වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




බොලිවුඩ් තරු පාස් ද? ෆේල් ද?

බොලිවුඩ් තරු පාස් ද? ෆේල් ද?

මුම්බායේ ශාන්ත ශේවියර් විද්‍යාලයේ අධ්‍යාපනය ලද සල්මන් ඛාන් දොළොස්වැනි ශ්‍රේණියෙන් පසු රංගනයට පිවිසියා. මුම්බායේ ආර්යා විද්‍යා මන්දීර් පාසලේ දොළොස්වැනි ශ්‍රේණිය දක්වා උගත් අර්ජුන් කපූර්ද එතැනින් පසුව තීරණය කළේ, බොලිවුඩයට පිවිසෙන්නයි. මේ දිනවල බොලිවුඩ් රිදී තිරයේ යොවුන් රහස් පරීක්ෂකයකු වී සිටින රන්බීර් කපූර් මහීම් හි ඕධථඡචර ඉජධබබඪඵඩ ඉජඩධධත හි අධ්‍යාපනයෙන් පසු ආර්ථික විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනයට මුම්බායේ එච්ආර් විද්‍යාලයට ඇතුළත් වූ නමුත් එය ද අතරමඟ නවතා ඔහු රංගනය පිළිබඳ හැදෑරීමට නිව්යෝර්ක් බලා පිටත් වුණා.

බොලිවුඩ් තරු තොරතුරු හොයන අතරේ මේ අය ගැන තවත් විස්තර ටිකක් හමු වුණා. දැන් බොලිවුඩයේ ඉහළින්ම වැජඹෙන කට්ටිය ඒ කාලේ ඉස්කෝලේ ගිය හැටි තමයි. මේ අය අතරින් ඇතැමෙක් අධ්‍යාපනයෙන් ඉහළටම යන අතරේදී තවත් අයෙක් නම් පාසල් ගමන නතර කළේ නළුකම වෙනුවෙන්මයි. රංගනයට පිවිස ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත්තද බොලිවුඩයේ විවිධ විෂයන් සම්බන්ධවඋපාධිහිමි තරු රැසක් සිටිනවා.

විද්‍යා බාලන් කියන්නේ ඒ අතරෙ විශේෂ තරුවක්. ඇය සමාජවිද්‍යාව පිළිබඳ උපාධිධාරිණියක්. ඇය සිය ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේ මුම්බායි විශ්වවිද්‍යාලයෙන්. නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකුද වන ෆර්හාන් අක්තාර් සහ රිතික් රෝෂන් වාණිජ්‍ය විෂයේ උපාධිධරයන්. මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධාරිණියක වන ප්‍රීති සින්ටා සිය විද්‍යාපති උපාධිය ලබා ගත්තේ අපරාධ මනෝවිද්‍යාව සම්බන්ධයෙනුයි. අමීෂා පටෙල් ජාන ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ උපාධිය ලබාගත්තේ බොස්ටන් විශ්වවිද්‍යාලයේදීයි.

බොලිවුඩයේ මෙන්ම කොලිවුඩයේද ජනප්‍රිය තරුවක වන ආර් මාධවන් ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උපාධිධරයෙක්. යොවුන් නළු අයුෂ්මාන් කුරානාට තිබෙන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධියක්. සෝහා අලී ඛාන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරිණියක්. පරිණීති චොප්රාහට ව්‍යාපාර, මූල්‍ය සහ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධි හිමියි. Dabangg චිත්‍රපටයෙන් සිනමාවට පිවිස පසුගිය කාලයේ Akira, Noor වැනි චිත්‍රපට ඔස්සේ සිය දක්ෂතා පෙන්වූ සෝනක්ෂි සිංහාට මෝස්තර නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් හිමියි. ජෝන් ඒබ්‍රහම් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධරයෙක්.

දිල්ලියට ආසන්න රාජේන්ද්‍ර නගර්හි හැදී වැඩුණු කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන් දිල්ලියේ ශාන්ත කොළොම්බියා පාසලේ දීප්තිමත් සිසුවෙක් වගේම හොකී සහ පාපන්දු ක්‍රීඩාවන්හි දස්කම් පෑ අයෙක්. ඔහු ආර්ථික විද්‍යා අංශයෙන් උපාධිය හැදෑරීමට 1985-88 කාලයේ හන්ස්රාජ් විද්‍යාලයට ඇතුළත් වුවත් වේදිකා නාට්‍ය කණ්ඩායමක් සමඟින් කටයුතු කිරීම නිසා එම බලාපොරොත්තුව අතහරින්නට සිදු වුණා. පසුව Community Islamic University හිදී හදාරමින් සිටි ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද අතරමඟ නතර කරන්න සිදු වූයේ, නළුවකු ලෙසින් වෘත්තීය ජීවිතය ආරම්භ කිරීම හේතුවෙන්.

අමීර් ඛාන් මුම්බායේ නාර්සී මොන්ජී විද්‍යාලයෙන් දොළොස් වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබා බොලිවුඩයට පිවිසියා. චිත්‍රපට නිෂ්පාදකවරයකු වූ පියාගේ සිනමා නිර්මාණ ආර්ථික අතින් පාඩු ලැබීම පවුලේ ආර්ථිකයටද බලපෑම් කිරීම නිසා අමීර් තම අධ්‍යාපනයට සමු දුන්නා. අක්ෂේ කුමාර් මුම්බායේ ගුරු නානක් ඛාල්සා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ දහය ශ්‍රේණිය දක්වා පමණයි. එයින් පසු ඔහු තම පාසල් අධ්‍යාපනයට සමු දුන්නේ සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා තායිලන්තයේ බැංග්කොක් කරා පිටත් වීම හේතුවෙන්.

