වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




නොමළ චරිත-2 ඇන්.ඇම්. එළිදකියි

නොමළ චරිත-2 ඇන්.ඇම්. එළිදකියි

ප්‍රවීණ මාධ්‍යවේදී නන්දසේන සූරියආරච්චි‍ රචිත චරිතාපදාන ග්‍රන්ථ මාලාවේ දෙවැන්න 'නොමළ චරිත - 2 ඇන්.ඇම්' නවතම ග්‍රන්ථය මේ මස 08 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමේ පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදකියි. මේ කෘතිය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි.


ග්‍රේෂන් සම්මානය ලද චාරුලතා අබේසේකරගේ ‘ස්ටෝරීස්’ කෘතිය එළිදකියි

ඉංග්‍රීසි බසෙන් සාහිත්‍යකරණයේ යෙදෙන ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් උදෙසා පිදෙන ග්‍රේෂන් සම්මානය මෙවර ලද චාරුලතා අබේසේකර තෙවරතන්ත්‍රී විසින් රචිත 'ස්ටෝරීස්' නවකතාව මේ මස 05 වැනිදා කොළඹ 05 සූරිය විලේජ් හිදී එළිදැක්වෙයි.

මොරටුව විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු උපාධිධාරිණියක වන චාරුලතා කොළඹ බ්‍රිතාන්‍ය පාසලේ සහ ගල්කිස්ස ශාන්ත ‍තෝමස් විද්‍යාලයේ ගුරුවරියක වශයෙන් කටයුතු කර ඇත. කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලද චාරුලතා කුඩාකල පටන් කාව්‍ය නිර්මාණයට යොමුව සිටි අතර ඈ නවකතාකරණයට පිවිසෙන්නේ 2009 වසරේදී ය. ඇගේ පළමු නවකතාවේ අත්පිටපතත් 2011 වසරේ ග්‍රේෂන් සම්මානය සඳහා නිර්දේශ වී ඇත. චාරුලතා මෙරට ප්‍රවීණතම සාහිත්‍යවේදියකු හා සිනමාවේදියකු වන තිස්ස අබේසේකර හා ප්‍රවීණ ලේඛිකා පුෂ්පා මීවැල්ල යුවළගේ දියණියයි. 'ස්ටෝරීස්' නවකතාව සරසවි ප්‍රකාශනයකි.