වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




චණ්ඩිකමෙන් නිෂ්පාදනයට

චණ්ඩිකමෙන් නිෂ්පාදනයට

මේ දිනවල පාතාලේ චණ්ඩියෙක් වෙච්ච නිළියක් ඉන්නවා. මේ හේතුවෙන් ඇය තමන් කතාබහ කරන අන්දම පවා වෙනස් කරලා. ඇය රංගන ජීවිතයේ ප්‍රථම වතාවටලු එහෙම අමුතු චරිතයක් කරන්නේ. මේ නිළිය තමයි අසන්තිකා රණසිංහ. ටෙලි නාට්‍ය ගණනාවක් ඔස්සේ ඇගේ රංගන හැකියාව අප දැක්කා. අසන්තිකාගේ අලුත්ම රංගනය තමයි පාතාලේ චණ්ඩි චරිතය. ඇය එලෙස රඟපෑ නාට්‍යයට තවමත් නමක් තබලා නැහැ. එහි සටන් ජවනිකා කිහිපයක්ම තිබුණලු. හැඩි දැඩි පිරිමිත් සමඟ සුන්දර සුකොමල අසන්ති බොහොම බයෙන් තමයි ඔවුන් එක්ක ෆයිට් කරලා තියෙන්නේ. වාසනාවට මෙතෙක් කිසිදු අනතුරක් වෙලා නැතිලු. ඒක නෙවෙයි අසන්ති ගැන තව අලුත් ආරංචියක් තියෙනවා. ඒ ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදනයට පිවිසුණු කාරණය. ලබන වසරේ අසන්ති තම කුලුඳුල් නාට්‍ය නිෂ්පාදනය කරනවාලු.


කාලා බැලීම

වෙන වැඩක් නැති හින්දම ඉකුත් දිනයකදී රූපවාහිනිය බලන්නට අවස්ථාව ලැබුණා. ඒකත් යාළුවකුගේ ගෙදරදි. ටී. ටී එක බැලුවා නෙවෙයි ඒක ඔන් කරලා තිබුණ නිසා බලාගෙන ඉන්න වුණා. එහෙම කිව්වේ ඇත්තටම එහි විකාශය වන දේවල් හරයක් නැති නිසා. ඔන්න එවලේ එහි විකාශය වෙමින් තිබුණේ රූපලාවණ්‍ය වැඩසටහනක්. එයට කැඳවා තිබුණු රූපලාවණ්‍ය ශිල්පිනිය අනුන්ගේ ප්‍රඩක්ට් එකක් ගැන මහා වර්ණනාවක නියැළෙනවා. ඒ ක්‍රීම් එක හොඳයිලු. අලි ගැට පේර ගෙඩිවල සාරය අරගෙනලු ඒක හදලා තියෙන්නේ. සියයට සියයක් ස්වභාවිකලු. ඔහොම කියන ගමන් ඒ ශිල්පිණිය කියපි මං ඒ ක්‍රීම් එකෙන් චුට්ටක් කාලත් බැලුවා, මට දැනුණේ අලි ගැට පේර ගෙඩිවල රහමයි කියලා. ඒක අහපු ගමන් බකස් ගාලා හිනා ගියේ නිරායාමයෙන්මයි. අපරාදේ ඒ ක්‍රීම් එක මූණෙ ගාන්නේ. කන්නම පාවිච්චි කරා නම් ඉවරයි. ඇය හිතුවද දන්නෙ නැහ ටී. වී. එක බලන්නේ ඇය වගේම පිරිසක් කියලා.