මුම්බායේ ශාන්ත ශේවියර් විද්‍යාලයේ අධ්‍යාපනය ලද සල්මන් ඛාන් දොළොස්වැනි ශ්‍රේණියෙන් පසු රංගනයට පිවිසියා. මුම්බායේ ආර්යා විද්‍යා මන්දීර් පාසලේ දොළොස්වැනි ශ්‍රේණිය දක්වා උගත් අර්ජුන් කපූර්ද එතැනින් පසුව තීරණය කළේ, බොලිවුඩයට පිවිසෙන්නයි. මේ දිනවල බොලිවුඩ් රිදී තිරයේ යොවුන් රහස් පරීක්ෂකයකු වී සිටින රන්බීර් කපූර් මහීම් හි Bombay Scottish School හි අධ්‍යාපනයෙන් පසු ආර්ථික විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනයට මුම්බායේ එච්ආර් විද්‍යාලයට ඇතුළත් වූ නමුත් එය ද අතරමඟ නවතා ඔහු රංගනය පිළිබඳ හැදෑරීමට නිව්යෝර්ක් බලා පිටත් වුණා.

කපූර් පවුලෙන් රංගනයට පිවිසි කරිෂ්මා කපූර් ද රංගනය වෙනුවෙන්ම තම අධ්‍යාපන කටයුතුවලට සමු දුන්නා. 1991 වසරේදී Prem Qaidi චිත්‍රපටයෙන් ඇය සිය ප්‍රථම සිනමා රංගනයට එක් වන විට වයස අවුරුදු දහහත සපිරුණා පමණයි. එතැන් පටන් පාසල් ගමන නවතා දැමූ ඇය කටයුතු කළේ බොලිවුඩ් රංගන ශිල්පිනියක් ලෙසින්. කරිෂ්මාගේ නැගණිය කරීනා පාසල් අධ්‍යාපනයෙන් පසු අමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පරිගණක තාක්ෂණය පිළිබඳ තෙමසක පාඨමාලාවක් හදාරා තිබෙනවා. පසුව ඉන්දීය රාජ්‍ය නීති විද්‍යාලයට ඇතුළත් වුවත් රංගනයට ඇති ලැදියාව නිසාම නීති අධ්‍යාපනයෙන් දුරස් වෙලා.

ජනප්‍රිය නිළි කාජල් ද සිනමා රංගනය වෙනුවෙන් වයස අවුරුදු දහහතේදී සිය අධ්‍යාපනයට සමු දුන්නා. තම දෙමව්පියන්ගේ බලකිරීම මත වෛද්‍ය අංශයේ රැකියාවක් කිරීම වෙනුවෙන් අධ්‍යාපනය ලද කන්ගනා රනවුත් රසායන විද්‍යා විෂය අසමත්වීම හේතුවෙන් එම අරමුණ අතහැර රංගනයට පිවිසියා. ඓෂ්වර්යා රායි බච්චන්ද ආර්යා විද්‍යා මන්දිර් උසස් පාසල සහ ජායි හින්දු විද්‍යාලයන්හි අධ්‍යාපන කටයුතුවලින් පසු ගෘහනිර්මාණ ශිල්පය හැදෑරිමට යොමු වුවත් අධ්‍යාපන කටයුතු වලට සමු දුන්නේ, නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීම සමඟින්.

ඉන්දීය හමුදාවේ වෛද්‍යවරුන් දෙපළකගේ දියණිය වන ප්‍රියංකා චොප්රාහට තම මව්පියන්ගේ රැකියාවන් නිසා ඉන්දියවේ විවිධ ප්‍රදේශ වල පාසල් රැසකට යාමට සිදු වෙලා. වයස අවුරුදු 13දී අමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනයට ගියත් එය සුන්දර පාසල් දිවියක් නම් වෙලා නැහැ. නැවතත් ඉන්දියාවට පැමිණි ඇය අපරාධ මනෝ විද්‍යාව පිළිබඳ උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටියදී මිස් ඉන්දියා කිරුළ දැරීම සමඟින් සිය වෘත්තීය ජිවිතය වෙනස් කළා. සිය මව්පියන්ගේ දික්කසාදය නිසා මව සමඟින් කත්‍රිනා කයිෆ්හට ජපානය, ප්‍රංශය ස්විට්සර්ලන්තය, බෙලිජියම, හවායි, එංගලන්තය ආදි විවිධ රටවල ජීවත්වන්නට සිදු වෙලා. මේ හේතුව නිසාම ඇයට සිදුවුණේ නිවසේ සිට සිය අධ්‍යාපනය කටයුතුවල නිරත වෙන්නයි.

ෆිල්ම්ෆෙයාර් සම්මාන ත්‍රිත්වයකට හිමිකම් කියන දීපිකා පදුකෝන් පාසල් අධ්‍යාපනයෙන් පසුව කලා අංශයෙන් අධ්‍යාපනය ලැබීමට ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණත් වෘත්තීය නිරූපිකාවක ලෙසින් කටයුතු කිරීම ඇරඹීමත් සමඟින් ඇය ද සිය අධ්‍යාපන කටයුතුවලට සමු දුන්නා.