සම්බන්ධ වෙමින් එහි චිත්‍රපට පැකේජ රාශියක් කොළඹදී ප්‍රදර්ශනය කිරීමට ද සංවිධායකයන් අදහස් කරයි.

ලාංකික ශිෂ්‍යයන්ට චිත්‍රපට ඉදිරිපත් කිරීමට ඉතිරිව ඇත්තේ තවත් දින කිහිපයකි. www.coinsfilmfest.com  වෙබ් අඩවියෙන් ද [email protected]   විද්‍යුත් ලිපිනයෙන් හෝ 0112684675 දුරකථන අංකයෙන් මෙන්ම කොළඹ 7 ශ්‍රි ලංකා පදනම් ආයතනයෙන් ද වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.