වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




කෝ අනිත් කට්ටිය

කෝ අනිත් කට්ටිය

චිත්‍රපට හැට හයක් නිෂ්පාදනය කළ සුනිල් ටී. ප්‍රනාන්දු අප සිනමාවට කළ මෙහෙවර ඉතාම ඉහළයි. ඔහු මේ වන විට සිනමා මණ්ඩල ප්‍රදර්ශකයකු ද වශයෙන් කටයුතු කරනවා. එහෙයින් සුනිල් ටී ට අලුත් චිත්‍රපට නරඹන්නට ලැබෙන ආරාධනා ද එමටයි. මේ ඊයේ පෙරේදා දිනයක සුනිල් එහෙම ආරාධනාවක් ලැබිලා අලුත් චිත්‍රපටයක් නරඹන්න. සුනිල් එතැනට ගිහින්. ඔහු සමඟ තවත් ප්‍රදර්ශකයන් කිහිප දෙනෙකු ඇවිත් තිබෙනවා එදින චිත්‍රපටය නරඹන්න. ඔන්න එය ප්‍රදර්ශනය වන්න පටන් අරන්. එහි ඇති සුන්දරත්වය නිසාම සුනිල්ටීට නින්ද ගිහිල්ලා. සුනිල් ටී දන්නෙත් නැහැලු තමන්ට නින්ද යනකම්. එච්චරටම චිත්‍රපටය මනස්කානන්ත වෙන්න ඇති. කොහොම කොහොම හරි සුනිල් ටීට චිත්‍රපය අවසාන හරියේදී ඇහැරිලා. කවුරු හරි දැක්ක ද දන්නේ නැහැ කියලා වටපිට බලද්දී අවට කවුරුවත්ම නැහැලු. ඉන්නේ සුනිල් ටී විතරලු. චිත්‍රපටය නරඹනවා වඩා වෙන වැඩක යෙදීම වැදගත් යැයි හිතලා අනෙක් ප්‍රදර්ශකයෝ සේරම සුනිල් ටී නිදි අතරේ හිමිහිට මාරු වෙලා.